Veer-Zaara (2004) | දෙතැනක එක් වූ එක සිත

බොලිවුඩ් ප්‍රේමයේ කිරුළු පළන් රජුන් දෙදෙනා කවුරුද දන්නවද? නිසැකවම ප්‍රේම රංගනයේ රජු ලෙස සැලකෙන ෂාහ්-රුක් ඛාන්’වනම් ඔබ දන්නවා. එතකොට ප්‍රේම චිත්‍රපට නිර්මාණයේ රජු වන යාෂ් චොප්රාව නිතැතින්ම සිහියට නැගිය යුතුමයි. මොකද මේ සුසංයෝගය තමයි බොලිවුඩයේ අතීශය ජනප්‍රිය ප්‍රේම චිත්‍රපට ‍රැසකටම මග පාදන්නේ. මේ සුසංයෝගය තවත් වතාවක්නම් සිදු වන්නට කිසිදු ඉඩක් ඇත්තේ නෑ. හේතුව යාෂ් චොප්රා පසුගිය දින සදහටම දෙනෙත් පියා ගැනීම. නමුත් මේ දෙපළගේ හැකියාවන් මුහුවුණ නිර්මාණ ගොන්නක් රසිකයින් වෙනුවෙන් ඉතිරි කොට තබන්නට ඔවුනට හැකිවුණා. ඒ අතරින් මුළු ලොවක් හැඬවුව නිර්මාණයක් අද අප ඔබ වෙත අරං එනවා. සැබැවින්ම ආරංචිවල හැටියට, ඔවුන් යළි එක්ව කළ අවසන් නිර්මාණයටත් මේ චිත්‍රපටයේ බලපෑම නොඅඩුවම හිමිව තියෙනවා.

“වීර්-සාරා”. ඒ තමයි ඉන්දියාවෙන් බිහිවුණ අමරණීය ප්‍රේමවෘත්තායන් අතරට මෑත යුගයෙහි එක්වූ හොඳම පෙම් යුවළ. ඉන්දියානු වහරේ තියෙන්නේ රාධා-ක්‍රිෂ්ණා, රාමා-සීතා කියන්නේ ප්‍රේමයේ අග්‍රගණ්‍ය ඵලය කියලයි. ඒ අතරට එක්වන්නට වගේම ඉන්දියානු මිනිසුන්ගේ පමණක් නොවෙයි ලෝකයේම සිත් තුළ ලැගුම් ගන්නට සමත්කම් කියන්නට ඉහළින්ම සුදුසුකම් ලැබූ යුවළ මේ දෙපළ කියන එකනම් සැකක් නෑ. වීර් කියන්නේ ඉන්දියානු ගුවන් හමුදාවේ ජීවිතාරක්ෂක නිලාධාරියෙක්. ඔහු දවසක් දා මෙහෙයුමකදී තරුණියක් බේරාගන්නවා. ඒ නිවාඩුවට ගමේ යන්ඩ ඔන්න මෙන්න කියල තියෙද්දී. ඔහු නිවාඩුවට ගමේ යනකොට මෙන්න මේ තරුණිය ආපහු වතාවක් ඔහුට හමුවෙනවා. ඇය සාරා. ඇය ඉන්දියානු තරුණියක් නොවෙයි. ඇය අයත් පකිස්ථානයට. ඉන්දියාව හා පකිස්ථානය ලෙස දෙරටක් වන්නට පෙර මේ දෙකම ඉන්දියාව කියන එකම රටක්. ඒ කාලේ ඉන්දියාවෙ හිටි මුස්ලිම් ජනතාව මුස්ලිම් රාජ්‍යයක් ලෙස වෙන්වූ පකිස්ථානයට ගියා. ඒ අයගෙන් එක්කෙනක් තමයි සාරාගෙ ආච්චි අම්මා. ඇය තුළ ඉන්දියාව නැමැති තම මව් රටට පැවති ආදරය අදත් එදා වගේමයි. ඇයගේ අන්තිම ඉල්ලීම ඉ‍ටු කරන්නට සාරා ඉන්දියාවට එන්නේ තමන්ගේ ආච්චි අම්ම ගැන හිතේ ඇති ආදරය නිසා. නමුත් මේ ආදරය වෙනුවෙන් ආ ගමනෙදි ඇයට හමුවන්නේ ඇගේ ආදරය. ඒ තමයි වීර්.

පණට පණ වගේ දෙන්න ආදරය කළත්, දෙන්නට එක්වෙන්ඩ සමාජයෙන් ඉඩ නෑ. හේතුව ආගම් දෙකක, ජනවර්ග දෙකක අය වීම. නමුත් තමන්ගේ ප්‍රාණ සම ආදරය වෙනුවෙන් කොතරම් බාධක තිබුණත් එක සිතින් නොසැලී ඉන්නට ඔවුන් තීරණය කරනවා. ඒ අනෙකාගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුද කරලා. තමන්ගේ ජීවිතයටම හමු වූ එකම ආදරය වෙනුවෙන් දුක් උහුළන වීර් ඉන්නේ පකිස්ථානයේ යුධ සිර කඳවුරක. ඒ රහස් ඔත්තුකරුවෙක් විදිහට චෝදනා ලබලා. අහිමි ආදරය වෙනුවෙන් කැප වෙන සාරා.. වීර් වෙනුවෙන් යුතුකම් ඉ‍ටුකරන්නට වෙහෙස දරනවා. නමුත් කිසිවෙකු දන්නෙ නෑ ඔවුනගේ කතාව. මේ කතාව ලෝකෙටම කියන්ඩ තීරණය කරන්නේ නීතීඥ වෘත්තියට අලුතින් එකතු වෙන ආධුනික නීතීඥවරියක්. තමන්ගේ මුල්ම නඩුව ලෙසින් ඈ ‍තෝරා ගන්නේ හිරගතව ඉන්න වීර්වයි. ඇයි ඇය මේකම ‍තෝරගන්නේ? කොහොමද වීර් හිරේට ගියේ? සාරා කොහෙද ඉන්නේ? කවුද ඔවුනට හතුරුකම් කළේ? වීර්ට සාරා හමු වේවිද? ඔවුන් වගේම ප්‍රේමයත් වයසට ගිහින්ද? කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති මේ චිත්‍රපටය කලින් බලපු අයයි නොබලපු අයයි දෙගොල්ලන්ම වෙනුවෙන් ඔන්න සිංහල උපසි‍රැසි ගෙනාවා. මේක මෙතුවක් කලක් සිංහල නූණ අඩුවත් එහෙනම් අදින් ඉවරයි.

හින්දි සිනමාවට ලෝකයේම අවධානය නතු කරවන්නට මේ යාෂ්  චොප්රා, ෂාහ්-රුක් ඛාන්, ප්‍රීති සින්තා, රාණි මුඛර්ජී ඇතුළු පිරිසගේ මහන්සිය හේතු වුණා කිව්වොත් නිවැරදියි. යාෂ්/ ෂාහ්-රුක් එකට ගොනුවුණ අවසන් නිර්මාණයේ වූ  Jab Tak Hai Jaan (2012) චරිතයට ෂාහ්-රුක්ම යොදාගන්නට යාෂ්ට අවශ්‍ය වුණේ මේ චිත්‍රටයේ චරිතයේදී ඔහු කළ අනභිබවනීය රංගනය නිසා බව යාෂ් චොප්රා විසින්ම පවසා තිබුණා. සම්මන පිට සම්මන දිනපු, හැම අතින්ම අනේක ඇගයීම් ලබපු මේ වගේ මානුෂීය නිර්මාණයක් යළිත් වරක් තැනේවිදත් සැක සහිතයි. මේ අනර්ග නිර්මාණයෙන් ඔබගේ මතකය ටිකක් අවධි කරගන්න….

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | saM | 696 MB |

Direct Download

| DVDRip | saM | 696 MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Veer-Zaara (2004) | දෙතැනක එක් වූ එක සිත

  • December 8, 2018 at 2:19 pm
    Permalink

    Thanks,
    ජයෙන් ජය.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!