BBC Bodyguard 2018 [S01 : E06] | තිත්ත වූ ඇත්ත….

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු රාජ කුමන්ත්‍රණයේ අලගිය තැන් මුල ගිය තැන් නිරවුල් කරගන්න වෙලාව එළඹිලා. අපේ රටේ වර්තමාන දේශපාලනය එක්ක ගත්තම වඩා ගැලපෙන මාතෘකාවක් ඔස්සේ ගලාගිය මේ කතාව ඔයාල අනිවාර්යෙන් රසවිඳින්න ඇති කියල හිතනවා. ඒ වගේම කාලෙකින් කරපු අමාරුම උපසිරසක් කියල කිව්වොත් වඩා නිවැරදියි. අම්රෙකාවේ බාශාවට හුරුවෙලා ඉඳල බ්‍රිතාන්‍යට එන්න උනාම පොඩ්ඩක් විඳවන්න උනේ මට විතරක් නෙමේ මේකේ 2,3 සහ 5 වෙනි කොටස් කරපු තරිඳු සහ චාමර දෙන්නටත් ඒ සනීපෙ දැනිලා තිබුනා. කවදත් වගේ අමාරු අභියෝග වලට කැමති බයිස්කෝප් සිංහලෙන් ඔන්න මේ කොටස් 6ත් සාර්ථකව අවසන් කෙරුවා. ඔන්න එහෙනම් පැයකටත් වඩා දීර්ග කොටසක් තමයි දැන් බලන්න තියෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන ටිකක් මතක් කර දීල මම මගේ යුතුකම අවසන් කරන්නම්.

කලින් කොටස තුල දකින්න ලැබුණු ප්‍රධාන දේවල් තමයි රොබ් මැක්ඩොනල්ඩ්ට උන අකරතැබ්බය. හැමෝටම පෙන්න ඇති දේශපාලනය තුල හැමෝම පාලනය වෙනවා නමුත් අවසානයේ වන්දි ගෙවෙන්නේ පහත්ම තැනින් කියල. රොබ්ට උනෙත් අන්න ඒ වගේ වැඩක්. ලොක්කන්ගේ ඕනෑ එපාකම් පිරිමැහුවට අවසානයේ අහුවෙනකොට වන්දි ගෙවන්න වෙන්නේ තමුන්ටම තමයි. ඒ වගේම කලින් කොටස අවසානයේ අපි දැක්ක ඩේවිඩ් රහස් වාර්තා තියන ටැබ්ලට් එක හොයාගෙන එව්වගේ විස්තර හොයන්න ගිහින් මේ පසුපස යන්නේ මොනවගේ පිරිසක් එක්කද කියන දේ හොඳින්ම තේරුම් ගත්තා. ඒ වගේම ඔහුට දැනුනා මේ එක්කම තමන්ගේ පවුලේ ඇයටත් මේකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන් කියල.  ඒ වගේම ඩේවිඩ් ඔහුගේ ඇෆ්ගනිස්ථානයේ සේවය කරනකොට මුණ ගැහුන මිත්‍රයා ඇප්ස්ටඩ් පාවිච්චි කරපු රයිෆල් එකේ විස්තර ගැන දැනගන්නවා. ඒ වගේම ඒක කාගේ දෙයක්ද කියල දැනගන්න උත්සහයක් දරනවා. ඒ ඔහුට ඉන්න වෙනත් අයෙකුගේ මාර්ගයෙන්. එත් එක්කම ඩේවිඩ්ට කලින් ස්වදේශ කටයුතු කාර්යාලයේ වැඩ කරපු ශානෙල් ඩයිසන් අහම්බෙන් වගේ මුණ ගැහෙනවා. ඉතින් මේ හැම දෙයකම අගමුල හොයාගන්න ඔන්න අද පැයක් තියෙනවා. එහෙනම් ආයෙත් මේ වගේ ත්‍රාසය පිරුණු කතාවකින් මුණ ගැහෙනකන් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | 720p | x265  | 1.7GB | Complete S01 |

Direct Download

| Bluray| x265 | 720p | 395MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “BBC Bodyguard 2018 [S01 : E06] | තිත්ත වූ ඇත්ත….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!