Tigers (2018) Aka White Lies | ළඳරු මාරකය සමඟ සටන් වැදී පුංචි වෙළෙන්දා…

“පොඩ්ඩක් ඇතුලට එන්නකෝ. ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා”
ෆෛස් එහෙම කියාගෙන දොර ඇරියා.
ඒ ගමේ ඉස්පිරිතාලේ. ෆෛස් කියන්නේ දොස්තර කෙනෙක්. මගේ හිතවතෙක්.
මම ඇතුළට ආවා. ඒක ළඳරු වාට්ටුවක්.
ඒත් ඒක ළඳරු වාට්ටුවක් වගේ පෙනුනේ නෑ, මට ඒක පෙනුනේ මිහිපිට අපායක් වගේ.
මට දැනුනා මගේ කකුල් පණ නැතිවේගන එනවා වගේ.
එතන හිටියේ මාස කීපයක් වයස බබාලා ටිකක්. ඒත් ඒ පැටවුන්ගේ මූණු විරූපී වෙලා.
ඇටකටු පෑදීලා. මස් දියවෙලා ගිහින් වගේ..
මට මගේ පොඩ්ඩෝ දෙන්නවයි මතක් වුණේ.
“මොකද මේ වෙලා තියෙන්නේ?”
මට ගලපගන්න පුළුවන් වෙච්ච පලවෙනි වචන ටික ඒ.
“දරුණු විදිහට විජලනයට ලක්වෙලා, පාචනය නිසා”
‘හොඳ කරන්න බැරිද?”
“බැහැ”
ඒත් එක්කම අම්මා කෙනෙක්ගේ ලතෝනියක් ඇහුනා.
එවෙලේ පණ ගිය තමන්ගේ පැටියව බදන් ඈ විලාප තියනවා.
ෆෛස් ඔහේ බලන් හිටියා.
මට තවත් බලන් ඉන්න බැරිවුණා, ආපහු හැරුණා.
“ඇයි යන්නේ? දන්නවද මේවා වෙන්න හේතුව?”
ෆෛස්ගේ ඊළඟ වචන ටිකට මගේ ඉස්සරහම අකුණක් කෙටුවා.
“මේ හැමදේටම හේතුව ඔයා!!!

2014 අවුරුද්දෙදී ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලදී තිරගත කරලා ප්‍රමාදවීම් ගණනාවකට මුහුණ දීලා අන්තිමට ඩිජිටල් රිලීස් එකක් විදිහට 2018 නොවැම්බර් 21වෙනි දවසේ ZEE5 වෙබ් අඩවියෙන් මුදාහැරියා. ඔස්කා සම්මානයක් අතපතගාපු ඩිරෙක්ටර් කෙනෙක්ගේ වැඩක්. ඉන්දු ප්‍රංශ ඒකාබද්ධ නිෂ්පාදනයක්. බොලිවුඩයේ Serial Kisser ඉම්රාන් හෂ්මි කවදාවත් නොදැක්ක විදිහේ චරිතයකින් බලාගන්න පුළුවන්. IMDb අගය 7.3ක අගයක් ගත්තු, ඊයෙත් අදත් අනිවාර්යෙන්ම හෙටත් නොනැවතී ඔඩු දුවන මාතෘකාවක් ගැන කතා කරන මේ පැය එකහමාර රියලිස්ටික් කතා වලට ආස ඔයා බලන්නම ඕන එකක්.

ගෙවල් ගානේ ඇවිල්ලා, බඩු විකුණන, තමන්ගේ කොමිස් එක වෙනුවෙන් ඕනම ජරාවක් මිනිස්සුන්ගේ ඇඟේ ගහන්න දක්ෂ සෙට් එකක් විකුණුම්කරුවෝ නොහොත් සේල්ස්මන්ලා ලෙස හැඳින්විය හැක. ඔව් බහුතරය අයගේ නිර්වචනය ඕක වුණාට හැමෝටම ඕක අදාළ කරගන්න බැරි බව මේ චිත්‍රපටිය බැලුවට පස්සේ ඔයාලට වැටහෙයි.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 720p | 700MB | 

Direct Download

| HDRIP | x264 | Esub | 250MB |

    

| HDRIP | x264 | Esub | 400MB | 

     

| HDRip | x264 | Esub | 700MB |

     

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!