Annanukku Jai (2018)| ගේම දෙන්නේ සීරුවෙන්…

අද ගෙනාවේ මේ අගෝස්තු මාසේ තිරගත වුණු අලුත්ම දමිළ සිනමා නිර්මාණයක්. මේ කාලෙට ගැළපෙනම කොමඩියක්. කොමඩි කිවුවට ඇක්ෂන් සීනුත් හොඳටම තියෙනවා. වෙන විදිහකට කිවුවොත් කම්මැලිකමේ ඉන්න වෙලාවක පැයක් දෙකක් හිනා වෙවී ජොලියේ බලන්න පුලුවන් චිත්‍රපටියක්. කතාව යන්නේ සේකර් කියන තරුණ කොල්ලා වටා.

සේකර් කියන්නේ ගමේ රා විකුණන මිනිහගේ පුතා. පුතා කරන්නෙත් තාත්තගේ රස්සාවමයි. මේ සේකර් අවුරුදු ගාණක් පස්සෙන් ගියත් කැමති වෙන්නේ නැති කෙල්ලෙක් ඉන්නවා. කොච්චර කල් ගියත් මේ යකාත් තාම ඒ කෙල්ල පස්සේ කැරකෙනවා. දෙයියෝ බලලා වගේ කෙල්ල සේකර්ට කැමති වෙන්නේ ඔන්න ඔය වගේ වෙලාවකදී. ඒ විතරක් නම් මදෑ. සේකර්ට ඕනේ හොරෙන් කසාද බඳින්න. ඒත් කෙල්ල ඒකට කැමති නෑ. ඔය අස්සේ තවත් මරාලයක් මිනිහගේ ඔළුවට කඩන් වැටෙනවා. නොකරපු වැරැද්දකට මාස ගාණක් හිරේට යන සේකර් අන්තිටම නවතින්නේ ඇමති කෙනෙක් වෙලා. මේකා කෙල්ලව බැඳගන්න වගේම ඇමති කෙනෙක් වෙන්නත් දෙන ගේම තමයි මේ චිත්‍රපටයේ කතා තේමාව. කියලා වැඩක් නෑ! බලන්නම ඕනේ ඒ ගුණ්ඩු ටික. බලපුවාම මෙහෙ විතරක් නෙමෙයි. එහෙත් ඒ වගේමයි. දෙගොල්ලොම එකයි. J

තිර ගත වුණේ පහුගිය අගෝස්තු මාසේ. වෙට්‍රිමාරන් හා ධනුෂ් එකතු වෙලා කරපු නිෂ්පාදනයක්. රාජ්කුමාර් තමයි අධ්‍යක්ෂණය කරලා තියනනේ. 2014 දෙසැම්බර් මාසේ ධනුෂ් සහ වෙට්‍රිමාරන් සඳහන් කරනවා ඔවුන් හවුලේ කරන්න යන චිත්‍රපටයක් ගැන. නළු නිළියන් ප්‍රකාශයට පත් කරාටත් පස්සේ යම් යම් ප්‍රශ්න වගයක් නිසා විත්‍රපටය නොකෙරෙන තැනට වැඩ සැලැස්වෙනවා. ඒත් 2016 වසරේ අග කාර්තුවෙදී නැවතත් චිත්‍රපටයේ රෑගත කිරීම් පටන් ගන්නවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමයි 2018 අගෝස්තු 31 වෙනිදා ඉන්දියාව පුරා මේ සලරුව ප්‍රදර්ශනය වීම.

ප්‍රධාන නලුවා අපි හැමෝම දන්න දිනේෂ්. ප්‍රධාන නිළිය මහිමා. ඊට අමතරව රාධා රවී,බාලාජී, හරි ක්‍රිෂ්ණන් වැනි වැනි දක්ෂ පිරිසක් තමයි එකතු වෙලා ඉන්නේ. Arrol Corelliගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩු වුණු තවත් නිර්මාණයක්. Fox Stars Studios ආයතනයත් මේ චිත්‍රපටය හා එකතු වෙලා තියෙනවා.

කූඹියෝ බැලුවද? ජෙහාන්ගේ ගේම මතකද? මේ කතාවත් අන්න ඒ වගේ. කොහේවත් ඉන්න කොල්ලෙක් මළාට එකතු වෙන්නේ නැති, පට්ට හතුරු දේශපාලන පක්ෂ 2ක් එකට සන්ධානගත කරවන ගේම් එක තමයි Annanukku Jaiකියන්නේ.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip | x264 | ESub | 400MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 400MB | 

    

| HDRIP | x264 | ESub | 690MB | 

    

| HDRIP | x264 | 720p | 1.1GB | 

   

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!