Tumbbad (2018)| හස්තර්ගේ ශාපය…

සෞභාග්‍යයේ දේවතාවිය….
නොනිමි රත්‍රන් සහ ආහාර වල සංඛේතය….
ඒ වගේම මේ පෘථිවිය කියන්නෙ දේවීන් වහන්සේගේ ගර්භාශය….
ලෝකය මැවීම ආරම්බ වූ විට…
මේ දේවතාවිය දෙවිවරු කෝටි 160කට ජන්මය ලබා දුන්නා.
ඒත් මේ දේවතාවිය වැඩියෙන්ම ආදරේ කලේ
එයාගෙ පලවෙනි දරුවාට. හස්තර්ට.
ඒත් අද කොපමන පැරනි පුස්තකයක වුවත්
ඔහුගේ නම සොයා ගන්නට ලැබෙන්නේ නෑ.
ඒ එයාට දේවතාවියගේ රන් සහ ආහාර
සියල්ලම අවශ්‍ය වුනා.
රත්‍රන් නම් එයා කපටිකමින් අර ගත්තා.
ඒත් එයා ආහාර පස්සෙන් යනකොට
අනිත් දෙවිවරු එයාට පහර දුන්නා.
ඒ හැම පහරකින්ම හස්තාර්ව කෑලි කෑලි වලට කැඩුනා.
ඒත් එයා සදහටම අහසෙ දූවිල්ලක් වෙන්න කලින්
දේවතාවිය එයාව බේර ගත්තා.
හැබැයි ඒ බේර ගත්තෙ එක කොන්දේසියක් උඩ.
ඒ එයාට කවුරුවත් වන්දනාමාන කරන්නෙ නෑ.
එයාගෙ නම සදහටම අමතක කරනවා කියලා.
හස්තාර් අම්මගෙ නැලවිලි ගී අහ අහ එයාගෙ උකුලෙ නිදා ගත්තා.
ඒත් එක දවසක අපේම මුතුන් මිත්තෝ එයාව මතක් කලා.
එයාගෙ නමින් මන්දිරයක් හැදුවා.
කතාවක් තියෙනවා එදා ඉඳන් ඒ දෙවිවරුන්ගේ උදහස
තුම්බඩ් වලට වැස්සක් වෙලා ඇද හැලෙනව කියල.
හස්තාර් අරන් ගිය රත්තරන් තාමත් නිදන්ගත වෙලා තියෙනවා.

ඇඟෙන් ගහක් ආපු, හදවත ගහේ අත්තක තියෙන නාකිච්චියෙකුගෙ ඔත්තුවක් පිට එක්කෙනෙක් ඒ නිදානය හොයාගෙන යන්නයි හදන්නෙ.

ගොඩක් අය මේ චිත්‍රපටිය දැක්ක ගමන් අකමැති වෙන්න පුලුවන්. මොකද මේකෙ ඛාන් ල, කපූර්ල කවුරුවත් නෑ. ගස් වටේ නට නට කියන, ස්ටේජ් එකක් උඩ දඟලන ලස්සන කෙල්ලො ඉන්න සිංදු නෑ. ජනප්‍රියයි කියන කිසිම තරුවක් නෑ. හැබැයි ඔබ Horror චිත්‍රපට රසිකයෙක් නම් මේ චිත්‍රපටිය අනිවාර්යෙන් බලාවි. බොලිවුඩයෙන් ආපු හොඳම Horror චිත්‍රපටියක් කියල කියන්න පුලුවන් IMDB අගය 8.8 කට කරකවපු සුපිරිම චිත්‍රපටියක් තමයි Tumbbad කියන්නෙ.

ඉන්දියාවේ අතීතයේ සිට පැවත එන ආගමික මිත්‍යා මතයක් පදනම් කරගත්තු මේ චිත්‍රපටිය 75 වෙනි Venice International Film Festival හිදී තිරගත කල පලමු ඉන්දියානු චිත්‍රපටියද වෙනවා. ඒ වගේම Fantastic Fest, Sitges Film Festival, Abertoir Film Festival, the Screamfest International Film Festival, the El Gouna Film Festival හි මේ චිත්‍රපටිය තිරගත කලා. ඒ වගේම Screamfest International Film Festival හිදී “Best Picture” සහ “Best visual effects” සඳහා සම්මානයන්ට නිර්දේශ වුනා.

විනාඩි 104 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටිය අධ්ක්ශ‍යනයෙන් දායක වෙන්නෙ Rahi Anil Barve, Anand Gandhi සහ Adesh Prasad. බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා. කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip | x264 | ESub | 700MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 400MB | 

    

| HDRIP | x264 | ESub | 720MB | 

    

| HDRIP | x264 | 720p | 1.5GB | 

   

| HDRIP | x265 | 720p | 810MB | 

    

| HDRIP | x265 | 1080p | 1.6GB | 

    

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!