Saamy (2003) | දෙවියෙක් වගේ පොලිස් කාරයෙක්

තින් කොහොමද යාළුවනේ ඕයගොල්ලන්ට? ඉස්සෙල්ල පොඩ්ඩක් මන් ගැන කියල ඉන්නම්! නැත්තන් ඉතින් වැඩැක් නෑනේ? හරි හරි, මගේ නම ඇවිල්ල ඉමේෂ් කුමාර (නැත්තන් මගෙ නම දැකල ඔයාල කියයි මන් හැන්ගි මුත්තන් කරන්න යනව කියල) ඉන්නෙ අතුරුගිරියෙ, දැන් නම් ඉතින් ගෙදරට වෙලා ඉදගෙන අම්මට උයනකොට පොඩි සප් එකක් විදියට පොල්ගෙඩියක් ගාල දෙනව. මොකද මම දැන් O/L ඉවර වෙලා රිසාල්ට් එනකන් ගෙදරට වෙලා ඉන්නෙ. ඉතින් ඒ ඉන්න ටිකේවත් අම්ම කියන දේවල් අහගෙන හොද බබා වගේ ගෙදරට වෙලා ඉන්නව. (දන් නැද්ද අපි බබාලනේ) ඔය ඉන්න ටික අතරෙ මටත් හිතුන ‍ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් ඉතින් වැඩ්ඩ වගේ ඉදිරිපත් වෙලා මේ ගැන බයිස්කොප් එකට දැන්වුත් කළා, එයාල ඇත්තටම හොදයි ඒ විතරක් නෙමෙයි අර විකී අයියා ඊටත් වඩා හොදයි- (මොකද මම කියන්න ඉස්සෙල්ල එයාම මට ‍ෆිල්ම් එකක් එවලා තව 3 එව්වා ඒ නිසා එයා ගොඩක් හොදයි :D) ඒකත් හරී කියමුකෝ මම වැඩ්ඩ වගේ කිව්ව ‍ෆිල්ම් එකට සබ් එක දාල උදෙන්ම දෙනව කියල, හැබැයි එයා නම් කිව්වෙ සතියකින් විතර දෙන්න කියල (මම හිතන්නෙ එයාල සබ් දාන එක ගැන දන්න නිසා වෙන්න ඇති එච්චර කල් ගන්න කිව්වෙ) මමත් අනේ සබ් එක දානව දානව ඉවරයක් නෑ..

හරියටම දවස් 3 මම සබ් එක දැම්ම, මම හිතන් හිටියෙ සබ් දානව කියන එක ලේසි වැඩැක් කියල හැබැයි ඒ ලේසි වැඩේ කරනකොට තමයි අමාරු කම පේන්නේ! මට කියන්න තියෙන්නේ සබ් දානව කියන එක හෙන අමාරු වැඩක් කියල, මම මෙච්චර කාලයක් හිතන් හිටියෙත් ලේසී කියල. මට මෙහෙම නම් 50-100 අතර සබ් දාපු කට්ටිය අපි වෙනුවෙන් ඒ ගොල්ලන්ගෙ කාලය වැය කරල කොච්චර කැප වීමක්ද කරල ඇත්තේ. අනිවාරයෙන්ම මමත් ඕගොල්ලන්ට ලොකු දෙයක් කරන්න බලා පොරොත්තු වෙනව! මගේ මොනාහරි අඩු පාඩුවක් තියෙනවනම් මට ඒ ගැන කියල දෙන්න… ස්තූතී ….. !!!!

හරී දැන් කතාව පැත්තට හැරෙමු, ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේ ‍ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ සුපිරිම වැඩ්ඩෙක්. එයා තමා HARI මෙයාගෙ ‍ෆිල්ම්ස් ඔයාල අනිවාරයෙන්ම බලල ඇති…. සින්ගම් , සින්ගම් 2ඔයාලට අනිවාරයෙන් මතක්යිනේ? අන්න ඒ වගෙ ‍ෆිල්ම්ස් ගණනාවක්ම මෙයා කරල තියෙනව.. ඉතින් ඔයාල දකින්න ඇතිනෙ මම දැන් දෙන්න යන ‍ෆිල්ම් එක? ඒ කත් මෙයා අධ්‍යක්ෂණය කරපු ලස්සන ‍ෆිල්ම් එකක්. රංගනයෙන් දායකත්ව දීල තියෙන්නේ වික්‍රම්. මෙයා ගැනත් ඔයාල අනිවාරයෙන් දන්නව ඇති.

හරි හරි ඔන්න මම කතාව පොඩ්ඩක් කියන්නම් කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ සාමි කියන එක්කෙනෙක් ඒ වගේම ඒ කතාවෙ දුෂ්ටය වෙන්නෙ අන්නාච්චි කියන එක්කෙනයි. සාමි කියන්නෙ පොලීසියෙ ලොක්කෙක් ඒත් මෙයා වැඩි කාලයක් එක නගරයක් ඉදල නෑ හේතුව තමා මෙයා නීතියටම මෙයාගෙ වැඩ කරන නිසා. හැබැයි එයා මේ පාර ඒ කිසිම දෙයක් වෙන්නෙ නැතුව එක දිගටම මේ නගරෙ ඉන්නව. අන්නාච්චි කියන්නේ මුලු රජයම වගේ පාලනය කරන කෙනෙක්. එක පාරටම මෙ දෙන්න තරහ වෙනව. ඊට සාමි කියන මේ පොලිස්කාරයට ඕනෙ වෙන්නෙ අන්නාච්චිව හිරේට දාන්න. ඇත්තටම මොකද්ද මේ දෙන්න අතරෙ සිද්ධ වුණේ? ඇයි මෙයාල රණ්ඩු වෙන්නෙ? ඔක්කොටම කාරණය දේශපාලනටද? නැත්තම් වෙන මොකක් හරිද? අන්නාච්චිව මෙයාට හිරේට දාගන්න පුළුවන් වෙයිද? ඒව් ටික බලාගන්න ඕනිම නම් ඔයාලට මේ ‍ෆිල්ම් එක බලන්නම වෙනව. මම කියන්නෙ නෑ.. මොකද මගෙ අත රිදෙනව ටයිප් කරල විහිළුවක් ඈ… ඔයාල බලලම දැන ගන්නකෝ …..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| DVDRip | x264 
875 MB |

Direct Download

| DVDRip | x264 875 MB |

                                              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!