Annihilation (2018) | නොදුටු ලෝකයක් කරා…[Bluray Update]

හැමෝටම සුභ දවසක් වේවා!අවුරුදු එකයි මාස හතක වෑයමකින් පසු මේ සුදානම දෙවනි කඩයිම ගැසීමටයි. 2016 අගෝස්තු මස බයිස්කෝප් වෙබ් අඩවිය සමග උපසිරැස දිවිය ආරම්භ කරේ The Darkness (2016) චිත්‍රපටය එක්කයි : ) ඉන්පසු චිත්‍රපට කිහිපයක් වගේම රූපවාහිනී කතාමලා වන BlindspotScorpion | Designated Survivor | The Secret Circle | Bates Motel යන කතාමලාව කරමින් මගේ පළවෙනි කඩයිම හට ලංවුනා. ඒ වෙනකොට චිත්‍රපටයක් නොමැති වීම හේතුවෙන් කඩයිම ගැසීමට සිදු වූයේ ජයප්‍රිය කතාමලාවක් වන Prison Breakඅවසාන එපියෙනුයි.ඉන් පසුව දෙවැනි කඩයිම වෙනකම් චිත්‍රපටය කිහිපයක් වගේම Altered Carbon | The Brave | The Mist | Midnight Texas | Dreamworks Dragons | The Dark වැනි කතාමලා හට උපසිරැස කරමින් තමා අද මෙම කඩයිමට පැමිණියෙ.

ඉතින් බයිස්කෝප් පවුලෙන් මුලින්ම හමබ වෙච්ච සාමාජිකය තමා අශාන් විමුක්ති (විමා) කියන්නෙ.ඔහු තමයි පළවෙනි උපසිරැසය ඉල්ලපු වෙලාවේ ඊමේල් එකට රිප්ලයි කරපු කෙනා වගේම පනස්වෙනි කඩයිම සදහා ප්‍රිසන් බ්‍රේක් කතාමලාවේ අවාසාන එපිය කරමුද මල්ලි? කියල අහල කෙනා. ඊට පස්සෙ ඇඩ්මින් මඩුල්ලෙන්හසන්ත අයියා | නිර්මාණි අක්කි | ඒවගේම මෙම කඩයිම සදහා චිත්‍රපටය ලබාදුන් සිසිල අයිය | රොයිලි අයිය |අසංක අයිය | Altered Carbon සිරීස් එක කරන්න පොලඹවපු සමීර කරුණාරත්නඅයියා | මාර්වල් සිරීස් කිරීමට සම්බන්ධ කරගත්තු සුදීර මාලන් අයියා | යශෝඅයියා | සමන් අයිය නොහොත් පූසා |නලීන් අයියාලා සෙට් එකම මුලින්ම මතක් කර ඉන්නවා.ඒවගේම තමයි බයිස්කෝප් එකේ නිර්මාතෘ වන ඉසිර ගුණතිලකඅයියව මේ වෙලාවේදී මතක් කර සිටිනවා.

ඔන්න එහෙනම් දැන් තමයි ලොකුම වැඩේ තියෙන්නෙ.උපසිරැසකරුවන්ගෙන් මුලින්ම මතක් කරන්න ඕන කෙනෙක් තමයිදිල්ශාන් සචින්ත කියන්නෙ. ඔහුත් එක්ක තමයි මුලින්ම මේ ගැන අහල කරල දැනගත්තෙ.ඒවගේම තමයි The Secret Circle කතාමලාවටත් මාව මුලින්ම සම්බන්ධ කරගත්තෙ ඔහුයි. ඉන්පසුව දැනගත්තෙ කොමඩි කින්ග් හෙවත් ඉසුරු දිල්ශාන් සහෝදරයා. ඇත්තටම ඔහු Bates Motel කතාමලාව කරගන්න බෙහෙවින්ම උදව් උපකාර කරා. ඉන්පසුව ඉන්නෙ DC මාස්ටර් හෙවත් චාමර සම්පත්සහෝදරයයි. කොයිවෙලෙත් නෝණ්ඩිය දානමයුර සුරාජ් අයියා, ඒවගේම තමයි “බැහැ” නොකියා සිරීස් කරන්න පැමිණෙන ඉසුරු සම්පත් සිරිසේන අයියා, සොහාන්,කාවින්ද බුද්ධිකසදුන් අයිය, සුරේනිඅක්කි, මුතුඅමා අක්කි, ගයේෂා අක්කි,සොනාලි අක්කි වගේම හිරවෙලා තිබ්බ බ්‍රේව් කතාමාලාවේ එපියක් බැහැ නොකියා කරලා දුන් හෙලිලි අක්කි සහ පූර්ණිඅක්කිලාව ආදරයෙන්ම මතක් කර සිටිනවා. බයිස්කෝප් මංසලෙ ඇඩ්මින් වෙන තිසර නියෝ අයියව, දසන් බුද්ධික,චමල් පෙරේරා, ආශාවෙන් බලන්න තිබෙන එකම DC කතාමාලාවක් වන ගෝතම් වලට උපසිරැස කරන නුවන්ත දුලාන් අයියා, ඒවගේම තමයි මාගේ කැමතිම කතාමාලා දෙකක් වන Teen Wolf සහ Marval Agent Of S.H.I.E.L.D කතාමාලාවන් හට උපසිරැස කරන ප්‍රදීප් අනුරුද්ධ(ලියෝ) සහ ලහිරු ප්‍රසාද් සහෝදරවරුන් චන්දිම අමරසිංහ,කලිදු වසූකඩිල්ෂාන් කාලිංග, බ්‍රේව් සිරීස් එකේදී වගේම කාබන් සිරීස් එක හිරවෙලා තිබ්බ මොහොහේ බැහැ නොකිය උදව් කරපු උශාන් පියුමාල් අයිය, අචින්ත මදුමාල්, බ්ලයින්ඩ්ස්පොට් එකෙන් සෙට් වෙච්ච රවිදු තේනබදුතාරක නුවන් අයිය,චාමිකර විතානගෙතරිදු පෙරේරා අයිය, ස්කෝපියන් කරන කාලෙ සෙට් වෙච්චදේවක සදරුවන් අයිය, ප්‍රනීත් මධූ,අචින්තනවීන් නිසල්ඉමේෂි, ඒවගේම තවත් කැමතිම කතාමලාවක් වන ස්කෝපියන් එකට උපසිරැස සපයන ප්‍රනීත් චින්තක අයිය, සසිත් අයිය, නිලුපුල් මධුකප්‍රිය පෙරේරා නොහොත් ටියුබ් අයියා,රඛිත රනතුංගරශීන් මංසිල් සහ එකී නොකී බයිස්කෝප් සියළු උපසිරැසකරුවන්ම මේ වෙලාවේදී මතක් කර සිටිනව. ඒවගේම තමා හැමදාමත් නොවරදවා කමෙන්ට් එකක් හරි දාගෙන යන අයවත්.එහෙනම් ඉතින් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො.

ලීනා කියන්නෙ මහචාර්යවරියක්. ඇය මෙම පදවියට පැමිණෙන්නට මත්තෙන් වැඩ කරන්නෙ හමුදාවේ. නමුත් මැය එයින් අයින් වෙලා අනාගතයේදී වෛද්‍යවරුන් වීමට උත්සහ කරන තරුණයා වෙනුවෙන් උගන්වනවා. ඒවගේම තමයි මැයගෙ සැමියා. ඔහු අවුරුද්දකට කලින් මෙහෙයුමට යනවා. ඒක ඇත්තටම රහස් මෙහෙයුමක්. ඒ තමයි වෙනත් ලෝකයෙන් කඩාපාත්වෙච්ච දෙයක් ගවේශණය කිරීමට. මෙම කඩාපාත්වෙච්ච දේ ගැන කිව්වොත් එහෙම, එය එක්තරා ආවරණයක් වගේ දෙයක්. එය ටිකෙන් ටිකෙන් පරිසර පද්ධතිය ග්‍රහණය කරගන්නවා වගේම එය විකෘති බාවයට ලක් කරනවා. ඒවගේම තමයි මෙහි විකෘති බාවයට පත් වෙච්ච සතුන් පැළෑටි ආදී නොයෙකුත් දේවල් තිබෙන්නෙ. ඒවගේම ඒකට කතාවේදී පවසන්නෙ “ෂිමර්” කියල. ඉතින් මේ ෂිමර් එක ඇතුළට යන කෙනෙක් කවදාවත් ආපහු එන්නෙ නැහැ. නමුත් ලීනාගෙ සැමිය වන කේන් පැමිණෙනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න නෙමේ.අකර්මණ්‍ය වී.ඉතින් මොහු මෙහෙයුමෙන් පසුව කෙලින් නවරවෙන්නෙ ඔහුගෙ ගෙදර ළග.නමුත් මෙහෙයුමකට ගිය කෙනෙක් කොහොමද එකපාරටම ඔහුගෙ ගෙදර ළග නතර වෙන්නෙ. ඉතින් ලීනාටත් අදහාගන්න බැරි වෙනව. නමුත් මොහුට ඒක ඇතුළේදී සිද්ධ වෙච්ච කිසිවක් මතක නැහැ. එකපාරටම ඔහුගෙ ලේ පිටවෙනවා. ඒ මොකද සිරුර අභ්‍යන්තරයෙ ලේ ගැලීමක් නිසා. ඉතින් ලීනා මොහුව ඉස්පිරිතාලෙ ගෙනියන වෙලාවේදී වෙනත් විශේෂ හමුදා කණ්ඩායමක් මගින් ඔහු ගෙනියනවා. මොකද කිව්වොත් මෙය රහසිගත සහ පිටසකවලින්ට සම්බන්ධ සිද්ධියක්. ඉතින් ඔවුන් ලීනාට එම කදවුරේ රදාවගෙන සිටිනව. දවසක් මෙය ගවේශණය කිරීම සදහා තවත් කණ්ඩායම් අරිනවා. ඉතින් ලීනාගෙ සැමියාට උදව් කරන්න අවශ්‍ය නිසා ඇයත් පිටවෙනවා මොවුන් එක්ක. ඇත්තෙන්ම මොවුන් සියල්ලන්ම ගැහැණු විද්‍යාත්ඥයින් පිරිසක්. ඉතින් මේ කට්ටිය “ෂිමර්” එක ඇතුළට ගොස් නොයෙකුත් දේවල් වලට මුහුණ දීමටයි සිදු වන්නෙ. අපි බලමුකො අනිත් අයටත් නොහැකි වූ කර්තාව්‍ය මොවුන්ට ඉෂ්ඨ කරගන්න ලැබේවිද කියල වගේම ලීනාට ඇයගෙ සැමියාව බේරගැනීමට හැකි වේවිද කියල….

2018 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් මෙච්ච මෙම චිත්‍රපටය හට IMDb 7.5වගේම කුණු තක්කාලි අගය 87%ලබාගැනීමට සමත් වුනා. ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටයට නිකුත් වෙච්ච දවසේම හොද ප්‍රතිචාර පවා ලැබුණා වෙනත් Sci-Fi චිත්‍රපට වලට නොලැබෙන පරිදි. විනාඩි 115 ක් දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Adventure | Drama |Fantasy | Horror | Mystery | Sci-Fi |Thriller කාණ්ඩයටයි. ඒවගේම මෙයට රංගනයෙන් දායක වන්නෙ Thor | Star Trekචිත්‍රපට වලට පණ පෙවූ Natalie Portman| Jennifer Jason Leigh | Gina Rodriguez | Tessa Thompson | Tuva Novotny | Oscar Isaac සහ Benedict Wong යන නළුකැලයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙම චිත්‍රපටය බාරගෙන තිබූ සිසිල අයිය. එයා තමයි මට මේක කරන්න බාරදුන්නෙ.ඉතින් ඔහුට මේ වෙලාවේදී ස්තූතිවන්ත වෙනවා. ඒවගේම තමයි පළවීමට තිබෙන උපසිරැස කිහිපයක් හැරුණු කොට වෙනත් උපසිරැස කිරීමට බලාපොරොත්තුවක් නොමැත.මොකද කිව්වොත් අධ්‍යාපන කටයුතු හේතුවෙන් කාලෙකට උපසිරැස කිරීමට නතර කරනවා. එහෙනම් ඉතින් නැවතත් මෙම ත්‍රාසජනක කුතුහලය පිරි චිත්‍රපටය නැරඹීමට ඔබ සැමට ආරාධනා කරන ගමන් මම කැපුණා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 995MB | 

Direct Download

| Bluray | x264 | 480p | 415MB |

          

| WEBRIP | x264 | 720p | 995MB |  YTS

        

 | Bluray | x264 | 720p | 900MB | 

     

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!