Daphne & Velma (2018) | වෙල්මයි ඩෙෆ්නියි

ස්කූබි ඩූ කිව්වම කව්ද නොදන්නෙ, නෙහ්? මේකත් ස්කූබිඩූ කතාවක් හැබැයි මේකෙ ශැගී, ස්කූබි, ෆෙඩ් චරිත නෑ. ඩැෆ්නියි වෙල්මයි විතරයි ඉන්නෙ. මේ කතාවෙ හැටියට ඩැෆ්නියි වෙල්මයි අන්තර්ජාලයෙන් අභිරහස් විසදනවා. ඩෙෆ්නි කියන්නෙ අද්භූත දේවල් විශ්වාස කරන කෙනෙක්. ඒකට වෙල්මා, එයා හිතන්නෙ හැම දේටම තාර්කික පැහැදිලිකිරීමක් තියෙනවා කියලා. ඒ අතරේ ඩෙෆ්නි වෙල්මගෙ ඉස්කෝලෙට එනවා. අන්න ඉස්කෝල. ඒ ඉස්කෝලෙට අනුග්‍රහ කරලා තියෙන්නේ බිලියනපති තාක්ෂණවේදියෙක් වෙච්ච ටොබායස් බ්ලූම්. ඉතිං ඒ නිසා ඒ ඉස්කෝලෙ ළමයින්ට බ්ලූම් නවෝත්පාදන වල හැම භාණ්ඩයකම බීටා පරීක්ෂණ කරන්න ලැබෙනවා. (සරලවම කිව්වොත් බීටා පරීක්ෂණ කියලා කියන්නෙ සොෆ්ට්වෙයා එකක් හරි මොකක් හරි නිශ්පාදනයක් ඒක හදපු ආයතනයෙන් අපිට නොමිලෙ දෙනවා අපේ පරිසරයේ ඉදන් වැඩකරන්න. එතකොට ඒකෙ මොකක්හරි අවුලක් තිබ්බොත් ඒක ඒ ආයතනයට දන්වනවා. ඒක පද්ධති පරීක්ෂණ ආකාරයක්) .ඒ ඉස්කෝලෙ හැම තැනම රොබෝලගෙන්, ඩ්‍රෝන් වලින් පිරිලා. ළමයි ටිකත් හරිම දක්ෂයි, තරගකාරියි. මේ ඉස්කොලෙ බ්ලූම් රාක්කෙ කියලා එකක් තියෙනවා. ඒකෙ ඉස්කෝලෙ ඉස්සරහා ඔයාගෙ වෙනියා හැමෝටම පේන්න දිලිසි දිලිසි තියෙනවා! (කොහොමද ඒක!) ඒරාක්කෙ උඩම ඉන්නෙ සුපිරිම වැඩ්ඩො. ඉතින් ඉස්කෝලෙට ආව පළවෙනි දවසෙම ඩෙෆ්නි වෙල්මව දැකලා කතා කරනවා. ඒත් වෙල්මා එයාව සතේකටවත් මායිම් කරන්නෙ නෑ. අන්තර්ජාලෙදි ඩෙෆ්නිත් එක්ක හොදට කතාබහ කරලා ඉන්න වෙල්මා ඉස්කෝලෙට ආවම කණපිට හැරෙනවා. කොච්චර වෙනස් භූමිකාවක් රඟපානවද කිව්වොත් අපේ සුපිරි දක්ෂ වෙල්මා ඒ ඉස්කෝලෙදි පන්තියෙ අන්තිමයා! අඩු තරමෙ එයාට යාලුවෙක්වත් නෑ. බුම්මගෙන ඉන්නෙ.

වෙල්මා මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා හොයලා බැලින්නම් මේ ඉස්කෝලෙ දක්ෂම ළමයි එකපාරටම අතුරුදහන් වෙනවා. ආයෙ එයාලා මතු වුණාට ඒ ඉන්නෙ එයාලම නෙවෙයි. ඒ අති දක්ෂයෝ මැන්ටල් පොරවල් ටිකක් වෙනවා. හරියට මහසෝනා ගහලා වගේ ඉන්නෙ. ඩෙෆ්නිගෙ හොදම යාලුවෙක් වෙච්ච පරිගණක වැඩ්ඩෙක් වෙච්ච ස්පෙන්සර්ටත් මේ සෙතම වෙනවා. ඉතින් වෙල්මයි ඩැෆ්නියි එකතු වෙලා මේක වුනේ කොහොමද කියලා හොයනවා. ඒක හොයන්න ගිහින් ඒ දෙන්නා මාර විදිහට දඩුවම් විදිනවා. (ඒ ඉස්කෝලෙ දඩුවම් දෙන්නත් වෙනම කලාවක් තියෙනවා). මේක බලද්දි ඉස්කෝලෙ කාලෙ කරපු දඟ වැඩ එහෙමත් මතක් වෙයි. වෙල්මටයි ඩෙෆ්නිටයි ළමයින්ට වෙන දේ හොයාගන්න පුළුවන් වෙයිද? එහෙම කරන්නෙ කවුද? ඇයි එහෙම කරන්නෙ? මෙව්වා දැනගන්න නම් ඔයාට මේ සලෙරුව බලන්නම වෙනවා.

පැයයි විනාඩි පහළොවක් පුරා දිවෙන මේ ෆිලුම comedy, mystery ගනයට අයත් වෙනවා. මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ තිරගත කරපු මේ සලෙරුවට සැප්තැම්බර් වෙද්දී 4.3/10 IMDb අගයක් ලැබිලා තියෙනවා. ඒ අගය ටිකක් අඩු වුනාට මොකෝ කම්මැළි නැතුව බලන්න පුළුවන්.

Our intellects are our weapons.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 640MB | YIFY

Direct Download

| Bluray | x264 | 720p | 550MB |

    

| Bluray | x264 | 720p | 640MB | YIFY

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Daphne & Velma (2018) | වෙල්මයි ඩෙෆ්නියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!