Neerali (2018) | ඉරණම….!

මගෙ දරුවො දෙන්න මේ ලෝකෙ එලිය දකින දවසෙ මට මේ ලෝකෙන් සමුගෙන යන්නයි ඉරනමේ ලියවිලා තියෙන්නෙ. මම මගෙ නෝනව බලන්න යද්දි වාහනේ අනතුරකට ලක් වුනා. කේරල බෝඩරේ කිට්ටුව අලි කොටි වලස්සු, විස ගෝර සර්පයො පිරුනු මහ කැලේ මැද්දෙ දිය ඇල්ලක් ලග අපි හිර වෙලා. මම එක අඟලක් හරි හෙලවුනොත් වාහනේ පතුලක් නොපෙනෙන මහා ප්‍රපාතයකට පෙරලෙනවා.මගෙ ලග ෆෝන් දෙකක් තියෙනවා. එකක් සල්ලි නැතුව කපලා. ඒකෙන් වැඩක් ගන්නම බෑ. අනිත් ෆෝන් එකට සල්ලි දාන්න දීපු කෙනා සල්ලි දැම්මෙ නෑ. මගෙත් එක්ක ගිය රියදුරු වීරප්පාගෙ ෆෝන් එක බිම වැටිලා. වීරප්පට සිහියත් නැහැ. ඒ ෆෝන් එක ගන්න ගියොත් පල්ලමේ තමයි නතර වෙන්නෙ. මගෙ ෆෝන් එකට දෙන්නෙක්ගෙන් කෝල් එනවා.

එක්කෙනෙක් මගෙ නෝනා. එයා ලේබර් රූම් එකේ මම එනකන් බලන් ඉන්නවා. මම කොහොමද එයාට කියන්නෙ අපි ඉන්න තත්ත්වෙ ගැන? ඒත් ඇති යන්තම් එයා මස්සිනාට ෆෝන් එක දුන්නා. ඒත් එයා කතා කරද්දිම මෙන්න මගෙ එහා පැත්තෙ අඩි අටක් දිග නයෙක් පෙනය පුප්පගෙන මගෙ දිහා බලන් ඉන්නවා. ඌ එලියට ඇදිල යනවත් එක්කම, කෝල් එකත් කට් උනා.

ඊලගට කතා කලේ, නේනා. නේනා කියන්නෙ…. ම්ම්ම්…. මගෙ යාලුවෙක් කියන්නම්කො. එයාගෙන් මම කොච්චර නම් ඉල්ලුවත් පොලීසියට කියන්න කියල, එයා කලේ මට බැනල බැනල ෆෝන් එක කට් කරපු එක. කවුරුවත් ඇවිල්ල අපිව බේර ගත්තෙ නැත්නම් අපිට මෙතන මැරෙන්නයි වෙන්නෙ. ඊයෙ රෑ මගෙ දරුවො දොස්තරගෙ අතට එද්දිම ඒ වෙලාවෙදිම නොදන්නා ගිනි නිවන හමුදාවේ නිලධාරියෙක්ගෙ අතින් මාව මරනයෙන් බේර ගත්තා. ඒ දෙවියන්ගෙ අතද?

2018 අවුරුද්දෙ ජූලි මාසෙ 13 වෙනිද තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Ajoy Varma. රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම් සිනමාවේ කිරුලු පලන් Mohanlal, දමිල සිනමා නිළියක වන Nadhiya, සහ Parvatii Nair සමඟින් Suraj Venjaramoodu. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Stephen Devassy. ගීත ගායනයෙන් Mohanlal, Shreya Ghoshal,M. G. Sreekumar, Syam Prasad, Suraj Venjaramoodu, Vijay Yesudas, Sreeraj Sahajan, Tojan දායක වෙනවා.

ඉතින් සෑහෙන්න පරක්කු වෙලා හරි M.T.R තරිඳු රුක්ෂාන් අයිය බාරගෙන තිබුනු මේ චිත්‍රපටිය මාත් එහෙන් මෙහෙන් හවුල් වෙලා තමයි ඔබගේ රසවින්ඳනයට අරගෙන ආවේ. එහෙනම් තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  DVDRip | x264 | ESub | 710MB | 

Direct Download

| DVDRip | x264 | Esub | 425MB |

    

| DVDRip | x264 | Esub | 710MB |

    

| DVDRIP | x264 | 720p | 1.3GB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!