Robin Hood (TV Series 2006–2009) [S01 : E13] | සාක්ෂිය ෂෙරිෆ්ට පක්ෂව ද, ෂෙරිෆ්ට විරුද්ධව ද?

ඉතින් මේ රොබින්හුඩ් පළවෙනි සීසන් එකේ අවසාන කොටසයි. දෙවනි සීසන් එකත් මම මේ ගමන්ම හදමින් ඉන්නේ. උපසිරැසිය හදලා ඉවරවුනු ගමන්ඒක ඔයාලට ලබාදෙන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා. ඉතින් ගිය වතාවේ කොටස උද්වේගකර විදියට ඉවර වුනා මතක ඇතිනේ.

පසුගිය කොටසින්…

රිචඩ් රජු ආපහු එන බවත්, මැරියන්ට ගිස්බන්ව බඳින්න සිද්ධ වෙන බවත් රොබින්ලාගේ කණ්ඩායමට ආරංචි වෙනවා. රොබින් මේකට විරුද්ධ නිසා, එයා ගිස්බන් ද්‍රෝහියෙක් බව පෙන්වන්න සාක්ෂි හොයනවා. ගිස්බන් ශුද්ධ වූ භූමියේ ඝාතන වැඩේට ගිය කාලෙදි, එයා මෙහෙ නොහිටි බව ඔප්පු කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්ව එයාලා හොයාගන්නවා. මැරියන්ගේ තාත්තා – සර් එඩ්වඩ් සූදානම් වෙලා ඉන්නේ, රිචඩ් රජු ආව ගමන් ෂෙරිෆ් කරපු අපරාධ වාර්තා කරන්නයි. මේ අතරේ, තමන්ගේ විවාහයට කලින්, රාත්‍රී රැකවලා විදියට අවසන් වතාවට වැඩ කරන්න යන මැරියන්, ගිස්බන්ගේ සල්ලි හොරකම් කරන්න ගිහින් දරුණු පිහි ඇනුමකට ගොදුරු වෙනවා. රොබින්ලා එයාව කැලේට ගෙනිහින්, ජැක් ලවා ප්‍රතිකාර කළත්, ඒ ප්‍රමාණවත් නොවන නිසා අර වෛද්‍යවරයව අරන් එනවා. ගිස්බන්ට පක්ෂපාතී මේ වෛද්‍යවරයා, සෙබලුන්ට තමන් පස්සෙන් එන්න පුළුවන් වෙන්න, වෙළුම්පටිවලින් පාර ලකුණු කරමිනුයි එන්නේ. මේ අතරේ, රිචඩ් රජු ආවම, තමන්ගේ පිටුවහල් ජීවිතය නිමාවෙන නිසා, විල් සහ ඇලනඩේල් ආපහු රොබින්  ඉන්න දිහාවට නොයා, තම තමන්ගේ මාර්ගවල යනවා. අවසානයේදි මැරියනුත් මිය යන අතර, ගිස්බන්ලා රොබින් ඉන්න තැන වටලලා තියෙන තැනිනුයි ඒ කොටස ඉවර වුනේ.

ඉතින් අද කොටසේ විනාඩි පහක්වත් කියලා, ඔයාලගේ කුතුහලය නැති කරන්න මට ඕනි නෑ. එක හෝඩුවාවක් දෙන්නම්. ඉස්සරහට වෙයි කියලා ගිය කොටසෙදි ඔයාලා හිතාගත්ත දේවල් එකක්වත්හිතන හැටියට වෙන්නේ නම් නෑ. කරුණාකරලා පුළුවන්නම්ඔයාලට හිතෙන දේත් කමෙන්ටුවකින් සටහන් කරන්න. එහෙනම් දෙවනි සීසන් එකෙත් යළිත් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුභ දවසක්!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 193MB |

| HDTV | x264 | 720p | 609MB |

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!