A Good Day to Die Hard (2013) | නොමැරී ඉන්න කියාපු දවස..

Die Hard චිත්‍රපටි මාලාවේ අළුත්ම චිත්‍රපටිය තමයි අද ඔයාලට සිංහල උපසිරැසිත් එක්කම දෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය වන ජෝන් ගෙ චරිතය රඟපාන්නේ Die Hard (1988) චිත්‍රපටියේ හිටිය සුපිරි නළු Bruce Willis. ඔහු කවුද කියලා අපේ යාළුවන්ට අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ මේ චිත්‍රපටිය තියෙන්නේ 43 වන තැනයි. ඇමරිකානු ඩොලර් 92,000,000.00 ක වියදමක් දරලා හදපු මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය ඇරඹුන මුල් සතියේ විතරක් ඇමරිකානු ඩොලර් 24,834,845 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියලා තියෙනවා. ක්‍රියාදාම ගණයට අයිති වන මේ චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් 2015දී එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා.

කතාවේ මුල ටික කෙටියෙන් මෙහෙමයි. ජොන් ගෙ පුතා අවුරුදු තුනක් තිස්සේ රුසියාවේ ඉන්නේ. ඒත් ඔහු ගැන කිසිම ආරංචියක් නැහැ. ඒත් ජෝන්ට එක දවසක් එක පාරටම ඔහුගෙ පුතා ගැන නරක ආරංචියක් ලැබෙනවා. ඒ රුසියාවෙදි පුද්ගලයෙක්ව ඝාතනය කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා. ඉතින් ජෝන් යනවා ඔහුගෙ පුතාව බේරගෙන ආපහු ඇමරිකාවට අරගෙන එන්න කියලා. ඒත් රුසියාවට ගිහින් බලනකොට එතන වෙලා තියෙන්නේ අමුතුම විදිහේ අවුලක්.

ඒ අතරේ රුසියාවේ තවත් සිද්ධියක් සිදු වෙමින් පවතිනවා. යූරි කොමරොව් නැමති කෝටිපතියා අවුරුදු 5ක් තිස්සේ හිරේ දඬුවම් විඳින කෙනෙක්. ඔහු ගාව රුසියානු ආරක්ෂක අමාත්‍ය අපේක්ෂකයෙක් වන චැගරින් නැමැත්තාට විරුද්ධව ලිපි ගොණුවක් තියෙනවා. මේ චැගරින් කොහොම හරි යූරිගෙන් අර ලිපි ගොනුව ගන්න උත්සාහ කරනවා.

ඉතින් යාළුවනේ, කොහොමද ජෝන් ගෙ පුතා මිණී මැරුමකට පැටලෙන්නේ? ඇයි යූරි සිරදඬුවම් විඳින්නේ? චැගරින්ට විරුද්ධව තියෙන ලිපිගොනුව යූරි කොහෙද හංගලා තියෙන්නේ? ඒ ලිපිගොනුව චැගරින්ට ලබා ගන්න පුළුවන් වේවිද? මොනවද ඒ ලිපිගොනුවේ තියෙන්නේ? ඒ වගේම ජෝන්ට තමන්ගෙ පුතාව බේරගන්න පුළුවන් වේවිද? ඒ වෙනුවෙන් ඔහුට මොන වගේ ක්‍රියාදාම සිදු කරන්න වේවිද? යූරි, චැගරින්, ජෝන් සහ ඔහුගෙ පුතා එකිනෙකාට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ. ජයවේවා!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | 720p | x264 806MB |

Direct Download

| BRRip | 720p | x264 806MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!