Mile 22 (2018) | සැතපුම් 22…

හසා  කියනවා #50 වෙනි උපසිරැසියත් ඇවිල්ල ෆිල්ම් එකක් කරමුලු. එතකොටනේ මාත් බැලුවේ ෆිල්ම් කීයක් කරලා තියෙනවද කියලා. හුටා….. ආඩම්බරයි පින්වතුනි #01ම එකක් විතරයි කලින් කරලා තියෙන්නේ. [TAU] ඒකත් සමීර කරුණාරත්න සහෝදරයාගේ පෙරැත්තට කලේ. අද වුනත් කරන්න වුනේ හසාගේ නොසැළෙන පෙරැත්තටයි.😉.

#50 වෙනි ගුණකථනය කෙටියෙන් කරන්න ඒ කලේ ඉඳන් ආසවක් නොතිබුනාම නොවේ. මෙහෙමයි ඉතිං ඒක වෙන්නේ. උපසිරැසි කරන්න හීනෙකින්වත් හිතුවේ නැති වෙලාවකම The Shannara Chronicle බලන්න ලැබුනා. ඒකත් විමාගේ පොඩි මිස්ටේක් එකක් නිසා කිව්වොත් මං නිවැරදියි. ඉතිං මුල්ම උපසිරසිකරණයට යොමු වුනේ 2018 මාර්තු 30 වනදා. එතැන් පටන් HUMANSThe Handmaid’s TaleArrow, Blacklist, 13 Reasons WhyCloak and DaggerThe Money HeistBBC Bodyguardයන කතා මාලා සියල්ල ඔස්සේ 2018 නොවැම්බර් මාසය වෙන විට #50වන කඩඉමට එන්න ලැබුනේ රොයිලි අයියා, හසන්ත වික්‍රමරත්න, සමීර කරුණාරත්න, අශාන් විමුක්ති , චාමර සම්පත් , ලහිරු සම්පත්, උදයංග සම්පත් , ඉසුරු සම්පත් , රවිඳු රුක්ෂාන් , අචින්ත උදයංග, නුවන්ත , නිලුපුල් , ප්‍රණීත් චින්තක , දිල්ශාන් සචින්ත, කවිශාල් මලයා, සුරේනි අක්කා යන සහෝදර සහෝදරියන්ගේ උදව්වෙන්. ඒ වගේම මුල්ම උපසිරැසියේ පටන් මා සමඟ සිටි ප්‍රේක්‍ෂක ඔබයි, ඉතිං හැමෝටම ස්තුතියි. 😉✌

මොහොතකට සිතින් මවාගන්න, ඔබ මේ මොහොතේ සිටින්නේ සියල්ල පෙර සැළසුම් වූ, නමුත් එය ඔබ නොදත්, මෙහෙයුමක් අතර මැද කියා නම්. ඔබ ඉන් පලා යනවා ද? නැතිනම් පෙරලා සටන් කරනවාද ? තීරණය ඔබට බාරයි…. ඉතින් මෙදා පාර ඔයාලට අරගෙන ආවේ, අති වේගවත් දර්ශණ රාමු ඇති, එමෙන්ම අති බිහිසුණු සටන් ජවනිකා වලින් සමන්විත පැයකුත් විනාඩි 40කුත් පුරා දිව යන ක්‍රියාදාම, අපරාධ, ආදරය හා විශ්මය සපිරුණු ආරම්භයේ පටන් අවසානය තෙක් ඔබව අතරමං කරවන චිත්‍රපටියක් රැගෙනයි.

ඒ Mark Wahlberg රංගනයෙන් දායකත්වය සපයන, මේ වසරේ ගොඩක් දෙනා නරඹන්නට අසාවෙන් හිටිය Mile 22 චිත්‍රපටයයි. මෙය Peter Berg ගේ නවතම චිත්‍රපටි අධ්‍යක්ෂණය වන අතර මෙහි තිර රචනය Lea Carpenter හා Graham Roland ගේ. ඉතා දක්ෂ රංගන ශිල්පින් රැසක් මෙම නිර්මාණයට දායකත්වය සපයනවා.

  • Mark Wahlberg ජේම්ස් සිල්වා ලෙස.
  • Iko Uwais ලී නුර් ලෙස.
  • John Malkovich බිශොප් ලෙස.
  • Lauren Cohan ඇලිස් ලෙස.
  • Ronda Rousey සෑම් ලෙස.
  • Carlo Alban ඩග් ලෙස.

මේ මෙහි ප්‍රධාන චරිත කිහිපයක් වන අතර විශාල රංගන ශිල්පින් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය සපයනවා. ඔවුන් සෑම දෙනාගෙම විශිෂ්ට රංගනය මෙහි සාර්ථකත්වයට හේතුවයි. මෙහි ඇති බොහෝ දර්ශණ වේගවත් වේවි. එය මෙම චිත්‍රපටියට වේගවත් බවක් එක් කරනවා කිව්වොත් මං නිවැරදියි. IMDb දර්ශකයේ 6.1ක අගයක් ගන්නටත්, 2018 වර්ෂයේදි $ මිලියන 65.6ක ආදායමක් උපයන්නට මෙම චිත්‍රපටයට හැකියාව ලැබිලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් ඔයාලට කියනවා නම්, ජේම්ස් සිල්වා ප්‍රමුඛ සත් දෙනෙකුගෙන් යුතු CIA කණ්ඩායමක්, මේ වන විට ඔවුන්ට ලැබුන ඔත්තුවක් ඔස්සේ අස්ථානගත වූ සීසියම්-139 නම් වූ විකිරණශීලි බෝම්බ තැනිය හැකි මුල ද්‍රවයක් සොයමින් සිටිනවා.

ඒවගෙම මෙම ඔත්තුව ලබාදුන් තැනැත්තා මේ වන විට අතුරුදහන්.ඔහු නමින් ලි නුර්. සීසියම් සඟවා ඇත්තේ කොහෙද කියා දන්නේද ඔහු පමණයි. හදිස්සියේම ලි නුර් තානාපති කාර්යාලය අසලින් මතුවෙන්නේ අගුලු දැමු හාර්ඩ් ඩිස්ක් එකක් අතැතිවයි. ගතවන සෑම තත්පරයකම හාර්ඩ් ඩිස්ක් එකේ තොරතුරු විනාශවෙමින් පවතිනවා. පැය 8කින් ඒ සියල්ල විනාශ වෙන්න නියමිතයි. එහිදී ඔහු යටත් වීමක් සමගම ඔහුගේ කොන්දේසි ඉදිරිපත් කරනවා. එතැන් පටන් කුමකින් කුමක් සිදුවේවිද ? මහා සංග්‍රාමයක ඇරඹුම එය වනවා.

ඉතිං කවුද මේ ලි නුර්? ඔහුගේ යටත් වීමේ කොන්දේසි මොනවද ? හාර්ඩ් ඩිස්ක් එකේ අගුලු දමා තිබෙන්නේ මොනවාද ? සීසියම් වලට මොකද වුනේ ? ජේම්ස් සිල්වා ප්‍රමුඛ CIA කණ්ඩායම සමඟ ලි නුර්ට ඇති හුටපටේ මොකද්ද ? එතකොට මොකද්ද මේ පෙර සැළසුම් ගත මෙහෙයුම ? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න සූදානම් වෙන්න කියමින්, නොනවතින කුතුහලයෙන් සපිරුණු පැය එකාහමාරක් ගෙවන්න ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. 🚩 ජය…!!! 😉✌

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 800MB | 

Direct Download

| Bluray | x264 | 480p | 300MB |

    

| Bluray | x264 | 720p | 750MB |

    

| Bluray | x264 | 720p | 810MB | YTS |

    

| Bluray | x264 | 1080p | 1.6GB | YTS |

      

| Bluray | x265 | 720p | 490MB |

      

| Bluray | x265 | 720p | 560MB |

      

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Mile 22 (2018) | සැතපුම් 22…

  • November 16, 2018 at 16:19
    Permalink

    සබට ගොඩක් thanks. Direct download කරන්න සල්ලි යනවද? Please tell me how direct download.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!