Little Evil (2017)| සාතන්ගෙ පුතාගෙ ආතල්…

බයිස්කෝප්වාසී සහෝදර සහෝදරියන්ට සුබ දවසක් වේවා කියලා පතනවා.ඔන්න මේ පාර ඔයාලට ගෙනාවෙ කම්මැලි නැතුව හිනාවෙලා බලන්න පුලුවන් චිත්‍රපටයක්. මේක Horror පැත්තට නැබුරු වෙලා තිබ්බට ගොඩක්ම කොමඩි ගතියක් තමයි තියෙන්නෙ.මේ ෆිල්ම් එක කරද්දිත් පොඩි පොඩි ජරමර සිද්ධ උනා.වෙච්ච ලොකුම දේ තමයි ලැප් එකේ හාඩ් එක ගිය එක. ඉතින් සති දෙක තුනක්ම හිරවෙලා හිටියෙ.කොහොම උනත් වෙලාවට මේක පොඩ්ඩක් විතර පරණ ෆිල්ම් එකක් නිසා ලොකු අවුලක් නෑ.අනික සබ් එක ඉක්මනට කරලා දෙන්න ඕනි නම් උඩින් පල්ලින් කරලා දෙන්නත් තිබ්බා.ඒත් මං හැමවෙලේම සබ් එකක් හොදම තත්වෙන් කරලා තමයි දෙන්න උත්සහ කරන්නෙ. ඒ නිසා ටිකක් පරක්කු උනා..හරි ඉතින් කොහොමහරි ඔයාලා එන්නෙ මේවා කියවන්න නෙමෙයිනෙ.සබ් එක අරන් ෆිල්ම් එක බලන්නනෙ.ඒ නිසා ඉක්මනට ෆිලුමෙ විස්තර ටිකක් දෙන්නම්.

Netflix මගින් නිපදවපු මේක රිලීස් උනේ 2017 සැප්තැම්බර් පළවෙනිදා. Netflixලගෙ වැඩ ගැන කියන්න ඕනි නෑනෙ ඉතින්. Eli Craig ගෙ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් යුතු මේක නිශ්පාදනය කරලා තියෙන්නෙ Scott Stuber සහ Jason Michael Berman දෙදෙනා. Horror/Comedy ගණයට අයත් මේ චිත්‍රපටය පැයකුත් විනාඩි 35ක කාලයකින් යුක්තයි. ෆිල්ම් එකේ IMDb අගය 5.7ක් වගේම Rotten Tomatoes 91% ක් ලැබිලා තියෙනවා. හැමෝම ආදරේ කරන Ant-Man and The Waspඑකේ Wasp ට පණ පොවපු Evangeline LillyAdam Scott සහ පුංචි Owen Atlasප්‍රධාන චරිත වලටදායක වෙනවා. Bridget EverettRuss MitchellChris D’Elia,Donald FaisonJ ames Weir ආදී නලු නිලියන් රැසකුත් ෆිල්ම් එකට නොඅඩුව රංගනයෙන් දායකත්වය සපයනවා.ඔන්න ඔය ටික තමයි මේකෙ ප්‍රධාන විස්තර වෙන්නෙ.

කතාව ගැන කිව්වොත් ගැරී (Adam Scott)කියන්නෙ ඉඩම් නියෝජිතයෙක්.ඉතින් මෙයා සමන්තා (Evangeline Lilly)කියන පොඩි ළමයෙකුත් ඉන්න ගෑනු කෙනාව කසාද බදිනවා. ගැරී මේ ලූකස් ( Owen Atlas) කියන පොඩි ළමයගෙ අසාමාන්‍යතා කසාදෙ දවසෙ ඉදලම දකිනවා.ඒත් ඒවා වැඩිය ගාණක් ගන්නෑ.මොකද ගැරී ලූකස්ට ගොඩක් ආදරේ කරනවා වගේම ලං වෙන්න උත්සහ කරනවා.ඒත් පස්සෙ මෙයා දැනගන්නවා ලූකස් කියන්නෙ සාතන්ගෙ (යක්ෂයා) යක්ශ ආවේශයක් තියෙන කෙනෙක් කියලා.සමන්තට එයා මේක පැහැදිලි කරන්න යද්දි එයා හිතන්නෙ ගැරී ලූකස්ගෙ සුළු පියා හින්දා එයා ලූකස්ට කැමති නෑ කියලා.ඉතින් සමන්තගෙ කලින් සැමියන්ට වගේම ගැරීටත් ලූකස්ගෙන් කරදර (මරන්න හදනවා) සිද්ධ වෙනවා.ඒකෙන්ම තමයි කතාව පටන්ගන්නෙත්. කොහොමහරි ඉතින් සාතන්ගෙ අනුගාමිකයො ටිකක් සාතන්ව පුංචි ලූකස්ගෙ මාර්ගයෙන් අපායෙ දොරටු වලින් මේ ලෝකෙට ගන්න හදනවා.ගැරී එයාගෙ යාඵවො ටිකයි එකතුවෙලා ලූකස්වයි සමන්තවයි සාතන්ගෙ අනුගාමිකයො අතින් මැරෙන්න නොදී බේරගන්න හදද්දි වෙන ජරමර ඔයාලටම බලලා තමයි දැනගන්න වෙන්නෙ. හරි,මං හිතනවා මේ ලිපිය ලිව්වා ඇති කියලා.මොකද කවුරු කොච්චර මහන්සි වෙලා ලිව්වත් ලිපි කියවන අය ගොඩක් අඩුයි.ගොඩ දෙනෙක්ට ඕනි සබ් එක අරන් ෆිල්ම් එක බලන්නනෙ. ඒ වගේම කියන්න ඕනි මේකෙ ටිකක් සැර වචන ටිකක් තියෙනවා.සමහර වචන වලට ඒ තේරුමම නොදී ඊට වඩා ටිකක් හිනායන තේරුමක් තියෙන වචන දැම්මා.ඉතින් ඔයාලා ඒවට කැමතිනම් හරි අකමැතිනම් හරි ඔයාලගෙ ගුණ දොස් කියන්න කියලත් ඉල්ලනවා. ඉතින් කියන්න තියෙන්නෙ මේ ටික තමයි.එහෙනම් දෙසැම්බර් වලට බලන්න හොද ෆිල්ම් එකකුත් අරගෙන ඉක්මනටම එන්නම්.

හැමෝටම ජයවේවා !!!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB-DL  | x264 | 720p | 750MB | 

Direct Download

| WEB-DL | x264 | 720p | 750MB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!