The Haunting Of Hill House [S01 : E01] | නිහඬවම අරක්ගත් අන්ධකාරය…

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි, අද ඔයාලා හමුවට ගේන්න හදන්නේ මේ වසරේ ඔක්තෝබර් 12 වෙනිදා නිකුත් වෙච්ච NETFLIX ලගේ අලුත්ම සීරීස් එකක්. මේක ඇවිල්ලා තාම සති දෙකක්වත් නැති හින්දා මේ ගැන වැඩි විස්තරයක් දන්නවා ඇති කියලනම් මම හිතන්නේ නෑ. ඒක නිසා ඒ ගැන විස්තරයක් කරලම ඉන්නම් !!

කතා මාලාවේ නම සදහන් වෙන්නේ The Haunting Of Hill House කියලයි. මේ කතා මාලාව අයත් වෙන්නේ Horror,Mystery, Fantasy,Drama සහාThriller යන කාණ්ඩ වලටයි. NETFLIX ලගේ Horror කිව්වහම ඉතින් ආයේ ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Summer Of 84, The Babysitter වගේ ෆිල්ම් බලලා ඇතිනේ. හැබැයි ඒ හැම එකටමත් වඩා වෙනස්ම තේමාවක් මුල් කරගත්ත කතා මාලාවක් විදිහට මේ කතා මාලාව හඳුන්වන්න පුළුවන්.මේ කතා මාලාව සදහා පාදක කරගෙන තියෙන්නේ Shirley Jackson විසින් 1953 දී මේ නමින්ම ලියා පළ කරපු පොත.ඒවගේම මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike Flanagan විසින්. මෙයා ගැනත් ඉතින් අමුතුවෙන්කි යන්න දෙයක් නෑනේ. Gerald’s Game,Oculus,Hush වගේ නිර්මාණත් මෙයාගේ තමා. කතාවේ රේටින් අගයන් ගැන කියනවනම් 9.0 ක අතිශයින්ම ඉහළ imdb අගයකුත් , 90% ක එවැනිම Rotten Tomatoes අගයකුත් , ගූගල් පරිශීලකයන්ගේ 98% ක මනාප අගයකුත් ලබාගන්නට සමත්වුණ අපූරු නිර්මාණයක් . දැනට Top Rated Tv Shows නාමාවලියේ 26 වන තැන දිනාගන්නටත් මෙයට හැකියාව ලැබිලා තියනවා. රංගනයෙන් දායක වන නළු නිළියන් ගැනත් ටිකක් මතක් කළොත් සම්මානලාභී ප්‍රවීනයෝ රංගනයෙන්ත ම දායකත්වය ලබා දෙන කතා මාලාවක් බව සැකයක් නැතුව කියන්න පුළුවන්. ප්‍රධාන චරිත සදහා Game Of Thrones කතා මාලාවේදී අපිට හමුවෙන Daario Naharis හට පණ පොවන Michiel Huisman මේ කතා මාලාව ඔස්සේ දැක බලාගන්නට පුළුවන්. ඊට අමතරව Gerald’s Game,Nashville, San Andreas වගේ කතා වල අපිට හම්බවෙන Carla Gugino මෙහි ප්‍රධාන චරිතයකට පණ පොවනවා. ඊට අමතරව Henry Thomas ,Oliver Jackson-Cohen, Elizabeth Reaser වැන්නන් මේ සදහා ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම නිෂ්පාදන සහය ලබා දෙන්නේ පැරාමවුන්ට් පික්චර්ස් ආයතනයයි.

ඉතින් දැන් කතාව පැත්තට හැරෙමු. මේ කතා මාලාව හිල් මන්දිරය වටා ගෙතී යන කතාවක්. මීට අවුරුදු ගණනකට කලින් මේ හිල් මන්දිරයේ ජීවත් වෙන එක්තරා පවුලක් ඉන්නවා . අම්මයි තාත්තයි ළමයි පස් දෙනයි. එක් දවසක් රෑක මේ තාත්තා තමන්ගේ දරුවන්ව නින්දෙන් අවදි කරවගෙන ඉක්මනින් ගෙදරින් එළියට ගෙනල්ලා එයාලත් එක්ක වාහනයක නැගලා යන්න යනවා. තාත්තා ඉන්නේ බොහොම භීතියට පත් වෙලා . හැබැයි මේ ළමයි පස් දෙනාට මේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ. එයාලා දකිනවා තාත්තා වාහනයෙන් එයාලව එක්කරගෙන යද්දි අම්මා උඩ ජනේලෙකින් මේ දිහා බලාගෙන ඉන්න විදිහ. ඉතින් දරුවෝ ප්‍රශ්න කරනවා අම්මව එහේ දාලා එන්න හේතුව. එතනදි තාත්තා එයාලට දෙන්නේ එක උත්තරයයි.. ” ඒ  අම්මා නෙමේ ”

මෙතනින් විස්තරය නතර කරන්නම්. Horror ෆිල්ම් බලන සහෝදරයන්ට නම් අනිවාර්යෙන්ම ගැළපෙන කතාවක් .පුරා පැයක කාලයක් එක කතාංගයක් දිව යනවා. එක හුස්මට කම්මැලිකමකින් තොරව ත්‍රාසය භීතිය කුතුහලය එක්ක බලන්න පුළුවන් කතාවක් බව ඔයාලට බලද්දි තේරෙයි . මමත් කවිනු වීරක්කොඩි සහෝදරයත් රවිඳු රුක්ශාන් අයියත් මේ කතා මාලාව ඔයාලා වෙනුවෙන් ගෙන එන්නම් .එහෙනම් දෙවනි කතාංගයෙන් හමු වෙනකම් සමු ගන්නවා .

” And whatever walked there…
walked alone “

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | XviD | 4.7GB | Complete S01 |

Direct Download

| WEBRip| x265 | 720p | 200MB | PSA | 10Bit

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!