Robin Hood (TV Series 2006–2009) [S02 : E07] | මනාලියක් මුදාගැනීමේ මෙහෙයුමක්!

ඔන්න යාළුවනේහත්වැනි කොටසත් ගෙනාවා. මමත් ඊයේ තමයි කතා මාලාවේ ඔක්කොම කොටස් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුනේ. ඒත් මම සීසන් ඔක්කොටම උපසිරැසි හදලාමකතාව බලනවා කියලා හිතාගත්තා. මේ සීසන් එක අවසාන වෙනකොටමේකේ නිතරම ඉන්න චරිත කීපයක් ඉවත්වෙන බව කණගාටුවෙන් වුනත් කියන්න ඕනි. බොහෝවිට අද කොටසේ ඉඳන් ඒ චරිත ඉවත්වීම් පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැන්ම හිතන්නේ නැතුවමේ වතාවේ වෙන්නේ මොනවද කියලා බලමුකෝ.

පසුගිය කොටසින්…

කණ්ඩායමෙන් පන්නපු ඇලනඩේල්, ගිස්බන් ළඟ සේවයට බැඳෙනවා. තමන්ගේ කුමන්ත්‍රණය ස්ථිර කරගන්න, ෂෙරිෆ් කළු නයිට්වරු ලවා ගිවිසුමක් අත්සන් කරවා ගන්න හදනවා. සර් එඩ්වඩ්ගේ යාළුවෙක් වන වින්චෙස්ටරුත් මේකේ කොටස්කාරයෙක් බව දැනගන්න රොබින්, එයාට කතා කරලා මේ ගිවිසුම අත්සන් නොකරන්න එකඟ කරගන්නවා. රොබින්ට හොඳ මූණ පෙන්නලා, පොරොන්දු වෙලා මාලිගාවට එන වින්චෙස්ටර්ට, සර් එඩ්වඩ් එක්ක පරණ කෝන්තරයක් තියෙනවා. ඒක නිසාත්, තමන්ට වැඩි බලයක් ලැබෙන නිසාත් ෂෙරිෆ්ගේ ගිවිසුමට එකඟ වෙන වින්චෙස්ටර්, ෂෙරිෆ් කැමතිම සසෙක්ස් ප්‍රාන්තයේ පාලනයත් එක්ක මැරියනුත් ඉල්ලා ගන්නවා. මේ අතරේ කළු නයිට්වරු සියලු දෙනාම රැස්වෙන වෙලාවෙදි, එයාලව ඝාතනය කරන්න සැලසුම් කරන රොබින්, ෂෙරිෆ්ගේ උගුලකට අහුවෙනවා. ඊටපස්සේ ඇලන් එක්කම මරණය තෙක් සටනකට දාන රොබින්, තමන්ගේ කණ්ඩායමේ උදව් ඇතිව පැනලා යනවා. අත්සන් ගත්තට පස්සේ වින්චෙස්ටර්ගෙන් ප්‍රයෝජනයක් නැති නිසා, ෂෙරිෆ් හා ගිස්බන් වින්චෙස්ටර්ව මරලා, මැරියන්ව ආපහු බේරගන්නවා.

මෙවර කොටසින්..

මේ වතාවේ රොබින්ලා හදන්නේකළු නයිට්වරුන්ගේ ගිවිසුම හොයාගෙනඒක රජුට පෙන්නන්න. එතකොට කුමන්ත්‍රණ කාරයන්ගේ නම් එක්කම එළි වෙනවනේ. ඒත් දැන් ඇලන් මාලිගාවේ ඉන්න නිසාරොබින්ලාට කලින්ට වඩා මාලිගාවේ වැඩ කරන්න අමාරුවෙනවා. එයාලට ගිවිසුම හොයාගන්න බැරුව ඉන්නකොටයි,කැලෑවෙදි එයාලට අමුත්තෙක් මුණ ගැහෙන්නේ. මේ අමුත්තාගේ මනාලියව ණය උගුලකට අහුවෙලා. ඒ ණය ගෙවෙනකම් එයාට මාලිගාවේ වැඩ කරන්න සිද්ධ වෙලා. රොබින්ලා ඒ ණය ගෙවලා එයාව නිදහස් කරගන්න හැදුවත්දැනගන්න ලැබෙන්නේ එයාව දැනටමත් ඩුරාම් හි අර්ල්ට විකුණලා බවයි. ඉතින් අද මේ මනාලියව බේරගන්න රොබින් යොදන සැලැස්ම සාර්ථක වෙයිද කියලත්ඒ වගේම ඇලනඩේල් කොයි මොහොතේ හරි රොබින්ලාව පාවාදෙයිද කියලත් මේ කොටසින් බලන්නකෝ.

විශේෂයෙන්ම ඔයාලා පලකරන ක‍මෙන්ටු වලටත් බොහොම ස්තූතියි. කමෙන්ටුවක් පල කරන්න ඔයාලා වැය කරන පොඩි කාලය නිසයිඅපි ඉක්මනට උපසිරැසි ලබාදෙන්න දිරිමත් වෙන්නේ. ඒ වගේම නිතරම  උපසිරැසි ගැන විමසලාඊළඟ උපසිරැසිය ඉක්මනට හා ගුණාත්මකව කරන්න මාව දිරිමත් කරන විමා සහ හසන්ත සොයුරන් ඇතුළු බයිස්කෝප් ඇඩ්මින්ලාටත් මගේ ස්තූතිය. ඉතින් ඔයාලා වෙනුවෙන් ඊළඟ කොටස අරන් මම ඉක්මනට එනවා. එතකම් ඔබ සැමට සුභ දවසක්!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 191MB |

| HDTV | x265 | 1080p | 710MB | 10Bit

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!