I Still See You (2018) | මළවුන් අතරන් ජීවත් වන ඝාතකයා හඹා යෑම…

නුදුරු අනාගතයේ දිනක අවසර නොලත් විකිරණ පරීක්ෂණයක් නිසා සිදුවු පිපිරීමකින් ඒ අවට ජීවත් වු සියළු මිනිසුන්ගේ එදිනෙදා ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඒ පිපුරුමෙන් බලපෑමට ලක්වු ස්ථානවල සිට එයට නිරාවරණ වු සියල්ලන් ඉන් මරණයට පත් වෙනවා. නමුත් එම පිපිරිමෙන් ඇති වු විකිරණ තත්වය නිසා මිය ගිය සියල්ලගේම අවශේෂයන් නැතහොත් අවතාරයන් (Remnants) මේ නගරය පුරාම සැරිසරනවා. මේ අවතාර සෑම දිනකම , නිශ්චිත වෙලාවකදී යම් කාලයක් තුළ දර්ශනය වෙනවා. භෞතික විද්‍යාඥයන්ට අනුව මේ අවතාර වලට ජීවත් වන මිනිසුන්ට හානියක් කරන්න බෑ. ඔවුන්ව ස්පර්ශ කරන්නත් බෑ. ඒ සිදුවීමෙන් අවුරුදු 10කට පසු මිනිසුන්ට මේ අවතාර දර්ශනය වීම සාමාන්‍ය දෙයක් වෙනවා. වෙරෝනිකා කාල්ඩර් (රොනී) මේ නගරයේ ජීවත් වන ශිෂ්‍යාවක්. ඇයගේ පියාත් මේ අනතුරට මුහුණ දී මියගොස් තිබෙනවා. නමුත් සෑම දිනකම උදෑසන කෑම මේසේයේදී තම පියාගේ අවතාරය නැතහොත් අවශේෂයක් ඇයට දකින්න ලැබෙනවා. දිනක් ඇයට නිවසේ නාන කාමරය තුළදී කිසි දිනක නොදැකපු පිරිමියෙකුගේ අවතාරයක් දර්ශනය වෙනවා. ඒ අවශේෂය ඇය අනතුරක සිටින බවට පණිවිඩයක් ලබා දෙනවා.

නියමයන් වලට අනුව මෙවැනි නව අවතාර ඇති වීමටත් , ඔවුන්ට ජීවත් වන අයත් සමඟ සම්බන්ධතා පැවත්වන්න බෑ. ඒ නිසා රොනී මේ නව අවශේෂයන් පිළිබඳ තොරතුරු විමසනවා. ඒ විමර්ශන වලදී පසුගිය අවුරුදු 10 තුල සිදු වු ගැහැණු ළමුන්ගේ අතුරුදහන්වීම් රැසක් අනාවරණය වෙනවා. මේ සියල්ලටම තමාගේ උපන්දිනය සම්බන්ධ වෙන බවත් රොනීට අවබෝධ වෙනවා. කවුද මේ අළුත් අවතාරය ? මොකක්ද රොනීට වෙන්න තියෙන අනතුර ? රොනීගේ උපන් දිනය කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ ? අතුරුදහන් උන ගෑණු ළමයින්ට මොකද උනේ ? මේ විකිරණ පිපුරුම ඇත්තටම මොකක්ද ? මේ දේවල් දැන ගන්න මේ සලරුව නරඹන ලෙසට ආරාධනා කරනවා. අවසානය දක්වාම කුතුහලය දනවන කතාවක් බවට මම වග කියනවා.

Daniel Walters විසින් රචිත Break My Heart 1000 Times නම් ග්‍රන්ථය ඇසුරින් නිර්මාණය කරන ලද මෙම සිත්තම 5.9 ක IMDb අගයක් ලබාගෙන ඇති නිර්මාණයක්. Thriller/Mystry යන කාණ්ඩ වලට අයත් මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Scott Speer විසිනුයි. Bella Thorne විසින් වෙරෝනිකා (රොනී) ලෙසත්,The 100 කතා මාලාවේ ජෝන් මර්ෆි ලෙස රඟ පෑ Richard Harmon කර්ක් ලේන් ලෙසත්, Dermot Mulroney ඔගස්ට් බිට්නර් ලෙසත් සම්බන්ධ වෙනවා. ළඟම හිතවතෙකුගේ අවමංගල්‍යයක් නිසා උපසිරැසිය කරන්න ගොඩක් පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. ඒ වගේම ෆිලුම ගැන දැනුවත් කරලා, නිතර ඒ ගැන හොයලා බලපු සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කොමෙන්ටුවක් දාලා දිරි ගන්නවන සියළු දෙනාටම ආචාර කරනවා. මේ වගේ තවත් උපසිරැසියකින් ආයෙත් හමුවෙනතුරු ජය වේවා !

ජීවත් වන්නන් අතර
මළවුන් ඇවිදින ලෝකයක
කිසිදෙයක් විශ්වාස කරන්න බෑ…..

තෙරුවන් සරණයි !

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB-DL | x264 | 720p | 840MB | 

Direct Download

| WEBRip | x264 | 480p | 290MB |

    

| WEBRip | x264 | 720p | 640MB |

    

| WEBRip | x264 | 720p | 800MB |

    

| WEBRip | x264 | 720p | 840MB |

    

| WEBRip | x265 | 720p | 630MB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “I Still See You (2018) | මළවුන් අතරන් ජීවත් වන ඝාතකයා හඹා යෑම…

  • November 10, 2018 at 7:54 am
    Permalink

    Link wada na broo

    Reply
  • November 22, 2018 at 9:16 am
    Permalink

    thanks ……………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!