The Predator (2018) | විලෝපීය දඩයක්කරුවන් යළිත්…. [BluRay පිටපත් යාවත්කාලීන කර ඇත]

Predator කිව්වම මං හිතන්නේ නොදන්න කෙනෙක් නෑ. මොකද මේක කාටවත් අලුත් කතාවක් නොවන නිසා. මොකද මීට කලින් Predator සිනමාපට කීපයක්ම වාගේ ඇවිල්ලා තියෙනවා. ඒ

Predator (1987)
Predator 2 (1990)
Alien Vs Predator (2004)
Aliens Vs Predator (2007)
Predators (2010)

යන සිනමාපටයි.ඉතින් Predator සිනමාපට මාලාවේ දිගුවක් ලෙසින් 2018 වර්ෂයේ නිකුත් වෙන The Predator සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 5.8ක අගයක් ලබාගෙන තිබෙනවා. එසේම ආදායම් අතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 159.7ක් උපයාගෙන ඇති බව සදහන්.

ක්වින් මැකෙනා කියන්නේ හමුදා කැප්ටන්වරයෙක්. ඔහු මෙක්සිකෝවේ මෙහෙයුමක නිරතවෙමින් සිටියදි යම් සිදුවීමකට මුහුණ දෙනවා. එනම් කඩාගෙන වැටෙන යානයක සිටි ප්‍රෙඩේටර් කෙනෙක් ඔහුගේ කණ්ඩායම නසා දමනවා. කෙසේ හෝ මේ ප්‍රෙඩේටරයාගෙන් බේරී පැනගන්නා මැකෙනා පලා යන්නේ නිකන්ම නෙවෙයි ප්‍රෙඩේටර්ගෙ හිස්වැස්මක් සහ අත්වැස්මක්ද අතැතිවයි. පසුව ඔහු එය තමන්ගේ නිවෙස වෙත තැපැල් කර හරිනවා. ගෙදරදී මැකෙනාගෙ කුඩා පුත්‍රයා එම අත්වැස්මේ වූ යම්කිසි සංඥාවක් ක්‍රියාත්මක කරනු ලබනවා. එහෙයින් ඔහුව ප්‍රෙඩේටර්වරුන්ගෙ ඉලක්කයක් බවට පත්වෙනවා.

මැකෙනාව හමුදාව විසින් ප්‍රශ්න කොට සිරගත කරනවා. කෙසේ නමුත් ඔහුව බසයකින් රැගෙන යන අතරමගදී ඔහු බසයේ සිටින අනිකුත් වැරදිකරුවන් සමග එක් වී හමුදා ග්‍රහණයෙන් මිදී පලා එනවා. එසේම මෙක්සිකෝවේදි මැකෙනාගේ හමුදා කණ්ඩායම නසා දැමූ ප්‍රෙඩේටර්ද ඔහුව සිර කර සිටි ස්ථානයෙන් පැනගැනීමට සමත් වෙනවා.මේ ප්‍රෙඩේටරයාගෙ විශේෂත්වයක් තිබෙනවා. එනම් මොහු වෙනත් ජීවින්ගේ DNA යොදාගෙන වැඩිදියුණු වූ අයෙක්. එයින් පසුව ඔහුගේ ඉලක්කය වන්නෙ මැකෙනාගේ කුඩා පුතා වන රෝරියි. ඉතින් අපිට සිනමාපටය පුරාවටම දැකගන්න ලැබෙනවා ප්‍රෙඩේටරයාගෙන් තම පුතාව බේරාගැනීමට මැකෙනා ඇතුළු ඔහුගේ මිත්‍රයන් ගන්නා උත්සාහය.

එසේනම් ක්‍රියාදාමවලින් සපිරි මේ සිනමාපටය නරඹන්නයැයි ඔබ සැමට ආරාධනා කරමින් මා සමුගන්නවා. ඒ වගේම අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා ඔන්න.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | EVO | 1.3GB |

Direct Download

|  BluRay | x264 | 480p | 400MB |

    

| BluRay | x264 | 720p | 850MB |

    

| BluRay | x264 | EVO | 1.3GB |

     

BluRay | x265 | 720p | 580MB | HEVC |

     

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “The Predator (2018) | විලෝපීය දඩයක්කරුවන් යළිත්…. [BluRay පිටපත් යාවත්කාලීන කර ඇත]

  • November 11, 2018 at 10:19 pm
    Permalink

    “how to get girls” movie ekath danna…..

    Reply
  • November 11, 2018 at 10:50 pm
    Permalink

    Tnx aaaaaaa enakan maga balan hitiye…

    Reply
  • November 12, 2018 at 7:27 am
    Permalink

    සුපිරි ෆිල්ම් එක. සබ් එකට තැන්ක්ස්

    Reply
  • November 12, 2018 at 1:11 pm
    Permalink

    niyama film ekak bro.

    Reply
  • November 24, 2018 at 9:15 pm
    Permalink

    webrip ekata naddoooo?????

    Reply
  • November 30, 2018 at 8:31 pm
    Permalink

    thanks …………………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!