Wanted (2009) | වීරයෙක් ද? දුෂ්ටයෙක් ද? මැරයෙක් ද? පොලිස්කාරයෙක් ද?

Hi යාළුවනේ 🙂 .. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ටිකක් පරණයි තමයි. sub එක අරං ටික දවසක් වෙනවා..දෙන්න ටිකක් පරක්කු උණා.. ගොඩක් වැඩවලට හිරවෙලා හිටියේ exam එහෙම ළග එන නිසා ගෙදරිනුත් පොඩ්ඩක් අවුල් දානවා..එකයි ටිකක් පරක්කු උණේ.. හැමදාම වගේ ඇවිල්ලා sub අරං ගියාට අපිත් මොනාහරි දෙයක් කරන්න ඕනි කියල හිතුණ නිසයි, sub එකක් කරන්න බාරගත්තේ.. sub එක කරන්න බාරගන්න ඇහුවම ඉක්මනට පිළිතුරු එවපු Hasantha Wickramarathne අයියවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා..

මේක කරන්න ගත්තාම තමයි තේරෙන්නේ වැඩේ ලේසි නෑ කියලා. කොහොමහරි වැඩේ අත ඇරිෙය නෑ.. හෙන ගේමක් දීලා කරගත්තා.. තව කියන්න ඕනි මේ වගේ සල්ලි බලන්නේ නැතුව ලංකාවේ අපේ වින්දනය සදහා මේවගේ සේවයක් කරන අයත් එක්ක එකතුවෙන්න ලැබුණ එකත් වාසනාවක් කියලයි මට හිතෙන්නේ..මතක් කරනවානම් මතක්කරන්න ගොඩක් අය ඉන්නවා. දැන් මතක් කරන්න ගියොත් මට Type කරලා එපා වෙනවා.. මේක මගේ පළවෙනි sub එකනේ ඒකනිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති ඒ නිසා ඒවා මට පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා. හොදයි අපි දැන් කතාව දිහාට හැරෙමු කෝ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අපි කවුරුත් දාන්න Prabhu Deva දන්නවනේ ඉතින් මෙයාගේ Film කොහොමද කියල. තව මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ Boney Kapoor, Sohail Khan, Puri Jagannadh කියන අය. මේ කථාවේ ප්‍රධාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Salman Khan ප්‍රධාන නිළිය තමයි Ayesha Takia (පට්ට කෑල්ල) නිළිය 8×10 tasveer කියන චිත්‍රපටයෙත් ඉන්නවා. මේක IMDB රේට් එක 6.6/10 අරං තියනවා එකියන්නේ කතාව පට්ටනේ.. කතාව සිද්ධවෙන්නේ ඉන්දියාවේ මුම්බායේදී රාධි කියලා තරුණයෙක් වට යන කතාවක් මෙයා කරන්නේ මොනවාද කිවුවොත් කතාව බැලුවට වැඩක් නැතිවෙනවා. මේකේ පොඩි ආදර සම්බන්ධයකුත් යනවා. ජානවී කියල කෙල්ලෙක් එක්ක එතකොට මේකේ තව ඉන්නවා ඩොන් ගානි කියල කෙනෙක් තව දැක්කහම මළ පනින පොලිස්කාරයෙක්. මේවගේ ගොඩක් චරිත තියන අමුතු කතාවක් මං කතාව කියන්නේ නෑ. ඔයාල බලලා රාධි කියන්නේ කවුද? එතකොට ඩොන් ගානි කියන්නේ කවුද? මොනවාද මෙයාල අතරේ සිද්ධවෙන්නේ කියලා. ඔයාලට අන්තිම හරියේදී තේරෙයි මේ ප්‍රශ්නවලට උත්තර. මං මේ sub එකේ ඔක්කොම සිංදු වලට sub කරා..

“එක සැරයක් දෙයක් බාර ගත්තොත්,
.. මං මටවත් ඇහුම්කන් දෙන්නේ නෑ..”

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| BRRip | 720p 
| x264 746MB |

Direct Download

| BRRip | 720p | x264 746MB |

| BRRip | 720p | x264 746MB | Hon3y

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Wanted (2009) | වීරයෙක් ද? දුෂ්ටයෙක් ද? මැරයෙක් ද? පොලිස්කාරයෙක් ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!