Enga Amma Rani (2017) | අම්මෙකුගෙ ආදරේ !

ඔන්න ඉතින් යාලුවනේ පරක්කු නොකරම වෙලාව තියෙන විදියට මම ආයෙත් දෙමල ෆිලුමකට අත ගැහැව්වා මගේ 19 වෙනි උපසිරැසි නිර්මාණය විදියට.ඇත්තෙන්ම කියනව නම් අම්මෙක් තම දරුවන්ට තියෙන ආදරේ කොච්චරද කියල පෙන්වන තවත් උදාහරණයක්. IMDB දර්ශකය 6.2 වෙන Actionගණයට අයත් වන 2017 මැයි මස 05 වන දින තිරගත වීම ආරම්භ කරන ලදි.නිවුන් දරුවන් දෙදෙනෙකුගෙ අම්මා ලෙස “තුලසි” “සායි දන්ශිකා” චරිතවත් කරනවා. Kaala Koothu (2018),Kaathadi (2018)Vizhithiru(2017)Solo (2017)Uru (2017) යන මෑතකදි තිරගත වූ සිනමා කීපයකට දායක වී තිබෙනවා.

දෙමව්පියන්ගෙ විරුද්ධත්වය නිසා හොරෙන්ම දෙදෙනාම මැලේසියාවෙදි විවාහ වෙලා නිවුන් දරුවන් දෙදෙනෙක් බිහිකරනවා.තුලසිගෙ සැමියා වැඩකරන සමාගමෙන් කාම්බෝදියාවට පිටත් කර හැරියත් පසුව ඔහු ගැන තොරතුරක් ලැබෙන්නෙ නැහැ.තුලසි කොතරම් මහන්සියෙන් සමාගමට කීප වතාවක් ගියත් ඇයට සැමියා ගැන තොරතුරක් ලබා ගැනීමට නොහැකි වෙනවා. තානාපති කාර්යාලයට ගිහිල්ල බැලුවත් එයාලට කරන්න දෙයක් නැහැ කියල කියනව. කොහොම වුණත් එහෙම දින ගෙවීගෙන යනකොට තුලසි රස්සාවක් හොයාගන්නවා.ඔහොම වැඩ කරගෙන යන අතරතුර තුලසිගෙ මාමා හදිසියේ අන්ත්‍රා වෙලා ගෙදරින් එන්න කිව්වත් තුලසිට යන්න වෙන්නෙ නෑ එයාගෙ පස්පෝර්ට් ප්‍රශ්නය නිසා.

ඒ ප්‍රශ්නත් මැද්දෙ තුලසි දරුවන් දෙදෙනා සතුටින් තියන්න උපරිම උත්සාහය දරනව.ඒ වගේම දරු දෙදෙනත් අම්මව සතුටින් තියන්න තමයි උත්සාහ කරන්නෙ.දිනක් මව්වරුන්ගෙ දිනය යෙදුන දවසක මීරයි,තාරයි එකතුවෙලා ගෙදර සරසල අම්මව පුදුම කරල පොඩි පාටියකුත් දානව.එදා දවසෙ හදිස්සියෙම තාරා අසනීප වෙලා රෝහල් ගත කරනවා.දොක්ටර් බයවෙන්න දෙයක් නැහැ කියල තුලසිවයි මීරවයි ගෙදර පිටත් කරනව.ඒත් පහුවදා සිද්දවෙන්නෙ හිතාගන්නවත් බැරි දෙයක්.තාරා කිසිම රෝග ලක්ෂණයක් නැතුවම අම්මවයි,තම නිවුන් සොහොයුරියවයි දලා මෙලොවින් තුරන් වෙලා ගිහින්.මොනව කියල කරන්නද තුලසි තාරාගෙ අවසන් කටයුතු මැලේසියාවෙදිම කරන්න කටයුතු කරන අතරතුර ඉන්දියාවේ තුලසිගෙ ගෙදර අයට තුලසිගෙ සැමියගෙ ගෙදර අයගෙන් ප්‍රශ්න එනව.අනේ ඉතින් තුලසි මොනා කරන්නද ?.. එයාගෙ අවසන් කටයුතු කරල ටික දවසකින් දැනගන්න ලැබෙනව මේ අසනීපයම මීරාටත් වැලදෙන්න හැකියාවක් තියෙනව කියල.

අනේ අසරන තුලසි මීරාව බෙරගන්න ඕනෙ නිසා එයාව එක්ක යනව මැලේසියාවෙ කැමරන් උස් බිම් වලට,මොකද මීරාව ශීතල දේශගුණේක තියන්න ඕනෙ නිසා. තුලසි මීරාත් එක්ක කැමරන් උස් බිම් වලට ගියට පස්සෙ ගෙදරක් අරන් නවතිනව. ඔන්න ඉතින් කරදරේකින් බේරෙන්න ආවට පස්සෙ අලි කරදරේක තුලසි වැටෙනවා.නැවතුන ගෙදර ඉන්න ආත්මයක් මීරාගේ ශරීරයට ඇතුල් වෙනවා…හ්ම් ..ඉතින් ආත්මයක් ශරීරයකට ඇතුල් වෙන්නෙ මොකටද කියල කියන්න ඕනෙ නෑනෙ.. පළිගැනීමේ අරමුනින් ඉන්න ආත්ම තමයි කෙනෙක්ගෙ ශරීරයට ඇතුලුවෙලා එයාලගෙ පළිගැනීමේ චේතනාව ඉෂ්ට කරගන්නෙ… ෆිලුම බලන්නකො කාගෙ පළිගැනීමේ උවමනාවන්ද ඉෂ්ට කරගන්නෙ කියල…. හ්ම්ම් එහෙනම් ඉතුරු ටික බලන්න. මීරාගෙ ශරීරයට ඇවිත් මේ පලිගන්න හදන්නෙ කා වෙනුවෙන්ද ? අවසානෙදි තුලසි තම ජීවිතයෙන් කරන කැප කිරීම. බලන්න..ලස්සන කතාවක් …

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | 720p | 1.63 GB |

Direct Download

| HDRip | 720p | x264 1.20 GB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!