Mumbai Police (2013) | මිත්‍රත්වය වෙනුවෙන්

ඉතින් ඔන්න ටික දවසකට පස්සෙ තවත් අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා ඔයාලට. Rosshan Andrrewsගෙ අධ්‍යක්ෂණයෙන් Prithviraj, Jayasurya, Rahman රංගනයෙන් දායක වුණ 2013 මැයි 13 වෙනිදා නිකුත් වුණ Mumbai Police චිත්‍රපටය තමා අද මම අරගෙන ආවේ. Mumbai Police ඇත්තටම ත්‍රාසයෙන්, කුතුහලයෙන් පිරුණු වෙනස්ම කතාවක්. අන්තිම විනාඩිය වෙනකම්ම මොකක්ද වෙන්නෙ, මොකක් වෙයිද, කියලා පොඩ්ඩක්වත් මඟහැරගන්න හිතෙන්නෙ නැති චිත්‍රපටියක් තමා Mumbai Police කියන්නෙ. 7.4/10 ක් වගේ ඉහළ මට්ටමක IMDb අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒකෙන්ම ඔයාලට චිත්‍රපටය ගැන යම් සහතිකයක් ලබාගන්න පුළුවන්නෙ. ඉතින් එහෙනම් අපි දැන් කතාව පැත්තට ටිකක් හැරෙමු.

ACP ඇන්ටනී මෝසස් නැත්නම් මැර මෝසස් කියලා හඳුන්වන පොලිස් නිලධාරියා අනතුරකට ලක්වෙන දර්ශනයකින් තමා චිත්‍රපටය ආරම්භ වෙන්නෙ. මේ අනතුරේදි එයාගෙ මතකය නැතිවෙනවා. ඒත් අනතුර සිදුවෙන්න කලින් එයා හොයාගන්නවා එයාගෙ යාළුවා ACP ආර්යන් ජෝන් ජොකොබ්ගෙ මරණයට වග කිව යුතු පුද්ගලයව. ආර්යන්ව මරා දමන්නෙ දාක්ෂිණ්‍ය සම්මාන උලෙළදි ස්නයිපර් ප්‍රහාරයක් මඟින්. ඇන්ටනි මෝසස් සහ එයගෙ මස්සිනා පොලිස් කමිසනර් ෆර්හන් සහ ආර්යන් හොඳම යාළුවො. ඉතින් ආර්යන්ගෙ මිනීමැරුම ගැන හොයන්න ෆර්හන් පත් කරන්නෙ ඇන්ටනිව. ඇන්ටනී මිනීමරුවා හොයාගත්තත් ඒක දැනුම්දෙන්න කලින් සිදුවුණ අනතුරෙන් මතකය අහිමිවෙලා. රෝහලෙ ඉඳන් එන ඇන්ටනීගෙ මතකය අහිමිවීම ගැන දන්නෙ ෆර්හන් සහ ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා විතරයි. ඒක රහසක් විදිහට තියාගෙන ෆර්හන් කරන්නෙ ආයෙ ආර්යන්ගෙ මරණය ගැන හොයන්න ඇන්ටනීට භාර දෙන එක. ඉතින් මතකය සම්පූර්ණයෙන්ම අහිමි වුණ ඇන්ටනී තමන්ගෙ මිතුරාගෙ මිනීමැරුම ගැන ආයෙත් හොයන්න පටන්ගන්නවා. හැමදේම මුල ඉඳලා පටන්ගන්න ඔහුට සිද්ධවෙනවා. ඒ අතරෙ මතකය අහිමි වීම රහසක් හැටියට තියාගන්නත් ඔහුට සිද්ධවෙනවා. ඉතින් ඇන්ටනීට සාර්ථක වෙන්න පුළුවන්වෙයිද? තම මිතුරාගෙ මිණීමරුවව හොයාගන්න ඇන්ටනිට හැකිවෙයිද? ඔන්න තියෙනවා ඔයාලට කුතුහලය පිරුණු කතාවක් බලන්න අවස්ථාවක්. වෙනස්ම කතාවක්.

මේ චිත්‍රපටයත් වෙනදා වගේම මට කරන්න භාර දුන්නෙ අපේ විකියා සහෝදරයා. උපසිරැසි නිර්මාණය කරලා අහවර කරන්න ටිකක් කල් ගතවුණා. වැඩ රාජකාරි කීපයක් නිසා. ඒකට ඔයාලගෙන් සමාව අයදිනවා. එහෙනම් ඔයාලට චිත්‍රපටය රසවිඳින්න ඉතිරි කරලා තවත් අලුත් චිත්‍රපටයක් සමඟින් ළඟදිම මුණගැහෙන බලාපොරොත්තුවෙන් මම ඔයාලගෙන් සමුගන්නවා.

යන්න කලින් තව දෙයක්:

හිතන දේ සිදු නොවෙන්න පුළුවන්. සිදුනොවෙන දේ හිතෙන්න පුළුවන්. අවසානයෙදි සියල්ල නිරවුල් වෙද්දි ආර්යන්ගෙ ඝාතකයා ඔබව මවිත කරාවි..

එහෙනම් ඔබට ජය..!!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1GB |

Direct Download

| Bluray | x264 | 720p | 1GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Mumbai Police (2013) | මිත්‍රත්වය වෙනුවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!