The Legend of Drunken Master (1994) | බේබදු මාස්ටර්ගෙ පුරා වෘත්තය II

සියලුම දෙනාට තෙරුවන් සරණයි ! ජය වේවා ! සියලු දෙනාම හොඳින් කියල හිතනව, ඉතින් ඔයාල බලපු ජැකීගෙ තවත් ලස්සන ෆිල්ම් එකක් මේ, ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක මුලින්ම නිදහස් වෙලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, මුලින්ම ඇමෙරිකාවෙදි තිරගත වුනු මේ ෆිල්ම් එකට IMDB අගය 7.6 ක් ලැබිල තියෙනව, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Lau kar-leung කියල කෙනෙක්, ඒ වගේම ‘ඩ්‍රන්කන් මාස්ටර්’ ෆිල්ම් දෙකක් ඇවිල්ල තියෙනව, මේ දෙවනි ෆිල්ම් එක, ඩ්‍රන්කන් මාස්ටර් පළවෙනි ෆිල්ම් එක ඔයාල බලන්න ඇති, ෆිල්ම් දෙකටම 7.6 අගයක් ලැබිල තියෙනව, ඒ වගේම තව දෙයක්, මේ ෆිල්ම් එක වගේම මම කලින් උපසිරැසි කරපු මිලිටරි ෆිල්ම් දෙකත් මට බාර දුන්නෙ ශාන් අයිය, එයාට බොහෝම ස්තූතියි කියල මතක් කරන අතර කලින් ෆිල්ම් වලට ස්තූතියි කරපු බලපු සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කර සිටිමි.

ඇත්තටම මේ ෆිල්ම් එක විස්තර කරන්න අමාරුයි, ඒක නිසා මේ විදිහට විස්තර කරන්නම්, යම් සටන් කලාවක් තියෙනව, ඒකට කියන්නෙ ‘ඩ්‍රන්කන් බොක්සිං’ කියල, ෆිල්ම් එකේ හැටියට මේ සටන් කලාව පාවිච්චි කරන්න දන්නෙ ජැකී විතරයි, පළමුවෙනි ෆිල්ම් එකේදි තමයි ජැකී මේ සටන් කලාව ඉගෙන ගන්නෙ, එයා ගොඩක් මත්පැන් පාවිච්චි කරන්න හුරු වෙලා ඉන්නෙ මේ සටන් කලාව නිසා, ෆිල්ම් එකේ හැටියට ජැකීගෙ තාත්තට කියන්නෙ වෝන්ග් ගුරුතුමා කියල, එයත් සටන් ගුරුවරයෙක්, එයා කැමති නෑ ජැකී ‘ඩ්‍රන්කන් බොක්සිං’ සටන් කලාව පාවිච්චි කරනවට, ජැකීගෙ තාත්ත පාසලක් පවත්වාගෙන යනව, ඒකට විරුද්ධ වෙනව ඇමෙරිකානු තානාපතිවරයෙක්, එයා හදන්නෙ චීනයේ තියෙන පුරා වස්තු ඇමෙරිකාවට යවන්න, ඒකට විරුද්ධ වෙනවා චීන රටේ ඉන්න ගොඩක් අය, එයාලගෙ මැදිහත් වීම නිසා තමයි ජැකී මේ සටනට සම්බන්ධ වෙන්නෙ, තානාපතිවරයා එක්ක ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නව, ඉතින් මේ ජැකීට ලොකු සටනක් දෙන්න වෙනවා චීන රටේ පුරා වස්තු ටික රැක ගන්න, ඉතින් ඒ විදිහට තමයි කතාව විස්තර කරන්න වෙන්නෙ, අපි බලමු සිද්ධිය කොහොමද කියල, සුපුරුදු විදිහට අපි සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරන්නෙමු !!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 2.4GB |

Direct Download

| Bluray | x264 | 480p | 400MB |

    

| Bluray | x264 | 720p | 930MB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Legend of Drunken Master (1994) | බේබදු මාස්ටර්ගෙ පුරා වෘත්තය II

  • November 30, 2018 at 9:04 am
    Permalink

    ජැකී චෑන්ගෙ තව ෆිල්ම් ටිකක් දාන්නකො

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!