Vada Chennai (2018)| චෙන්නායි කූඹියෝ…

ජීවිතේ කියන්නේ හරි අමුතු දෙයක්.
හරියට වනාන්තරයක් වගේ සංකීර්ණ එකක්.
වනාන්තරයක ගහකොළ, ඇළදොළ, අනං මනං හැම එකක්ම තියෙනවනේ.
ඒවගේම සත්තුත් ඉන්නවා..
ඉතින් හැම ගහක්ම මුලින් මුල සම්බන්ධයි.
ගස් නැතුව ඇළදොළ පවතින්නෙත් නෑනේ.
ඒ වගේම සත්තුන්ට පවතින්නත් බෑ.
ඉතින් ඒ විදහට බැලුවොත් හැමදේම හැම එකටම සම්බන්ධයි. එකක් නැතුව එකක් පවතින්නේ නෑ

ජීවිතය කියන්නෙත් අන්න ඒ වගේ එකක්. අපි ජීවිතේදී විවිධ අවධි පසු කරනවා.
විවිධ කාලයන් ගත කරනවා, විවිධ පරිච්ඡේද ගෙවෙනවා.
හොඳ කාලයන්, නරක කාලයන්.
අපිට නොතේරුණාට ඔය හැම කාලයක්ම ජිවිතේ කොතැනකට හරි සම්බන්ධයක් තියෙනවා.
සමහරක්විට හොඳ කාලයේදී කරන චූටි අතපසුවීමක් නිසා පසු කාලෙක අමාරු කාලයක් ගෙවන්නට
ජීවිතය කියන දේට සිද්ධ වෙනවා.

අන්බු,
අන්බු කියන්නෙත් ඒ වගේ ජිවිතයක්. කොටින්ම කිව්වොත් මනුස්ස ජීවිතයක්.
පොරටත් ජිවිතයක් තිබුණා, අරමුණක් තිබුණා, බලාපොරොත්තුවක් තිබුණා.
නමුත් එක අහඹු සිදුවීමක්…
ඔව් එකම එකක්…
ආයේ කියන්න දෙයක් නෑ..
එයාගේ ජිවිතේ ගමන්මග වෙනස් කරා…
මේ දිග හැරෙන්නේ ඒ කතාවයි…

-තාරක නුවන් දිල්හාර

එහෙම දිගහැරෙන කතාව ගිහින් කෙළවර වෙන ආකාරය දැනගැනීම ඔබටම බාර කරනවා. සරලවම කිවුවොත් පාඩුවේ හිටපු අහිංසකයෙක් පාතාලයෙක් වුණේ කොහොමද කියලා ඇඟට දැනෙන්න කරපු සුපිරිම චිත්‍රපටයක්. ඔයින් එහාට කතාව කියන එක සුදුසු නෑ. මේක බලද්දි මට සැරින් සැරේ මතක් වුණේ කූඹියෝ ටෙලි නාට්‍යය සහ බඹර වළල්ල සිනමා පටය. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලයෙන් බලන්න පුළුවන් මෙවන් සිනමා පටයක් දායාද කිරීම ගැන අධ්‍යක්ෂක වෙට්ට්‍රිමාරන්ට ප්‍රණාමය. ඒ නිසාමයි 9.1 ක IMDB වාර්තාවකට උරුමකම් කියන්න මේ ෆිලුමට හැකි වෙලා තියෙන්නේ.

රඟපෑම් ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. ධනුෂ්, අයිෂ්වර්යා, ඇන්ඩ්‍රියා, සමුද්‍රගනී සහ කිෂෝර් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. පසුබිම් සංගීතයත් කතාවටම ඈඳලා හරියට හොලිවුඩ් ෆිලුමක් වගේ. අනිවාර්යෙන් ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා.

අවසානේ..ඔයාලා හැම දෙනාටම ස්තුති වෙනවා වඩ චෙන්නයි චිත්‍රපටයේ උපසිරසිකරුවා ලෙස වැඩිම මනාපයකින් මාව (ඉන්ද්‍රජිත්) තේරීම පිළිබඳව. නමුත් මේක තනියම ගහපු ගේමක් නම් නෙවෙයි. විශේෂයෙන්ම කාලය සහ චිත්‍රපටයේ භාෂාව (චෙන්නායි ටැමිල්) අපට විශාල අභියෝගයන් වුණා. තාරක නුවන් දිල්හාර සහෝදරයා නොහිටින්න අද මෙච්චර ඉක්මනට මේ උපසිරසිය ඔයාලා අතට පත් වෙන්නේ නැහැ. එයාට තමයි බහුතරය හිමි😁 ඒ වගේම සඳුන් ධනුෂ්ක සහ ඔෂධ ධනංජය යන සහෝදර වරුන්ගෙන් ලැබුණු සහයෝගයටත් ස්තුතියි.

තවත් සුපිරියකින් හමුවෙමු..

ජය වේවා !

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip | x264 | ESub | 700MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 200MB | 

    

| HDRIP | x264 | ESub | 400MB | 

    

| HDRIP | x264 | ESub | 690MB | 

    

| HDRIP | x264 | 720p | 1.4GB | 

   

| HDRIP | x265 | 720p | 960MB | 

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Vada Chennai (2018)| චෙන්නායි කූඹියෝ…

  • December 5, 2018 at 8:17 pm
    Permalink

    online sub ekath ekka balanna barida

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!