French Connection (1971) | ප්‍රංශ වෙළෙන්දා

ඔන්න මේ වතාවෙ මම ඔයාලට අරගෙන ආවෙ 1971 වසරේ තිරගත උන ඔස්කාර් සම්මාන පහක් ඇතුලුව තවත් සම්මාන 18 දිනාගෙන තවට් සම්මාන 11 නාම යෝජනා උන French Connectionකියන චිත්‍රපටය. 1971 වසරේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස විලියම් ෆ්‍රෙඩ්කින් ඔස්කාර් සම්මානය දිනාගනු ලබනවා. එමෙන්ම, හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම තිරපිටපත, හොඳම සංස්කරණය, යන අංශ සඳහා හිමි ඔස්කා සම්මාන හිමිකරගන්නවා.

රොබින් මූර් ගේ නවකතාවක් ඇසුරෙන් අර්න්ස්ට් ටෙඩ්මොර් ගේ තිරපිටපතට රංගනයෙන් දායක වන්නේ ජීන් හෙක්මන්, ෆර්නාඩෝ රේ, රෝයි ශ්නයිඩර්, මාර්සෙල් බොසුෆි, ෆ්‍රෙඩ්‍රික් ඩි පැස්කල් බිල් හික්මන් ඇතුලු පිරිසක්. 1970 වසරේ ප්‍රංශයේ මාර්සෙල්ස් වලදී පොලිස් නිළධාරියකු ඝාතනය වන්නේ හෙරොයින් ජාවාරම්කරුවන් අතින්. මේ අතර බෲක්ලින් වල සිදුවන හෙරොයින් ගනුදෙනු පිළිබඳ තොරතුරු රැස්කරන පොලිස් නිළධාරීන් දෙදෙනෙකු එක් කලු ජාතිකයකු හඹා ගොස් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර තොරතුරු ළබා ගනු ලබනවා. මේ අතර දුරකතන සංවාද වලට රහසේ සවන්දීමෙන් දැනගන්නේ ප්‍රංශයේ සිට ඇමරිකාවට හෙරොයින් ගෙන එන බවයි. අදාල පුද්ගලයා ගැන දින ගනනාවක් සෝදිසියෙන් සිටියද ජාවාරම්කරුවන් අතර අදාල හෙරොයින් ගනදෙනුව සිදු  නොවන්නේ පොලීසිය ඔවුන් පසුපස ලුහුබඳින බව දැනගන්නා නිසාවෙන්. නමුත් පසු දිනක පොලිසිය විසින් ජාවාරම්කරු ප්‍රංශයේ සිට ගෙන ආ මෝටර් රථය පොලීසියට ගෙනගොස් කෑල්ලෙන් කෑල්ල ගලවා පරීක්ෂා කරන්නේ මත් කුඩු  මෝටර් රථයේ සඟවා ඇතිදැයි බැලීමට.

කිසිවක් නොලැබුන තැන උත්සහය අතහැරීමට සූදානම් නැති පොලිස් නිළධාරින්ට මෝටර් රථයේ බර වෙනස පිලිබඳ සැක සිතී නැවත පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් හමුවෙනවා. නැවත එය තිබූ ලෙසම සඟවා වාහනය ආපසු දෙන්නේ එය පෙරදින රාත්‍රී සොරකමට ලක්වී ඇති බව පවසමින් පොලිසියෙ අභිප්‍රාය ගනුදෙනුව සිදුවන විට සියලුදෙනා අත් අඩංගුවට ගැනීම. නමුත් එහි සාර්ථකත්වය පැවසිය හැක්කේ සිනමාපටය නරඹන ඔබටයි. තවත් මෙවැනි සලරුවකින් හමුවෙනතුරු ආයුබෝවන්. වීඩියෝ පිටපත yify අඩවියේ ඔබ වෙනුවෙන් සුරක්ෂිතව ඇත. (මෙම චිත්‍රපයට මත්කුඩු ජාවාරම සම්බන්ධ කතාතේමාවකින් නිමවූවක්. ඔබ බොහෝවිට දන්නවා ඇති මෙවැනි ජාවාරම් කරුවන් අතර කතාබහ වන විවිධ ආදේශිත වචන, එවැනි වචන බහුල මෙම චිත්‍රපටයේ උපසිරැසිය බොහෝ අඩුපාඩු ඇත. බොහෝවිට අවස්තානුකූල උචිත වචන යෙදීමට උත්සහ කලත් එයද අසාර්තක තැන් ඇත. එම නිසා අඩුපාඩු වෙනුවෙන් සමාව අයදිමි.)

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| BRRip | 720p 
| x264 813MB |

Direct Download

| BRRip | 720p | x264 813MB |

                                              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!