The Gifted [S02 : E06]| පියුරිෆයි මෙහෙයුම්..

ඉනර් සර්කල් එක මෙන්ටල් හොස්පිටල් එකට පහර දීලා එතනින් එක රෝගියෙක් අරන් ගියා මතක ඇති. ඒ වගේම එතන හිටපු අනික් විපරීතයින් සේරමත් නිදහස් වුනා. මේ අයගෙන් බොහොමයක් ජෝන් ඇතුලු කට්ටිය ආරක්ෂා කරන්න උත්සහ කරන අතරෙ ලෝරන් සහා මාර්කෝස් උත්සහ කරනවා ඇන්ඩි සහා ලෝනව නවත්තන්න. හැබැයි වැඩේ කරගන්න බැරිවෙනවා. මොකද ඇන්ඩි ලෝරන්ට පහර දෙනවා. කොහොම නුමුත් ජෝන් ඇතුලු කට්ටිය මෙතනින් බේරගත්ත විපරීතයින්ව බෙහෙත් කරන්න ක්ලිනික් එකට එක්ක එනවා. එතනදි යම් යම් විස්තර වගයක් දැනගන්න ලැබෙනවා ඉනර් සර්කල් එක විසින් අරගෙන ගිය විපරීතයා පිළිබඳව. එයාගෙ නම වුනේ රෙබෙකා.

ඔය අතරෙ තමයි ජේස් ටර්නයි ෆියුරිෆ්ලයි’ලා එක්ක එකතුවෙලා මේ ක්ලිනික් එකට පහර දෙන්නෙ. හැබැයි මේ අයට කිසිම දෙයක් හොයාගන්න බැරිවෙනවා. ඔය අතරෙ ඉනර් සර්කල් එකෙන් අරන් ගිය රෙබෙකව ඔවුන්ගෙ වැඩ වලට යොදාගන්න උත්සහ කලත් රෙබෙකගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ. අන්තිමේ එන්ඩිට පුළුවන් වෙනවා රෙබෙකත් එක්ක යාලුවෙන්න. මේ දෙන්නා ගොඩක් සමීප වෙනවා කිව්වොත් නිවැරදියි. ඉතිං මොනවද රෙබෙකට තියෙන පවර්ස්. ඒක අපිට පසුගිය කොටසෙ හොදින් දකින්න ලැබුනා. රෙබෙකට තියෙනවා ඕනම දෙයක් කනපිට හරවන්න පුළුවන් බලයක්. ඉතිං මේ බලය ඇයි ඉනර් සර්කල් එකට අවශ්‍ය වෙන්නෙ ඕක තමයි ඊලඟ ප්‍රශ්නය වුනේ. රෙබෙකා ඉනර් සර්කල් එකට වැඩ කරන්න කැමති වෙනවත් එක්ක අපිට දැකගන්න ලැබුනා රෙබෙකා සේප්පුවක් එහෙම් පිටින්ම කනපිට ගස්සනවා. අද කොටසින් දැනගන්න පුළුවන්වෙයි මොකක්ද මෙයාලා කරන්න සූදානම් වෙන්නෙ කියලා.

ඒ වගේම මෙන්ටල් හොස්පිටල් එකෙන් බේරගත්ත විපරීතයන්ව විපරීත කදවුරේ තියන් ඉන්න එක අවධානම් නිසා මෙයාලව මාර්කෝස් සහා ක්ලැරිස් අර්ග් ලගට ගෙනියනවා. ඔයාලා දන්නවනෙ ක්ලැරිස් සහා අර්ග් අතර තියෙන ගණුදෙනුව. ඉතිං අර්ඟ්’ගෙ කොන්දේසිය වුනේ මෙයාලා අර්ග් ලඟ ඉන්නව නම් ඔවුන්ට මූනෙ යම් කිසි සලකුණු කිරීමක් කරන්න වෙනවා කියලා. ඉතිං මේ අය ඒක කැමති වෙනවා. ඕක තමයි කලින් සතියෙ සාරංශය. අද කොටස ගැන කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්න. එහෙනම් මම ගියා.

#Hail Marvel!

 

         

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 340MB |    

Direct Download

| WEBRip | x264 | TBS | 340MB |        

   

| WEBRip | x265 | 720p | 170MB |        

   

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!