Venom (2018) | දෙදෙනෙකුගේ එක්වීම [ Bluray පිටපත් යාවත්කාලීන කර ඇත ]
කොයි කවුරුත් දන්නා කියන කාරණයක් තමයි, හැම වසරකම තම රසිකයන්ට අඩුවක් නැතුව චිත්‍රපට ලබාදෙන තැනක් තමයි මාවල් සමාගම කියන්නේ. ඉතින් මේ වසරේ මේ වෙද්දී සජීවී-ක්‍රියාදාම කැටගරි එක ආවරණය වෙන විදිහේ චිත්‍රපට හතරක් නිකුත්වෙලා හමාරයි. අන්න ඒ හතරවැනි නොහොත් අන්තිම චිත්‍රපටය එක්ක තමයි අද මං මුණගැහෙන්න ආවේ. හැබැයි ඉතින් තවත් මාවල් චිත්‍රපටයක් දෙසැම්බර්වල නිකුත්වෙන්න තියෙනවා.
මං හිතන්නේ මේ වෙද්දී ස්පයිඩර් මෑන්ව නොදන්න කෙනෙක් නැතුව ඇති. Tobey Maguire චිත්‍රපට ත්‍රිත්වයකුත්, Andrew Garfield යටතේ චිත්‍රපට ද්විත්වයකුත්, Tom Holland යටතේ එක් චිත්‍රපටයකුත් දැක්කනේ. මීට අමතරව ටොම් හෝලන්ඩ්ව නම් MCU එකේ වෙනින් චිත්‍රපට හරහාත් දකින්න ඇති ඔයාලා. කොහොමහරි මෙතෙක් බිහිවූ ස්පයිඩර් මෑන් චිත්‍රපට අතරින් අද අරගෙන ආව චරිතය රිදී තිරය හරහා දකින්න ලැබුනේ එක් වතාවක් විතරයි. ඒ ටොබිගෙ ස්පයිඩර් මෑන් තෙවැනි චිත්‍රපටය හරහා. සමහර අය හරි නමින් දන්නවා ඇති. එහෙම නැත්තම් කළු ස්පයිඩර් මෑන් කිව්වම තවත් අයට මතකයට එනවා ඇති. ඔව් “වෙනම්” ගැන තමයි මේ කියන්න හදන්නේ. චිත්‍රපටය ගැන කියන්න කලින් පොඩ්ඩක් මේ වෙනම් කියන චරිතය ගැන දැනගෙන ඉමු නේද?
කොමික් පසුබිම
කවුද මේ සිම්බියෝට්ලා කියන්නේ?
මේ වෙද්දී සජීවී ක්‍රියාදාම චිත්‍රපට වලින් නම් අපිට වෙනම්ගෙ ඔරිජින් ස්ටෝරිය දෙවිදියටකට දකින්න ලැබුනා. එකක් තමයි Spiderman 3 (2007), Venom (2018)හරහා. ඒත් කොමික්වල වෙනම්ට හුගාක් ඔරිජින් ස්ටෝරි වෙනස් ක්‍රම හරහා දකින්න ලැබෙනවා. සිම්බියෝට් කියන්නේ ස්ක්‍රල්, මැක්ලවුන්ස්, ක්නල්, සැන්ඩේරියන්ස් කියන පිටසක්වල ජීව කොට්ටාශයන් ඉන්න ඇන්ඩ්‍රෝමේඩා නම් මන්දාකිණියෙ තුන්වෙනි තැන ගත්ත තවත් එක් පිටසක්වල පරපෝෂී සත්ව කොට්ටාශයක්. මේ අයට සිම්බියෝට් කියලා හදුන්වන්නේ ඒක විද්‍යාත්මක නාමයක් විදිහට හදුවන්න ගත්ත නිසයි. නමුත් මේ අයගේ සැබෑ නාමය වෙන්නේ ක්ලින්ටාර් කියලා. මොකද මේ අයගේ මව් ග්‍රහලෝකයේ නම වෙන්නෙත් ක්ලින්ටාර්මයි. නිශ්චිතවම හරි හැටි හැඩයක් නැති විරූපී කොට්ටාශයක් කිව්වොත් නිවැරදියි. මේ අය හොදද, නරකද කියලා හරියටම කියන්න පුලුවන් ඒ ඒ ක්ලින්ටාර්(සිම්බියෝට්)ලගේ අරමුණ අනුවයි. මේ අතරින් වෙනම්වත් සිම්බියෝට් කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන්. ක්ලින්ටාර්වල නම් මේ අය හුගක් සහජීවී වගේම හුගක් කාරුණික කොට්ටාශයක්. නොනැසී ජීවත් වෙන්න නම් සුදුසු ධාරකයෙක්ව ඕන. හොද සිම්බයෝසිස් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න නම් ඒ කෙනා ලග සිම්බියෝට්යට ගැලපෙන කායික වගේම මානසික සුදුසුකම් තියෙන්න ඕන. එහෙම නැති වුනොත් සිම්බයෝසිස් නිසා ධාරකයා වගේම ක්ලින්ටාර් ජීවීයත් දූෂිත වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩියි.
අනික හරි සිම්බියෝට් කෙනෙක් ධාරකයෙක් එක්ක සම්බන්ධ වෙද්දී කායිකව වගේම මානසිකවත් සුදුසුකම් තියෙන්න ඕන කියලා කිව්වානෙ. මේ ක්‍රියාවලිය කිහිප ආකාරයකින්ම වෙන්න පුලුවන්.
- සිම්බියෝට් කෙනෙක් එක්ක සම්බන්ධ වන ධාරකයා සිම්බියෝට්එක්ක ගැලපුනේ නැත්තම්, ඒ කිව්වේ හරියන සුදුසුකම් තිබුනේ නැත්තම් සිම්බියෝට් හුගක් වෙලාවට කරන්නේ කායිකව වගේම මානසිකව විනාශ කරන එක.
- සිම්බියෝට් එක්ක සම්බන්ධ වෙන ධාරකයා ශුද්ධ ලේ රේඛාවකින් පැමිණෙන කෙනෙක් නම්, මොලයක තියෙන රසායනිකයන් හරි විදිහට සමබර වුනොත් බලාපොරොත්තු වෙන විදිහේ හොද සිම්බයෝසිස් ජීවීයෙක් බිහි කරගන්න හැකියාව තියෙනවා.
- දෙවැනි කාරණේ සදහන් කරපු විදිහේ කාරණා දෙක සමාන නොවී සිම්බියෝට්ට හැකියාව ලැබුනොත් ධාරකයව ලබාගෙන හොද සිම්බයෝසිස් කෙනෙක් නිර්මාණය කරන්න, එතකොට වෙන්නේ තනිකරම සැහැසි සිම්බියෝට් කෙනෙක්ව නිර්මාණය වෙන එක විතරයි. ඒ කිව්වේ සිම්බියෝට්ට පුලුවන් තමන්ගේ ධාරකයා ලවා තමන් හිතන පතන හැමදේම කරවගන්න. ධාරකයා වෙන කෙනා එතකොට නිකන් සිම්බියෝට්ගෙ වහල්ලෙක් වුණා හා සමානයි.
එදාමෙදා කාලය අතරතුර ඔය වගේ සිද්දි ඕන තරම් වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ හේතු හන්දම තමයි කොමික් විශ්වයේ අය වගේම කොමික් ප්‍රේක්සකයන් හුග දෙනෙක් ඔය සිම්බියෝට්ව දරුණුම ජීවී කොට්ටාශයක් විදිහට දකින්නේ.
කවුද එතකොට මේ වෙනම් කියන්නේ?
විටෙක වීරයෙක්, තවත් විටෙක දුෂ්ටයෙක් වගේම තවත් විටෙක ප්‍රති-වීරයෙක් (ඇන්ටි-හීරෝ) කෙනෙක්. වෙනම් ගැන කලින් එයා පොඩ්ඩක් ඔයාලා මෙතෙක් දැකපු කෙනා ගැන මතක් කරන්නම්. SpiderMan 3 (2007) හරහා දකින්න ලැබුණු පෙළක් දෙනා තවමත් කියන “කළු ස්පයිඩර්මෑන්ට” තමයි වෙනම් කියන්නේ. එතනදී එයා මුලින්ම ධාරකයා කරගන්නේ පීටර් පාකර්ටයි (ස්පයිඩර් මෑන්ට) එතනදී නම් අසීමිත හැකියාවන් ලැබෙන ස්පයිඩර්මෑන්ට හොදක් දැනෙන්න ගත්තට පහු වෙනකොට එයා කෙනාව අත්හරින්න තීරණය කලා. මොකද පීටර්ට කාලයක් යද්දී බ්ලැක් සූට් එක පාලනය කරගන්න බැරි වුන නිසා වගේම එයාට නිතර ඇතිවුන ඉක්මන් තරහව නිසා. පස්සෙ ඕක ලැබුනේ එඩි බ්රෝක්ටනෙ. එයාට ලැබුනට පස්සෙ තනිකරම දුෂ්ටයෙක් විදිහට තමයි ක්‍රියා කලේ. දැන් අදහසක් ඇතිනේ.
ඔව්, වෙනම් අනික් සිම්බියෝට්ලට වඩා හුගක් වෙනස්ම ජීවීයෙක්. තමන් සම්බන්ධ වෙන කෙනාගෙ අරමුණු වගේම තමන්ගේ අරමුණුත් ඉටු කරන්න දෙදෙනා අතරම අන්‍යෝන්‍ය බැදීමක් ඇති කරගන්න හැකියාව තියෙන කෙනෙක්. වැරදි අදහසක් නම් අරගන්න එපා. ඒකෙන් කිව්වේ අනික් හැම සිම්බියෝට් කෙනෙක්ම තමන්ගේ ධාරකයාව පාලනය කරන්න හදද්දී වෙනම් එහෙම කලේ නැහැ. තමන්ගේ ධාරකයාගෙ මනස එක්ක සම්බන්ධ වුනාම නිතරම ඒ කෙනාව තේරුම් ගන්න උත්සහ කලා. දෙන්නා අතරේ සමගියක් ඇති කරන් ඉන්න පුලුවන් කෙනෙක් තමයි වෙනම් කියන්නේ. මේ හන්දම අනික් සිම්බියෝට්ලා වෙනම්ට කැමති වුනේ නැහැ. එයාව පහත් ජීවීයෙක් ගානට දාලා සැලකුවේ. අනික් අය එක්ක බලද්දී ඒ හැටි බලයක් වෙනම්ට නැහැ. කෙටියෙන් කියනවනම් අනික් සිම්බියෝට්ලා අතරේ වෙනම් හරියට නිකමෙක් වගේ.
තමන්ගේම ජීව කොට්ටාශය “වෙනම්” සිම්බියෝට්ව පිටුවහල් කරපු වෙලාවක මෙයාව හොයාගන්නේ ක්‍රි ගවේශකයක්. එයා තේරුම් ගන්නවා වෙනම් කියන්නේ අනික් අයට හුගක් වෙනස් කෙනෙක් නිසා පිටුවහල් කරපු කෙනෙක් නිසා. තව දුරටත් මේ ජීවීයා ගැන අධ්‍යනය කරන්න අරන් ගිහින් කාලයක් ගත වෙලා වෙනම් අන්තිමේදී ටෙල්-කාර් කියන සොල්දාදුවා එක්ක සම්බන්ද වෙනවා. ඉතින් ටෙල්-කාර් සොල්දාදුවාව ක්‍රි ස්ක්‍රල් යුද්ධයට කලින් මේ දෙන්නා හුගක් පුහුණුවීම් වෙලා ඔත්තුකරුවෙක් වගේම ඝාතකයෙක් හැටියටත් කටයුතු කරනවා. වතාවක් ටෙල්-කාර් ක්‍රි සරණාගතයින් බේරගන්න ගිය වෙලාවක, ටෙල්-කාර් වගේම සිම්බියෝට් වෙන් වෙනවා. තමන්ගේ ධාරකයා ගැන තියෙන මතකේ නැති වී යාමත් එක්කම වෙනම් ඒ ග්‍රහලෝකේ අතරමං වෙනවා. 😢 ඊටපස්සේ වෙනම්ව අහු වෙන්නේ පිටසක්වල දේශයක ඉන්න හුගාක් ක්‍රැර කෙනෙක්ට.

වෙනම් විශ්වාස කරන්න ගන්නවා ඒ කෙනා හුගක් හොද මහත්මා ගතිගුණ තියෙන කෙනෙක් කියලා. ඒත් ඒ කෙනා කලේ වෙනම්ව පාවිච්චි කරලා එයාව කෙලින්ම අරන් ගියෙ එයාගෙම මව් ලෝකය එයා ලවාම ජනඝාතනය සිද්ද කරන අරමුණින්. ඒත් එක්තරා මොහොතකදී වෙනම්ව හේස් මෑන්සර් කියන පිටසක්වල ආයුධ වෙළෙන්දාට අහුවෙනවා. වෙනම්ගෙ මේ ක්‍රියාකලාපයන් නිසාම එයාගෙම ක්ලින්ටාර්(සිම්බියෝට්)ලා එයාව බැට්ල්වර්ල්ඩ්වල වෙනම්ව හිර කරනවා එයාලගේ වරයාව වෙනම්ව තව දුරටත් අපවිත්‍ර කරයි කියලා තියෙන බයට. බැට්ල්වර්ල්ඩ් ගැන වැඩිය හිතන්නේ එපා. ඒක කියන්න ගියොත් මේ කතාව වෙනින් දිහාවකට යනවා. දැනට මෙහෙම විතරක් හිතන්න. බැට්ල්වර්ල්ඩ් කියන්නේ බියෝන්ඩර්ස් කියන පිටසක්වල ජීවින්ගෙ බලය ඩොක්ටර් ඩූූූම් හොරකම් කරලා ලෝකයන් කිහිපයක් එකට එක්කාසු කරලා ගොඩනගපු ලෝකේ තමයි බැට්ල්වර්ල්ඩ් කියන්නේ. ලිපියෙ ඉතිරියත් කියවන්න කැමති නම් මෙතනින් ගිහින් කියවන්න>>>
චිත්‍රපටයේ පසුබිම
Venom: Lethal Protector
මං මේ ලිපියේ මුලින්ම අමුනපු කොමික් ලිපිය කියවලා, චිත්‍රපට බැලුවට පස්සෙ හිතෙයි මොකක්ද මේ හදලා තියෙන්නේ කියලා. ඔව් කොමික් වලින් සෑහෙන වෙනසක් කරලා තමයි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. එහෙමයි කියලා කොමික් වලින් උපුටා ගන්න මේ අය අමතක කරලා නැහැ. David Michelinie වගේම Mark Bagley, Ron Lim වගේම Sam DeLarosa යන එක්කාසු වීමක් වෙලා 1993 පෙබරාවාරි කාලයේ සිට ජූලි දක්වා මුද්‍රණ අටක් යටතේ ප්රකාශනය වුනු Venom: Lethal Protector චිත්‍ර කතාව තමයි Venom (2018) චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. මේ කාලේ තමයි වෙනම් එඩි බ්රෝක් එක්ක සම්බන්ධ වෙලා හිටිය කාලේ දුෂ්ටයකු කියන චරිතයෙන් මිදිලා ඇන්ටි-හීරෝ කෙනෙක් එහෙම නැත්තම් ප්‍රති-වීරයකු බවට පත් වෙන්නේ. මේකට එක් හේතුවක් වෙන්නේ ස්පයිඩි එක්ක වෙනම් එකගතාවයකට එනවා කිසිම අපරාධයක් කරන්නේ නැහැ කියලා. මේ නිසාම තමයි නිව් යෝ(ර්)ක්වල ජීවත් වුනු එඩි වෙනම්වත් අරගෙන සැන්ෆ්රැන්සිස්කෝ වලට යන්නේ. එහෙට ගියාම එයාට සිද්දවෙනවා ස්ක්‍රීම්, ෆේජ්, රයට්, ලෑෂර් වගේම ඇගනී එක්ක සටන් කරලා සැන්ෆ්රැන්සිස්කෝ නගරේ බේරගන්න කතාව තමයි මේ චිත්‍රකතාව පුරාවට ගලාගෙන යන්නේ.
Planet of the Symbiotes
1995 ජුනි සිට ඔක්තෝම්බර් කාලය දක්වා මුද්‍රණ පහකින් සමන්විතව නිකුත් වූ මේ චිත්රකතාපෙල නිර්මාණය වෙන්නේ David Michelinie විසින්. විම්බියෝට් හමුදාවක් ඇවිල්ලා පෘතුවිය ආක්‍රමණය කරන්න හදද්දී වෙනම්, ස්පයිඩර් මෑන් වගේම ස්කාලට් ස්පයිඩර් එකතු වෙලා මේ අයගේ ආක්‍රමණය නවත්තන්න හදපු කතාව තමයි මේ චිත්‍රකතාව පුරාවට ගලාගෙන යන්නේ.
ඉතින් ඔන්න ඔය Venom: Lethal Protector වගේම Planet of the Symbiotes කියන චිත්‍රකතා දෙකේම පුංචි අනුසාරයකින් ඇහුව තමයි Venom (2018) චිත්‍රපටයේ වෙනම් එඩි බ්රෝක් හා එකතු වී අනික් සිම්බියෝට්ලාගෙන් නගරේ වගේම වෙන්න ගිය ලොකු ආක්‍රමණයක් වලක්වපු විදිහ තමයි චිත්‍රපටය හරහා පෙන්නුම් කරන්න හදලා තියෙන්නේ.
මතක විදිහට නම් සෝනි සමාගම 2016 මාර්තු 5’වැනිදා තමයි වෙනම් චිත්‍රපටයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නිල වශයෙන්ම ප්‍රේක්ෂකයන් හට දැනුම් දීමක් කලේ. ඒවීඅයි ආඩ් ප්‍රඩක්ෂන්, කොලොම්බියා පික්චර්ස් වගේම මාවල් එන්ටර්ටේන්මන්ට් සමාගමේ එකතුවෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඒ අනුව “එඩි බ්රෝක්” ප්‍රධාන චරිතය සදහා The Dark Knight Rises (2012),Mad Max: Fury Road (2015) වගේ අති දැවැන්ත චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ“Tom Hardy” තමයි මේ චිත්‍රපටයේත් දායක වෙලා තියෙන්නේ. හාඩි කිව්වම ඉතින් කියන්න ඕන නැහැනෙ මොන තරම් සුපිරි නළුවෙක්ද කියලා?
- කොච්චර සුපිරිද කියනවනම් චිත්‍රපටයේ එඩි බ්රෝක් හා සම්බන්ධ වෙන වෙනම්ඩට දායකත්වය සදහාද ඉදිරිපත් වෙලා තියෙන්නේ හාඩිම තමයි. ඒ විදිහට චරිත දෙකක් එක්ක, හඩවල් දෙකකුත් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නම් නෙවෙයි.
- කොච්චර සුපිරිද කියනවනම් චිත්‍රපටයේ එඩි බ්රෝක් හා සම්බන්ධ වෙන වෙනම්ඩට දායකත්වය සදහාද ඉදිරිපත් වෙලා තියෙන්නේ හාඩිම තමයි. විශේෂයෙන්ම ටොම් හාඩිට වෙනම් චිත්‍රපටයේ දායක වෙන්න අවස්ථාව ලැබුනම එයා මේ චරිතේ තෝරාගන්න ලොකුම සාධකය වෙලා තියෙන්නේ එයාගේ පුතා. හාඩි කියන විදිහට එයාගෙ පුතා අතිශය වෙනම් චරිතයට ආදරය කරන කෙනෙක්. චිත්‍රපටයේ චරිතය ලැබුනට පස්සෙත් හාඩි නොදන්න හුගක් දේවල් වලට එයාගෙ පුතාගෙන් සහය ලැබුණු බව සැන් ඩියෙගෝ කොමික් කොන් ඔහු වරක් සදහන් කලා.
මීට අමතරව “ඈන් වෙයින්ග්” චරිතය සදහා Michelle Williams නිලියද,“කාල්ටන් ඩ්‍රේක්” නම් චරිතය සදහා Riz Ahmed නම් නළුවා දායක වෙලා තියෙනවා. මීට අමතරව මේ චිත්‍රපටය පුරාවටම දකින්න ලැබෙන සෙසු චරිත සදහාScott Haze, Reid Scott, Jenny Slate, Melora Walters, Woody Harrelson වගේ තවත් බොහොමයක් නළු/නිලි කොට්ටාශයක් මේ සදහා තමන්ගේ සේවය ඉටු කරලා තියෙනවා.
ඔයාලා දන්නවද දන්නේ නැහැ වෙනම් චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින්ම ලොව පුරා හිටිය ප්‍රේක්ෂකයින් සෝනි සමාගමට දොස් කියන්න ගත්තා ස්පයිඩි නැති, කොටින්ම ස්පයිඩිගෙ ලොගෝ එකවත් පපුවේ හෝ පිටේවත් නැති වෙනම් කෙනෙක් ගෙන්නලා මොන විකාරයක්ද කරන්න හදන්නේ කියලා. මං හිතන්නේ ඒ විදිහට අනංමනං කියපු බොහෝ දෙනෙක්ගෙ දැන් කටවල් වැහෙන තැනට මේ චිත්‍රපටය නැරඹු ආදරණිය ප්‍රේක්ෂකයන් ඔප්පු කරලා හමාරයි. ඒ මොකද කියනවනම්,ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වගේ පුංචි මුදලක් යොදලා නිර්මාණය කරපු වෙනම් චිත්‍රපටය 2018 ඔක්තෝම්බර් 4″වැනිදා පෘතුගාලයේ තිරගත වීම ආරම්භ කරලා පළමු සතිඅන්තය තුල ඇමරිකානු ඩොලර් 80+ ගණනක් හොයාගෙන මේ වෙද්දී Justice League (2017) වගේම Guardians of the Galaxy (2014) චිත්‍රපටයටවත් උඩට එන්න නොදී තමන්ගේ තැන රැකගෙන හිටිය Star Wars (1977) චිත්‍රපටයේද ආදායම් වාර්තා කඩමින් අද දිනට (2018 නොවැම්බර් 11) ඇමරිකානු ඩොලර් මිලියන 780 ක බොක්ස් ඔෆිස් අගයක් ලබා ගනිමින්,
- එදාමෙදා තුල වැඩිම ආදායමක් ලැබූ හොදම චිත්‍රපට 100 අතරේ 84 වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. වෙනම් චිත්‍රපටයට උඩින් තියෙන Deadpool (2016), Spider-Man (2004) චිත්‍රපට වලත් ආදායම් වාර්තා වෙනම් චිත්‍රපටය තුලින් කඩා දමන්න හැකියාව ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
- එදාමෙදා තුල ලොව පුරාම තිරගත වූ සුපර් හීරෝ චිත්‍රපට දර්ශකය තුල 26’වැනි තැන ලබාගන්න වෙනම් චිත්‍රපටය හිමි කරගෙන තියෙනවා. තවමත් තිරගත වීම වෙන නිසා මේ ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.
- චීනයේ මෙතෙක් වැඩිම ඉපැයීමක් කල සුපර්හීරෝ චිත්‍රපට අතරේ තෙවන තැන ලබාගන්න Venom (2018) චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. මුල් තැන හා දෙවැනි තැන පිළිවෙලින් තාමත් රැකගෙන ඉන්නේ Avengers: Age of Ultron (2015)හා Avengers: Infinity War (2018) චිත්‍රපට දෙකයි.
Zombieland (2009), Gangster Squad (2013) වගේ චිත්‍රපට තුලින් ජනපි්රයතත්වයට පත් වූ Ruben Fleischer තමයි මෙහි අධක්ෂක කටයුතු කරන්නේ. Jumanji: Welcome to the Jungle (2017) චිත්‍රපටය ඇතුළු තවත් ජනප්‍රිය චිත්‍රපටවල තිර රචකයන් විදිහට කටයුතු කල Jeff Pinkner හා Scott Rosenberg දෙදෙනා තමයි වෙනම් චිත්‍රපටයේ ප්‍රධාන තිර රචකයන් වෙන්නේ. ඊළගට චිත්‍රපටය තව තවත් අලංකාර කරන පසුබිම් සංගීත කටයුතු සදහා දායක වෙලා තියෙන්නේ Black Panther (2018) චිත්‍රපටයේ පසුබිම් සංගීත යෙදු Ludwig Göransson වෙනම් චිත්‍රපටයෙ කටයුතු සදහාද දායක වෙලා තියෙනවා. සංගීතය ගැන කතා කරද්දී තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඕනෑම චිත්‍රපටයක් වෙනුවෙන් ලස්සන ගීත ටිකක් එක්කාසු කිරීම චිත්‍රපටයට ලොකු දායකත්වයක් ලබාදෙනවා. ඉතින් වෙනම් චිත්‍රපටය වෙනුවෙන් ප්‍රධාන ගීතය නිර්මාණය වෙන්නේ ලෝක ප්‍රසිද්ධ රැප් සංගීත වේදියෙකු, ගීත රචකයකු වන එමිනෙම්ය. එයාගෙ අතින් නිර්මාණය වුනු “Venom”ගීතය මේ චිත්‍රපටය සදහා ලොකු දායකත්වයක් ලබා දෙමින් මේ වන විට මිලියන153+ අධික සංඛයාවක් ගීතය යූටියුබ් තුල නැරඹීමට තරම් ලොකු පෙළඹීමක් වුණා.

ප්‍රේක්ෂක මනාප 123,219 යටතේ මේ වෙද්දී චිත්‍රපටය 7.0/10ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. අවසාන වශයෙන් පසුගිය දිනෙක දැනගන්නට ලැබුණු ඇමරිකානු කොමික් පොත් රචකයකු, සංස්කාරකවරයෙක් වශයෙන් වගේම චිත්‍රපටතුල කැමියො රජෙකු ලෙස ජනප්‍රියතාවයට පත් වූ ස්ටෑන් ලී මහතා පසුගිය නොවැම්බර් 12 මිය යනවා. මේ වසරේ නිකුත් වූ මාවල් චිත්‍රපටවල අවසන් කැමියෝ දර්ශනය වෙනම් චිත්‍රපටයට ලබාදෙමින් තමයි ඔහු මිය යන්නේ. අවසන් කැමියෝ දර්ශනය ලබන වසරේදී නිකුත් වීමට නියමිත ඇවෙන්ජර්ස් චිත්‍රපටය හරහා දැකගන්න ලැබේවි.
මේ චිත්‍රපටයට මීට වඩා ආදායමක් ලබාගන්න තිබුණා වෙනම්ගෙ හතුරන්ගෙ ලැයිස්තුවෙ ඉන්න ස්පයිඩර් මෑන් මේකට සම්බන්ධ වුණා නම්. මොකද වෙනම්ගෙ සූට් එක ඇදපු මුල්ම සුපර්හීරෝ වෙන්නේ ස්පයිඩි. එයා නැති නිසාම තමයි කොමික් වලින් සෑහෙන වෙනසක් කරලා වෙනම් චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. අනික් හේතුව තමයි සැහැසි බව හැම අගලක් ගානෙම සටහන් වෙලා තියෙන වෙනම්ව ප්රේක්ෂකයන්ගෙ බලාපොරොත්තු කඩකරමින් R-Rated චිත්‍රපටයක් වෙනුවට පොඩි ළමයෙක්ට වුනත් නරඹන්න පුලුවන් මට්ටමේ PG-13 චිත්‍රපටයක් තමයි ලැබුනේ. පැතිරිලා තියෙන ආරංචි වලට අනුව නම් PG-13 යන්න හේතුව වෙලා තියෙන්නේ වෙනම්වයි ස්පයිඩර් මෑන්වයි මුහුණට මුහුණ ගෙන්නන්න හදන නිසාලු. හැබැයි හරියටම කියන්න නම් දන්නේ නැහැ. කොහොම වුනත් පසුගිය සැප්තැම්බර්වල පැවැත්වූ සැන් ඩියෙගෝ කොමික් කොන් සමුළුවේදි වෙනම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙච්චි Ruben Fleischer ප්‍රේක්ෂකයෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කිව්වේ එයාලට වෙනම්වයි ස්පයිඩර් මෑන්වයි මුහුණට මුහුණ ගෙන්නන්න ඕනකම තිබුනත් ස්ටුඩියෝ අතර පවතින නොගැලපෙන අදහස් මේ වැඩේට බාධාවක් වෙලා තියෙනවා කියලයි.

හැබැයි ඉතින් ටොම් හාඩි වගේ සුපිරි නළුවෙක් ටොම් හෝලන්ඩ් වගේ පොඩි එකෙක් එක්ක හැප්පිලා, එයාගෙ අතින්ම පරාද වෙනවා දකිනවට වඩා MCU එකටවත්, ස්පයිඩි එක්කවත් සම්බන්ධ වීමක් වෙන්නේ නැතුව වෙනම කරන් යන මේ වැඩේ වටිනවා 😅 මගෙ අදහස නම් මේකයි ඇන්ඩ්රෙව් ගා(ර්)ෆීල්ඩ් හරහා රිදී තිරයට පැමිණි The Amazing Spider-Man චිත්‍රපට එකතුවට තව එකම එක චිත්‍රපටයක් එකතු කරලා එකේදී වෙනම්ව ගෙන්නලා ස්පයිඩිගෙන් වෙනම්ව අයින් වෙන විදිහට ඒ ටික කලා නම් අද මේ වෙද්දී දකින වෙනම්ව අපිට සුදු පාට ලොගෝ එක තියෙන, අසීමිත විදිහට මකුළු දැල් විදින්න පුලුවන් වෙනම් කෙනෙක්ව දැකගන්න තිබුණා. බලමුකෝ ඉස්සරහට වෙනම්ගෙ අනාගතේ මොන වගේ වේවිද කියලා. මොකද මේ චිත්‍රපටයේ අවසානයේ පසු දර්ශන වලින් මිලග වෙනම් චිත්‍රපටයේ දකින්න ලැබෙන චරිතයක ඉගියක් දීගෙන තමයි අවසන් වෙන්නේ. ඒ කොහොම වෙතත් ටොම් හාඩි මේ වෙද්දී වෙනම් චිත්‍රපට තුනක දායකත්වය සදහා අත්සන් තබා හමාරයි. දෙවැනි චිත්‍රපටය 2020 වසරේදී නිකුත් වීමට නියමිතයි.
දැන් ඉතින් මේ කියෙව්වා මදැයි නේද?! මේ සිනමාපටයත් නරඹන්න ආරාධනා කරමින් මම එහෙනම් මෙතනින් නවතිනවා. ගිහින් එන්නම්. ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| Bluray | x264 | 720p | 950MB |
Direct Download
| Bluray | x264 | 480p | 380MB |
| Bluray | x264 | 720p | 780MB |
| Bluray | x264 | 720p | 940MB | YTS |
| Bluray | x264 | 1080p | 1.8GB | YTS |
| Bluray | x264 | 1080p | 1.5GB |
| Bluray | x265 | 1080p | 940MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
aiyo sub eka pahuwelane yanne
mun patta mahansiyak venava ban mevvata…. tanks baiscope
Machan meke thena web copy wadada aulak nathuwa?
එලියට ආපු දවසෙ ඉඳල බලාගෙන හිටියා . බොහොම ස්තූතියි වෙච්ච මහන්සියට.
Imdb වල තියෙන්නේ film එක 2h 20m කියල.ඒත් මේක 1h 42m නෙ.හොද copyක් ආවහම update එකක් දෙන්ඩ.sub එකට ස්තූතියි.
2.20k ne yakooo…
112 minits tiyenne…e kiyanne. 1.52 minits
මෙකේ කොටස් අඩුයිනේ. Venam film එකේ එයාලා දලා තියෙනවා. පැය 2 යි මිනිත්තු 20ක් තියෙනවා කියලා. මේ කොපියේ තියෙන්නේ පැය 1යි මිනිත්තු 42යි නේ. Please කොපිය වෙනස් කරන්න.
උපසිරස හදපු කෙනාට බොහොම ස්තුතියි
ෆිල්ම් ෆිල්ම් එකේ විඩියො කොපියත් මරැ කරන්න
මේකෙ දැන් දාල තීනව blurey එක ඒකෙත් එහෙමනෙ බන් තීන්නෙ
monada yako okkoma copy…. sub aka wedath na ekko sub aka weda krana copy aka vithrak dapalla…. rate thiyena okkma tika obala genalla…
340mb copy එක subtitles වෙලාවට ගැලපෙන්නේ නෑ.මැදින් commercial advertisement 2ක් යනවා.
480p Eka Ptta Aul Madin Add yanawath ekka sub eka aul ynw ethakota 😓
ගැලපෙන සබ් එක http://www.baiscopelk.com/ තියෙනවා අරගන්න පුළුවන්.
Mone reddakde yako me dila thiyane diret downlod link aka. Melo rahak nane. Film aka copy yak. A madiwata film aka deparak advertisement yanewa. Sub aka galapen na. Sub aka kalin yanewa. Ahama wanne ara advertisement deka nisa. Ubala maha lokuwata kiyane sub akata galapenama video pitapatha baiscope download aken ganne kiyala. A unath meloma rahak na.. puluwan nam hari gasapan meka.
ගැලපෙන සබ් එක http://www.baiscopelk.com/ තියෙනවා අරගන්න පුළුවන්.
Ohoma baninnna epa yko
Mun krna mahansiyat garu krpn
Hama kenktma waradinna pulwn Neda sahodaraya.😠😠😠
imdb wala thiyenne film eka 1h 52m kiyala.yts yify copy ekath 1h 52m,yts yify copy ekata update ekak denda
yts eke thiyena copyeka godak hodai
Copy ake nam awulak thiyenawa thama moko original ake kiyala thiyenne 2h 20min kiyala Dan avilla thiyena hama copy akakma 1h 42min.aka mayalage waraddak nawayi ne.banina unta pissu. pisso kalabala unata Doctor kalabala wanne nahe ne. UPASIRASIYATA BOHOMA ISTHUTHI.
Thanks ela hoda copy ekak danna.ethakota balamu
Thanks baiscope
Thank you……………………….
Meke film eka aduida? Meka 2.20 thenawa kiyala imdb wala thenawa.mewage thenne 1.42 ine lpz dannawanam kiyanna.
Thanx mchn………….
machan x265 720p copiyak dapnko
ඔහොම කියවන්න එපා. අඩුගානේ මේගොල්ලො සබ් එක දුන්න නෙ. මෙන්න හරියන link එකක් https://openload.co/f/rhhZZzp9vA0#
උඩ link එක වැරදි මේක හරි එක https://openload.co/f/OjryRB_ZRC8