Robin Hood (TV Series 2006–2009) [S01 : E09] | මාච් උතුමාණන්ට ජයවේවා!

ඉතින් මෙන්න අද නවවැනි කොටසත් ගෙනාවා. මේ සීසන් එකේ තව කොටස් හතරක් විතරයි ඉස්සරහට එන්න තියෙන්නේ. මම පුළුවන් ඉක්මනට ඒවටත් උපසිරැසි හදන ගමන් ඉන්නේ. ඉතින් උඩ තියෙන මාතෘකාව කියෙව්වම පිස්සු වගේ හිතෙයි. ඒක පැහැදිලි වෙන්නත් එක්කමම කතාව විස්තර කරන්නම්කෝ.

පසුගිය කොටසින්…

රිචඩ් රජතුමාගේ උපන්දිනය සමරන්න, ගිස්බන් ලොක්ස්ලි මන්දිරයේ තියෙන සාදයක් කොල්ලකන්න රොබින් එනවා. ඒකෙදි ඇතිවන සටනකදි, රොබින්ට ගිස්බන්ගේ අතේ තියෙන පච්චයකුයි, තුවාල කැළලකුයි දකින්න ලැබෙන අතර, තමන් ශුද්ධ වූ දේශයේ ඉඳිද්දි රජුව මරන්න ආපහු ඝාතකයෙක්ගේ අතෙත් ඔය තැනම තමන්ම තුවාල කරපු හැටි රොබින්ට මතක් වෙනවා. ඒකෙන් ඒ ඝාතකයා ගිස්බන්ම බව සැකහැර දැනගන්නා රොබින්, ගිස්බන්ව අල්ලාගෙන කැලේට ගෙනියන අතර, ජැක්ව සෙබලුන්ට අහුවෙනවා. ජැක්ගේ දක්ෂතා තේරුම්ගන්න ෂෙරිෆ්, එයාට කියලා යකඩ දිය කරන ඇසිඩ් වර්ගයක් හදාගන්නවා. රොබින් ගිස්බන්ට ගහලා, රජු මරන කුමන්ත්‍රණයට සම්බන්ධ අයව දැනගන්න හැදුවත්, ඒක සාර්ථක වෙන්නේ නෑ. අවසානයේදි ෂෙරිෆ් එක්ක කතා කරලා, ජැක්ව ගිස්බන්ට හුවමාරු කරගන්න යන අතරෙදි, රොබින් අතින් අර පච්චය ගැන කතාව ෂෙරිෆ්ට කියවෙනවා. ෂෙරිෆ් ගිස්බන්ගේ අතට ඇසිඩ් එක දාලා, පච්චය මකා දාලා සාක්ෂිය නැති කරනවා.

මෙවර කොටසින්…

මනුස්සයෙක් ෂෙරිෆ්ගිස්බන් දෙන්නා එක්ක ගනුදෙනුවක් කතා වෙන්න එනවා. ඒ තමන්ගේ හොයාගැනීම වුනු වෙඩි බෙහෙත්ෂෙරිෆ්ට විකුණන්න බලාපොරොත්තු වෙලා. ඒත් ඒ කෙනාඒවා ආයුධයක් හැටියට මිනිස්සුන්ට විරුද්ධව පාවිච්චි කරනවට එකඟ නෑ. ඉතින් ෂෙරිෆ්ගේ අදහස්වලට කැමති නොවෙන නිසාෂෙරිෆ් ඒ මනුස්සයාව හිරේ දානවා. රොබින්හුඩ්ලාට ඕනි මේ මනුස්සයාව හම්බවෙලාවෙඩි බෙහෙත් හදන විදිය ලියලා තියෙන සටහන් පොත කොහෙද තියෙන්නේ කියලා දැනගන්නයි. මොකද ඒක ෂෙරිෆ් අතට ලැබුනොත් ලොකු විනාශයක් සිද්ධ වෙන්න පුළුවන් නිසා. අත් අඩංගුවට පත්වෙලාඒ මනුස්සයා ඉන්න හිරගෙදරට යන්න මාච් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. ඒත් ෂෙරිෆ් මාච්ට දඬුවම් දෙනවා වෙනුවටඑයාට වංශාධිපතිකමක් දෙනවාවෙන යටි අදහස් හිතේ ඇතුව. ඒ තමයි රොබින් මුලින් මාච්ට දෙනවා කියලා එකඟ වුනුබොන්චර්ච් පළාතේ අර්ල් තනතුර. ඉතින් වංශාධිපතියෙක් වුනු මාච්ට මේ ජීවිතය හරියයිද කියලා ඔයාලා බලන්නකෝ. ඊළඟ කොටසින් හමුවෙනකම්ඔයාලා හැමෝටම සුභ දවසක්!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 193MB |

| HDTV | x264 | 720p | 527MB |

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!