In the Aisles (2018) Aka In den Gängen | සාප්පුසංකීර්ණයක් තුළ ඇති වුනු ලස්සන ලෙන්ගතුකමක්!!!

ඉතින් යාලුවනේ තවත් අගනා චිත්‍රපටියක් එක්ක මේ පැත්තට ආවා. මේක මට භාරදුන්නු හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනවා. ඔන්න මම මේ පාර අරන් ආවේ සම්මානනීය ජර්මානු චිත්‍රපටයක්. මේකට උපසිරැස එකතු කරන එකනම් ලේසි වුනේ නැහැ. මොකද ජර්මන් භාෂාව ඉන්ග්ලිෂ් වලට කෙලින්ම පරිවර්ථනය කරලා වගේ තිබුනේ, හරියට අපි සිංග්ලිෂ් කතා කරනවා වගේ. ඒ කොහොම වුනත් මේ කතාවේ තියන ලස්සන නිසාම ඒ ආමාරුකම් මගහැරගෙන උපසිරැස එකතු කරන්න මට හැකියාව ලැබුනා. IMDB දර්ශකයේ 7.1 ඉහළ අගයක් ළබාගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියනවා. ඒ වගේම සම්මාන 10 යකට හිමිකම් කියන්නත්, තවත් 10 යකට නිර්දෙශවන්නටත් සමත්වෙලා තියනවා. ඉතින් මේ චිත්‍රපටයේ උසස් බව ගැන තවත් අටුවා ටීකා කියන්නට අවශ්‍ය නෑ මන් හිතන්නේ.

අපේ ජීවිත විවිධාකාරයි, අපිට ලැබෙන දේ නොලැබෙන දේ එකිනෙකාට වෙනස්. ඒ අතරින් පාළුව තනිකම ජීවිතේ වැරදුනු තැන්, කටුක අද්දැකීම් හැමෝටම තියනවා. මේ හැමදේම නැති කරගන්න හොඳ මිනිස්සු ටිකක් හම්බුනොත් පුලුවන්. මොකද හොඳ බැදීම් අපිව ශක්තිමත් කරනවා. අපේ වැරදි හදාගන්න ආදරය හොයාගන්න උදව්වක් වෙනවා. සමහරවිට තව කෙනෛක් අපි වෙනුවෙන් කරන කැපවීම එයා එයා වෙනුවෙන්වත් නොකරන වෙලාවල් තියනවා. මම ගෙනාවේ අන්න ඒ වගේ කතාවක්,

ඔහු නමින් ක්‍රිස්ටියන්, ඇග සේරම පච්ච කොටාගත්ත, වැඩි කතාවක් නැති, අවලස්සන මූනක් තියන කොල්ලෙක්. හැබැයි මොන වැරදි කරලා තිබුනත් ඔහුගේ තියන නිහතමානිකම හංගන්න බැරිවුනා. හැමදේම අතඇරලා සාප්පුසංකීර්ණයක වැඩට එන මේ කොල්ලා හැමෝගෙම හිත දිනාගන්නවා. විශේෂයෙන්ම මැරියන්ගේ සහ බ්රූනෝගේ. ඔහුට අසම්මත ආදරයක් මුණ ගැහෙනවා ඒත් කව්රුවත් ඒ දේට විරුද්ද වෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ බැදීම් සමහර දේවල් වලට ඉඩ දෙනවා. ජර්මනිය කියලා වෙනසක් නැහැ. එහෙත් දුප්පත් අහිංසක මිනසුන් ඉන්නවා. අපේ රටට වඩ දියුණු උනාට ඒ මිනිස්සුත් අහක දාන කෑම ටික හොරෙන් කන්න පුරුදු වෙලා ඉන්නවා. වෙනසකට තියෙන්නේ දුප්පත්කම අපේ දුප්පත් කමට වඩා පෙනෙන්ට නැති එකයි. මේ කතාව අපේ ජීවිත කොයිතරම් ඒකාකාරීද කියන එක හොඳට පැහැදිලි කරනවා. බලන්න ලස්සන කතාවක් කම්මැලි කමක් නැහැ විශේෂයෙන්ම ගබඩාවක රැකියාවක යෙදෙන. අයට තදින්ම කාවදින කතාවක්. එහෙම කියලා අනිත් අය නොබලා ඉන්න එපා. ගහමරාගන්න ඇනකොටාගන්න දේවල් වලට වඩා මේකෙ ජීවිතයට පාඩමක් ගන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා.

එහෙනම් යාලුවනේ තවත් උපසිරසක් එක්ක හමුවෙන්නම් ඉක්මනින්ම. ඔබට ජය!!!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 1GB | YIFI

Direct Download

| Bluray | x264 | 480p | 340MB |

    

| Bluray | x264 | 720p | 1GB | YIFY

    

| Bluray | x265 | 720p | 520MB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!