Pataakha (2018) | යක්ෂ නැකතින් උපන් අක්කා නගෝ… [BluRay පිටපත් යාවත්කාලීන කර ඇත ]

“මොකද ඔය තනියෙන් හිනාවෙන්නේ?”
කී බෝඩ් එකට කොට කොට හිනාවෙද්දි අම්මා එහෙම ඇහුවා.

“උඹ මොකක්ද 100ට කරන්නේ?”
අපේ අචියා අහනවා.

“උඹ ඊයේ පෙරේදා බලපු හොඳම හින්දි එකක් කියහන්.”
සිසියා අහනවා.

ඔය හැම එකටම මට දෙන්න තිබ්බේ එකම උත්තරයයි. ඒ තමා “Pataakha
හැබෑට මොකක්ද ඔය Pataakha? අහලවත් නෑනේ.
මොකක්ද ඔය තරම් විශේෂත්වේ?
දන්න කියන නළු නිළියොත් නෑනේ.
බොරුවට උඩදානවා මෙන්න, වෙනදා වගේ
ඔහොම හිතෙනවා නේහ්හ්?

පටාඛා කියන්නේ දැනට මේ අවුරුද්දට ආපු සුපිරිම ලේ ෆිල්ටර් එකක්.
හක හක ගගා බලන්න පුළුවන් කුචීතම ඉස්ටෝරියක්..
වෙනස්ම උණු උණුවෙ බාපු කන්සෙප්ට් එකක්
රිවයින්ඩ් කර කර ආයේ ඉල ඇදගන්න පුළුවන්,
ගොන් පාට්, ගොන් ජෝක් නැති
රේටින් 7.4ක් ගත්තු
ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදය අඩුවක් නැතුවම දිනාගත්තු පිලුමක්
එතකොට ඇක්ටින්?

ඇක්ටින් ගැන නම් කතා කරලා වැඩක් නෑ. බලන් ඉන්න ගමන් ඉන්දියාවට දුවල ගිහින් උම්මා එකක් දීලා එන්න හිතෙන තරම් සුපිරි ඇක්ටින්. නොදන්න අය නම් නෙමේ, Dangal එකේ හිටිය සාන්‍යා මල්හෝත්‍රා සහ කවුරුත් දන්න “සදහටම ඔබ මගේ” ටෙලියේ ඉෂානි කෙල්ල, රාධිකා මදන් මේකේ ප්‍රධාන චරිත දෙක රඟදක්වනවා. එතකොට අනිත් එකා : සුනිල් ග්‍රෝවර්, The Kapil Sharma Showබලන අයට නම් උන්දැ ගැන අමුතුවෙන් කියන්න ඕනයැ. ඉන්දියාවේ ඉන්න සුපිරිමComedianලගෙන් එකෙක්. එතුමත් ෆිලුමට අවශ්‍ය අඩුමකුඩුම ගානට සපයලා ඇති. ඉතින් මුන් තුන්දෙනා තමා මේ මුළු ෆිල්ම් එකම කරේ තියන් රන් කරන්නේ ආයේ මෙහෙමයි අඩුපාඩුවක් නොකියන්න.

අධ්‍යක්ෂණය විශාල් භාරද්වාජ්ගෙන්. දන්නෝ දනිති මිනිහගේ වැඩ ගැන. මිනිහා කොමඩි එකකට අතගැහුවමයි ඔය. සුපුරුදු පරිදි වසරේ මැණිකක්. මේ අවුරුද්දේ සම්මාන උළෙලවල් ආක්‍රමණය කරන්න පුළුවන් පිලුමක් උනත්, එහෙම වෙයි කියලා නම් කිසිම සහතිකයක් දෙන්න බෑ. මොකද, ෆිලුම ආදායම් අතින් අසාර්ථක වෙච්ච නිසා. වරුන් ධවාන් සහ අනුෂ්කා ශර්මගේ Sui Dhaaga එක්ක එකට තිරගත වීම අරඹලා, ආදායම අතින් නම් එයාලා එක්ක හරි හරියට ඔට්ටු වෙන්න පටාඛාට බැරිවුණා. ඒත් කන්ටෙන්ට් එක, කන්සෙප්ට් එක සහ අනිත් හැමදේකින්ම පටාඛා කොච්චර ඉදිරියෙන්ද කියලා බලලම වටහාගන්න. එහෙනම් තියෙන ප්‍රශ්න අනම් මනම් සේරම අමතක කරලා, ආයේ වරුවක් මතක් කර කර හිනාවෙන්න පුළුවන් සුපිරි මට්ටමේ මේ මැණික අතපත ගාන්න කියලා ආදරයෙන් ආරාධනා කරන්නේ.

ඔන්න ඉතින් පටාඛාගෙන් මම මගේ දෙවැනි කඩඉම ගහන්නයි මේ සූදානම් වෙන්නේ. පලවෙනි කඩඉමට අඩි තියලා දැන් අවුරුද්දකට වැඩියි මයේ හිතේ. හෙමින් හෙමින් ඔන්න අද 100 ගහන්න කියල ආවා. 150 ගහයිද? මමවත් දන්නේ නෑ. ඉතින් ආයේ ස්තූති කතාවක් කරන්න හම්බවෙයිද දන්නේ නෑ. කොහොමත් මගේ උපසිරැසි ජීවිතේ සුවිශේෂී සටහන් තියපු චිත්‍රපටි ගැන කිව්වොත් මගේ පලවෙනි උපසිරැසිය Raaz: The Mystery Continues , මගේ වැඩියෙන්ම බාගත කරපු Bajirao Mastani , මගේ 50වෙනි උපසිරැසිය Begum jaan , මට වැඩිම ප්‍රතිචාර සංඛ්‍යාවක් ලබලා දුන්නු ඉස්කෝල නෝනා Hichki සහ සුපිරි වීර Bhavesh Joshi Superhero , මගේ පලවෙනි සම්පුර්ණ කතාමාලාව Breathe , තුර්කි මල හිසරදේ Ask Laftan Anlamaz , අන්තිමට කරපු දෙමළ චිත්‍රපටිය Pariyerum Perumal ආදරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම වසර හතරක් වැනි කාලයක පුරා මට සහය දුන්නු ඇඩ්මින් සහෝදරතුමන්ලා සහ බයිස්කෝප් කොල්ලෝ සෙට් එක වගේම නිතර කමෙන්ට්ස් වලින් දිරිමත් කරන සහෝදර ඔබ සැමවත් ගෞරවාදරයෙන් මතක් කරනවා. ආදරෙයි හැමෝටම ඈ.. නැවත හමුවෙමු,

ජයවේවා!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.1GB | YTS |

Direct Download

| BluRay | x264 | 720p | 1.1GB | YTS |

    

| BluRay | x264 | 1800p | 2.1GB | YTS |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!