The Nun (2018) | ශාපලත් කන්‍යාරාමයේ සැගවුනු රහස සොයා…[BluRay පිටපත් යාවත්කාලීන කර ඇත]

ස්හදයි කොහොමද කට්ටිය ඔන්න ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටියකට සිංහල උපසිරසි තමයි අද මේ මම අරගෙන ආවේ, [ඔන්න සබ් එක පරක්කු වුනානා කියලා මට නම් බනින් එපා ශිලංකා විදුලිබල මංඩලයට බනින්න හදපු එක මේල් කරණකල් හිටියේ නැහැ කරන්ට් කැපුවා] ඇත්තෙන්ම කියනවනම් ඔයාලා වගේම මමත් මේක එනකල් ගිය අව්රුද්දේ ඉදන්ම පෙරුම් පුරාගෙන හිටියේ, ඉතින් කට්ටිය ගොඩක් දේවල් දන්නවා ඇතිනේ කොන්ජූරින් චිත්‍රපට මාලාව ගැන එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බයිස්කෝප් මංසලට ගිහින් ඒ විස්තර බලන්න..

2016 අවුරුද්දේ විකාශය වුන කොන්ජූරින් දෙවන චිත්‍රපටියෙන් පස්සේ හුගක් රසිකයෝ ඒකේ ඉන්න කන්‍යා සොහොයුරියකගේ දුෂ්ඨ ආත්මයේ චරිතයට ආදරේ කරන්න ගත්තා, ඉතින් 2017 ඇනබෙල් ක්‍රියේෂන් චිත්‍රපටියෙනුක් අධ්‍යක්ෂක මන්ඩලය මේ චිත්‍රපටිය ගැන ඉගි දෙන්න පටන් ගත්තා, අවසානෙදි හැමෝම බියෙන් තැතිගන්වපු බිහිසුණු කන්‍යා සොහොයුරියගේ චරිතය පදක කරගෙන කොන්ජ්‍රරින් චිත්‍රපට කාල රාමුවට අනුව සියලුම දේවල් වල ආරම්බය විදිහට මේ චිත්‍රපටිය නිපදවන්න නිෂ්පාධකයෝ තීරණය කලා.

 

 

කොහොම හරි 2018 සැප්තැම්බර් 08 වෙනිදා මේ ච්‍රිපටිය එලිදක්වනකල් ගොඩක් රසිකයෝ බලා හිටියේ ඇගිලි ගැන ගැන, ඒකට හොදම උදාහරණය තමයි මේ චිත්‍රපටිය Box office දර්ෂකයේ ඩොලර් මිලියන 360 ආදායමක් උපයගන්න සමත් වුනා, ඒ වගේම මේ චිත්‍රපටිය තමයි කොන්ජුරින් චිත්‍රපට මාලාවේ දැනට වැඩිම ආදායමහක් උපයලා තියෙන චිත්‍රපටිය.

The Conjuring 2013 – Box office: 319.5 million USD

Annabelle 2014 – Box office: 257 million USD

The Conjuring 2 2016 – Box office: 320.4 million USD

Annabelle: Creation 2017 – Box office: 306.5 million USD

The Nun 2018 – Box office: $360 million

ඉතින් මේකේ කතාව ලියලා තියෙන්නේ කොන්ජුරින් චිත්‍රපට දිත්වගේ අධ්‍යක්ෂක වරයා වන James Wan මහත්තයයි Gary Dauberman මහත්තයයි. ඒ වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ දක්ෂ Horror චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වෙන Corin Hardy මහත්තයා. ඉතින් මේ ගැන තවත් විස්තර තව ටික දවසකින් වෙනමම ලිපියකින් බයිස්කෝප් මංසලේ පලකරන්නම්, එහෙනම් කතාව පැත්තට යමු.

රුමේනියාවේ පිටිසර ගමක කැලයට මායිම් වෙලා කර්ටා කියලා දේවස්ථානයක් තියනවා, ඇත්තම කව්වොත් ඒක කන්‍යාරාමයක්, ඉතින් මෙහේ ඉන්න කන්‍යා සොහොයුරියක් හදිසියේම ගෙල වැලලාගෙන සියදිවි නසාගන්නවා, ඉතින් සති දෙකකට පස්සේ ගම් වැසියෙක් දේවස්ථානයට ඕනිකරන අඩුම කුඩුම අරන් යනකොට තමයි අර කන්‍යා සොහොයුරියගේ සිරුර දකින්නේ, ඇත්තම කිව්වොත් ඒක කුනුවෙලා ගදගගහා, කපුටොන්ගේ ගොදුරක් වෙලා තියෙන්නේ, ඉතින් මෙයා ඉක්මනට එතනින් පැනලා දුවනවා, කටකතා කියන දේවල් ගොඩක් ඉක්මනට පැතිරෙනවනේ, ඔන්න ඉතින් මේ ගැන වතිකානුවේ තියන ප්‍රධාන දේවස්තානයටත් ආරන්චි වෙනවා, කන්‍යා සොහොයුරියක් කියන්නේ දෙවියන්ට කැපවුන කෙනෙක්, ඉතින් ඒ වගේ කෙනෙක් සියදිවි නසාගැනිම අසාමාන්‍ය දෙයක්, ඒ වගේම බලවත් පාප කර්මයක්. ඒක නිසා වතිකානුවෙන් මේ ගැන ඇත්ත නැත්ත හොයලා බලන්න තීරණය කරනවා, එයාලා ඒක ගැන හොයන්න බර්ක් කියන පුජකවරයයි, අයිරින් කියන කන්‍යා සොහොයුරියයි යවනවා, ඉතින් මේ අයිරින් එයාට අමුතුම බලයක් තියනවා, එයාට පුළුවන් දේවල් දකින්න.

ඉතින් ඔන්න මේ දෙන්නා මේ සිදුවීම ගැන හොයන්න රුමේනියාවට යනවා, එයාලා මුලින්ම යන්නේ අර මුලින්ම සිරුර හොයාගත්ත තරුණයාගේ ගෙදරට, ගිහිල්ලා ඒ සිදුවිම ගැන විස්තර හොයනවා, පස්සේ මේ දෙන්නා ඒ තරුනයත් එක්කරගෙන අර දේවස්ථානයට යනවා, ඉතින් දේවස්ථානයට යනකොට අර කන්‍යා සොහොයුරියගේ සිරුර තවමත් නරක් වෙවි දේවස්ථානයේ සිසිල් කුටිය තුල තිබෙනවා. ඉතින් බර්ක් පියතුමා දකිනවා ඒ සිරුරේ එක අතක යතුරක් තියනවා, ඉතින් එයා ඒක ගන්නවා, කොහොම හරි එයාලා එතන්ට ගිය වෙලාවේ ඉදන් අත්භූත දේවල් ගොඩාක් සිද්ද වෙනවා, ඒ වගේ එක සිදුවීමක් නිසා බර්ක් පියතුමාට පණපිටින් වැලලෙන්න පවා වෙනවා, එත් සිස්ට අයිරින් කොහොම හරි එයාව බේරගන්නවා, ඉතින් ඒ වලදාපු වලේ තිබිලා බර්ක් පියතුමා පොත් වයගයක් හොයාගන්නවා, ඉතින් ඒ පොත් පෙරල පෙරල එයාලා මේ අබිරහස විසදන්න පටන්ගන්නවා,

 

ඒකේ පළමු පියවර විදිහට සිස්ට අයිරින්ව ඒ දේවස්ථානයේ තියන කන්‍යා සොහොයුරියන් ඉගෙනගත්ත කන්‍යාරාසයට යවනවා, එහෙදි එයාට තවත් කන්‍යා සොහොයුරියෝ කීපදෙනෙක් හම්බවෙනවා, එත් ඇත්තටම එතන තියෙන්නේ වෙනම දෙයක්. ඒ කන්‍යා සොහොයුරියෝ පවසන විදිහට මේ අභිරහසේ සුල මුල කුරුස යුද්ධය පැවති සමය දක්වා දිව යනවා, කොටින්ම කියනවනම් ගොඩාක් බයානක දේවල් මේ දේවස්ථානය ඇතුලේ සියවස් ගානක ඉදන් වෙලා තියනවා, ගම්මු දේවස්ථානය වටේට කුරුස හිටවලා තියෙන්නේ, ගමේ මිනිස්සු දේවස්ථානයේ නම කිව්වත් කෙල ගහනවා, ඉතින් කවුරුත් දන්න වැලෙක් කියන්නේ අමනුස්ස ලෝකේ ඉන්න දරුනුතම යක්ෂනිය තමයි මේ හැම දෙයක් පිටුපස්සෙම ඉන්නේ, එයා කොහොමද මේ ලෝකෙට ආවේ, කොහොමද දෙවියන්ට කැපවුන දේවස්ථානයක් ඇතුලේ බලය පෙන්නන්නේ, අර යතුරන් අරින දොර ඇතුලේ මොනවද තියෙන්නේ, බර්ක් පියතුමයි සිස්ට අයිරිනුයි කොහොමද මේ අභිරහස විසදලා ජීවිතේ බේරගන්නේ, ඇ කන්‍යා සොහොයුරිය සියදිවි නසාගත්තේ ඇයි. මේවට උත්තර හොයන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

තව දෙයක් කියන්න ඕනි සුපුරුදු විදිහට මේ චිත්‍රපටිය ඉවර කරන්නේ කොන්ජුරින් පළවෙනි චිත්‍රපටියට සම්බන්ධ කරලා. ඒ වගේම රසිකයෝ අතර මතයක් යනවා මේකේ ඉන්න අයිරින් කියන තරුණ කන්‍යා සොහොයුරිය කොන්ජුරින් විත්‍රපට දිත්වයේ අත්භූත සිදුවීම් සොයා යන Lorraine Warrenගේ තරුන කාලය කිලය කියලා, ඒකට ගොඩක් හේතු තියනවා, එකක් තමයි අයිරින්ටත් ලෝරේන්ට වගේ අනාගතය ගැන දර්ෂන පේනවා, ඒ වගේම අවසානෙදි කොන්ජුරින් චිත්‍රපටියත් එක්ක සම්බන්ද වෙලා සිතුවෙන සිතුවිම් වලින් පස්සේ මටත් හිතෙනවා ලොරේන් කියන්නේ අයිරින්මයි කියලා, ඉතින් අන්තිමට මේක ඉවර කරන්නේ තවත් ප්‍රෂ්ණාර්තයක් ඉතිරි කරලා බොහෝවිට ඒක කොන්ජුරින් 3 චිත්‍රපටියේ ආරම්බය වෙන්න පුළුවන්,

එහෙනම් හැමෝම හොදින් චිත්‍රපටිය රසවිදින්න, මම යනවා හැමෝටම බුදු සරණයි.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 835MB | YTS |

Direct Download

| BluRay | x264 | 480p | 350MB |

    

| BluRay | x264 | 720p | 835MB | YTS |

    

| BluRay | x264 | 1080p | 1.6GB | YTS |

    

| BluRay | x265 | 720p | 380MB |

    

| BluRay | x265 | 1080p | 1.9GB | 6CH | 

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Nun (2018) | ශාපලත් කන්‍යාරාමයේ සැගවුනු රහස සොයා…[BluRay පිටපත් යාවත්කාලීන කර ඇත]

  • November 2, 2018 at 8:39 am
    Permalink

    Thanks maga balana unna me film aka anakam.first man film akath dennako ikmanta

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!