Jarugandi (2018) | මගෝඩි ගොඩයි !
ඔන්න යාලුවනෙ ඉක්මනටම දමිළ සිනමා සිත්තමක් රැගෙන ආවා මගේ 18 වන උපසිරැසි නිර්මාණය විදියට,ඒවගේම කියන්න ඕනෙ කලින් ගෙනාපු උපසිරැසියේ ගොඩාක් අඩු පාඩු සිද්ද්වුණා ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. 2018 වර්ෂයේ ඔක්තෝබර් 26 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙය IMDB අගය 6.3 අරගෙන තියෙන Comedy, Drama ගණයට අයත් පැය 2කුත් විනාඩි 16ක් පුරා දිවෙන හොද ෆිලුමක් .”සත්‍යා” ලෙස Kalakalappu 2 (2018), Balloon (2017), Enakku Vaaitha Adimaigal (2017), Chennai 600028 II(2016), Tamilselvanum Thaniyar Anjalum (2018) යන සිනමා වලට දායකත්වය දුන් “ජායි සම්පත්” චරිතයෙන් දායක වන අතර මලයාලම් සිනමාවෙන් පිවිසි නවක නිළියක වන “රෙබා මොනිකා ජෝන් ” කීර්තිගේ චරිතයට පණ පොවනු ලබනවා.
සත්‍යා ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියල ලෝන් එකක් ගන්න උත්සාහ කරල බැරිම තැන යාලුවෙකු වන පාරි මාර්ගයෙන් කෙනෙකුගෙන් ණයක් අරගන්න බලනවා.එයා කියන විදියට නගරයේ කාටවත් අයිති නැති ඉඩමකට අයිතිකාරයෙක් විදියට ලියකියවිලි හදලා එයාගෙ යාලුවට ඇපයට අත්සන් කරන්න වෙනව, පස්සෙ ණය ගෙවල ඉවර වුණාම ලියකියවිලි ඉරල විසිකරන්න පුලුවන් කියල. කොහොම හරි ඒ විදියට කරල සත්‍යා ණයක් අරන් සංචාරක නියෝජිත ආඅයතනයක් පටන් ගන්නවා.ඒකෙ ප්රධානඅ අරාධිත අමුත්තා වෙන්නෙත් ණය දුන්න කෙනා.ඔහොම ව්‍යාපාරය කෙරීගෙන යනකොට හදිසියේම සත්‍යාට කෝල් එකක් එනව පාරි පොලීසියෙන් අල්ලගෙන කියල. ගිහින් බලපුවාම පාරිව අල්ලගෙන හොර ලියකියවිලි හදල සල්ලි ගත්ත එකට.පොලීසියේ එක්කෙනා කියනව දෙන්නව නිදහස් කරන්න නම් එක්ක එකතු වෙලා ලක්ෂ 5 ගානේ ගෙවන්න ඕනෙ කියල.ඒ ගැන දෙන්න දහ අතේ කල්පනා කර කර ඉන්නකොට ගජේන්ද්ර කියල සල්ලි කාරයෙක් අහුවෙනව.එයා කියනව පාරිගෙ නංගිට ආදරෙ කරනව කොහොම හරි ඒ දෙන්නව එකතු කරන්න කියල.සත්‍යයි පාරි එකතු වෙලා වෙන කරන්න දෙයක් නැතුව ගජේන්ද්රගෙ යෝජනාවට කැමති වෙනවා.කොහොම හරි දෙන්නා එකතු වෙලා කීර්තිව පැහැර ගෙන ගජේන්ද්‍රන්ට කෝල් ගන්නකොට ගජේන්ද්රන්ගෙ බිරිද තමයි ෆෝන් එක උස්සන්නෙ.වැඩේ කනපිට, මොනවද මේ වෙන්නෙ කියල බලද්දි කීර්තිගෙ ෆෝන් එකට ගෙදරින් කෝල් එකක් එනවා. කතා කරල බලද්දි කීර්තිගෙ තාත්තා දුව ආපහු දෙන්න ඉල්ලන ඕනම ගාණක් දෙන්නම් කියනවා.
සත්‍යයි පාරී කල්පනා කරනවා සල්ලි අවශ්‍ය නිසා එයාල කැමති වෙනව කීර්තිව අපහු දීලා සලි අරගන්න.පස්සෙ කීර්තිගෙ තාත්තගෙන් සල්ලි අරගෙන කීර්තිව බාර දෙන්න යනකොට කීර්ති වාහනෙන් පැනගන්නවා.ඒ අවස්ථාවෙදිම කීර්තිගෙ තාත්තා,සත්යාවයි පාරිවයි දකිනවා.දෙන්නා කලබලේට දුවද්දි පාරිගෙ ෆෝන් එක වැටෙනවා.පස්සෙ පාරිගෙ ෆෝන් එක තියල පාරිවයි සත්යාවයි ගජේන්ද්රවයි අල්ලගන්නවා කීර්ති වෙනුවෙන් .කොහොමහරි තුන් දෙනා එතැනින් පැනගත්තත් පාරි ආයේ මාටි වෙනවා.පාරිව අල්ල ගත්ත අය කියන්නෙ කොහොම හරි කීර්තිව ගෙනැත් දෙන්න පාරිව නිදහස් කරන්න කියල,පාරි යනව කීර්තිව හොයාගෙන. හ්ම්ම් මේ විස්තරේ ඇතිනේ. බලන්නකො සත්‍යාට කීර්තිව හොයාගන්න පුලුවන් වෙයිද? කීර්තිගේ ආශ්රමයත් එක්ක ගනුදෙනු කරපු නරුමයන්ට කීර්තිව අහුවෙයිද ? කප්පම් ඉල්ලපු පොලිස් නිළධාරියාට වෙන දේ …
එහෙනම් තවත් ෆිලුමකින් හම්බවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDRip | x264 | 720p | 1.4GB |
Direct Download
| HDRIP | x264 | SD | 200MB |
| HDRIP | x264 | Esub | 420MB |
| HDRIP | x264 | ESub | 700MB |
| HDRIP | x264 | 720p | 1.4GB |
| HDRIP | x265 | 720p | 900MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
sub ekata thanks baiscope.