Sankashta Kara Ganapathi (2018) | කාටුන් ශිල්පියෙකුගේ ජීවිතය

ඔන්න යාලුවනෙ තවත් අලුත්ම කන්නඩ ෆිලුමක් අරගෙන ආවා.මේක කන්නඩ romance, comedyගණයට වැටෙන ෆිලුමක් කිව්වොත් හරි. IMDB මීටරේ 7.7 ක ඉහළ අගයක් ගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා .ඉතින් ෆිලුම ගැන කියන්න දෙයක් නෑනේ…මේකේ රංගනයෙන් දායක වෙන්නෙ shruti goradia,likith shetty,athiyutha kumar වගේ රංගන ශිල්පීන්….

මේක ඇත්තටම සාමාන්‍ය ක්‍රියාදාම කන්නඩ සිනමාව වෙනස් කරපු චිත්‍රපටයක්…සමාජයේ එතරම් කතා නොකරන කාටුන් ශිල්පියෙක්ගෙ ජීවිතේ කතාව තමයි මේකෙන් නිරූපනය වෙන්නෙ.ඒ වෘත්තියට සමාජයේ තියෙන තැන එහෙම මේ චිත්‍රපටයෙන් මනාව පෙන්නලා තියෙනවා ..

ඉතින් අපේ කතා නායකයා තමයි ගනපති.MBA උපාධිය අතරමග නවත්තලා දවස තිස්සෙම කාටුන් අදින කෙනෙක් තමයි එයා.අම්මා නැ තාත්තා විතරයි ඉන්නෙ.ඉතින් තාත්තා කියන්නේ මෙයාට ස්ථිර රස්සාවක් හොයාගන්න කියලා .ඒත් මෙයා කැමති නැ .කාටුන් අදින එක නවත්තන්න .ඒක මෙයාගෙ ආත්මය වෙලා තමයි තියෙන්නෙ .හැබැයි මිනිහා ඒකෙන් ඉස්සරහට යන්න බලන්නෙ නැ .එක තැනම තමයි ඉන්න බලන්නෙ.

මෙයාගෙ යාලුවෙක් ඉන්නවා බූශන් කියලා .ඉතින් එයා බලන් ඉදලා බැරිම තැන මෙයාගෙ නිර්මාණ කීපයක් ගනපති නමට එකවුන්ට් එකක් හදලා ෆේස්බුක් දානවා ..ඊටපස්සෙ මෙයාට පත්තර ආයතනයකට යන්න හම්බෙනවා .එතනදි තමයි ගනපතිගෙ ආදර කතාව පටන් ගන්නෙ.එතන වැඩ කරනවා ශෘති කියලා ගෑනු ලමයෙක්.එයා ගනපතිගෙ ස්කෝලේ .ස්කෝලේ කාලේ ගනපති මේ කෙල්ලට තමයි ආදරෙ කරලා තියෙන්නෙ ඒත් කියන්න බැරිවෙලා …

ඉතින් ගනපතිට පට්ටම සතුටුයි .ඉතින් දවසක් ගනපති මේ කෙල්ලට කැමති කියන්න යනවා ..බය වැඩි කමටම ෆිට් එක හැදිලා ශෘති ඉස්සරහම ගනපති වැටෙනවා …ඒ කෙල්ල මෙයත් එක්ක රෝහලටත් යනවා ..හැබැයි ඊටපස්සෙ උනේ ගනපති හිතපු නැති දෙයක් ශෘතිගෙ පෙම්වතා රෝහලට එනවා …ඉතින් එදා ගනපති තීරණය කරනවා .එයාගෙ ආදරෙ ඉවරයි .දැන් තමුන්ගෙ අනාගතේ ගැන හිතන්න ඕන කියලා ..

ගනපතිට තව ලෙඩක් තියෙනවා .එයාගෙ වම් අත එයාට පාලනය කරන්න බැ.දවසක් ශෘති එක්ක ගනපති යනකොට ගෑනු ලමයෙක්ගෙ පිටිපස්සට ගනපති වම් අතින් ගහනවා .ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි .ඒත් ඒ ගෑනුලමය ගනපතිටයි ශෘතිටයි දෙන්නටම බනිනවා..ඉතින් එදා ශෘති ගනපති එක්ක තරහා වෙනවා ..ගනපති කොච්චර තේරුම් කරන්න හැදුවත් එයා පිලිගන්නෙ නැ …ගනපති සෑහෙන්න මානසිකව වැටෙනවා .එයා වෛද්‍යවරයෙක් ලගටත් යනවා ..මේක ගැන අහන්න..වෛද්‍යවරයා කියන්නේ මේකට සැත්කමක් කරන්න ඕන කියලා .ඒත් සම්පූර්ණයෙන්ම හොද කරන්න බැ කියලත් කියනවා ..

ඉතින් මේ අබාධ තියාගෙන ගනපති කොහොමද අනාගතේට මුහුණ දෙන්නෙ…ආදරෙ දිනාගනීද…සමාජෙට ආදර්ශයක් දෙන මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා . ඔබට ජය……!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip | x264 | ESub | 715MB | 

Direct Download

| HDRip | x264 | Esub | 260MB |

    

| HDRip | x264 | Esub | 420MB |

    

| HDRip | x264 | Esub | 715MB |

    

| HDRIP | x264 | 720p | 1GB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Sankashta Kara Ganapathi (2018) | කාටුන් ශිල්පියෙකුගේ ජීවිතය

  • November 10, 2018 at 11:31 pm
    Permalink

    Sunday holiday & hey jude films wala sub hariyatama galapenne na …………. Sub eka Hadaka dennako please……….
    .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!