Pariyerum Perumal (2018) | අඩු කුලේ එකා මං…

පලවෙනි විනාඩි 7..
ඔව්, පලවෙනි විනාඩි 7න් පස්සේ උඹට දැනෙනවා මේකේ වෙනස
පලවෙනි විනාඩි 07න් පස්සේ කාටවත්ම බෑ, උඹ මේ පිචර් එක බලන එක නතර කරන්න
උඹ පුටුවට ඇලිලා වගේ ඉඳියි
ආයේ නැගිට්ටොත් නැගිටින්නේ මේක ඉවර කරලම තමයි.
සහතිකයි..
මේ පැය දෙකාමාර ඇතුළත,
උඹ ශොක් වෙයි, පපුව කීරි ගැහෙයි
ඇස් වලට කඳුලක් එන්නත් බැරි නෑ
දහ අතේ කල්පනා කරයි
පපුව ආදරෙන් පුරෝ ගනියි.
ඒ වගේම..
ඒ පැය දෙකාමාරෙන් පස්සේ
සුද්ද වෙච්ච ඔලුවක් එක්ක උඹ නැගිටියි
තොල් අතර තියෙයි,

“වා.. රෙයිල් විඩ පෝලාමා…?”
වනකින්නම් කෝවමා..
මනිචිඩු පෝලාම් වා…”

මේ කවුරුත් හෙව්ව “සාමි දෙකේ බලය” නෙමේ
කවුරුත් ඇඟිලි ගැනපු “මෝහිනී” නෙමේ
සුපර් ස්ටාර්ලාගේ බොරු රැඟිලි තියෙන ෂෝ එකක් නෙමේ
බැලුවට පස්සේ හතර වටේ, පලු යන්න බැන බැන යන එකකුත් නෙමේ

මේක රේටින් 9.4ක් තියෙන පිචර් එකක්
හොඳම දෙමල පිචර් 50 අතර තියෙන එකක්
ඩිරෙක්ටර්ගේ පළවෙනිම වැඩේ උනාට
ඉන්දියන් නැෂනල් එකක් ගන්න ඉඩ තියෙන එකක්
බඩවැල් ඇඹරිලා යන මියුසික් වලින් උඹව ලෙඩ කරන එකක්
ඉන්දියාව හරිම ආදරෙන් බදාගත්තු කතාවක්
රෝලකෝස්ටර් රයිඩ් එකක්
ඔක්කොටමත් එහා,
උඹ මිස් කරන්න හොඳ නැතිම එකක්!!

ඔව්.. කිව්වත් වගේ, මග ඇරගන්න නම් හිතන්නවත් එපා. පරියෙරුම් පෙරුමාල්… සැප්තැම්බර් මාසේ 28 වෙනිදා තමයි තිරගත වුණේ. කෝටි 3.5ක අඩු වියදමක් යටතේ නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. නමුත් කෝටි 4.5ක මුදලක් උපයාගෙන තියෙනවා. උඩ කිව්වා වගේ මාරි සෙල්වරාජ්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය. ඒත් බලලම තීරණය කරන්න කිරි සුවඳ ගෑවිලාවත් තියේද කියලා. බහුතරයක් ඉන්දීය ප්‍රේක්ෂකයන් කියන්නේ නම් ඉන්දීය ජාතික සම්මානයක් ඩැහැගන්නම පුළුවන් මට්ටමේ චිත්‍රපටියක් කියලයි. ඉන්දියාවේ දැවැන්ත විදිහට මුල් බැසගත්ත කුල බේදය මූලික කරගෙන නිර්මාණය වෙච්ච මේ කතාව ඉන්දියාවේ ජනතාව හරිම ආදරයෙන් වැළඳගත්තේ. ප්‍රේක්ෂක විචාර දැක්කම ඒ ගැන හොඳට හිතාගත්තහැකි. රංගනය ගැන කතා කරොත් කදීර් වෙන විකල්ප නළුවෙක් ගැන හිතන්න ඉඩ දීලම නැහැ, ඒ වගේම සුන්දර ආනන්දී චිත්‍රපටියට වෙනම ආලෝකයක් අරන් එනවා. යෝගී බාබු තමන්ගේ සුපුරුදු සහය රංගන දායකත්වය අඩුවක් නැතුවම ලබා දෙනවා. අනිත් විශේෂම දේ, සංගීතය.. සන්තෝෂ් නාරායන්ගේ සංගීතය ම්ම්ම් කියන්න තේරෙන්නේ නෑ. Karuppi ගීතයට හිත චංචල නොවුනොත් තමා පුදුමේ. චිත්‍රපටිය බලපු කෙනෙක් මේ ගීත ටික නම් ආයේ අහන්නේ නැතුව ඉන්න එකක් නෑ. ඒ අය වෙනුවෙන් මම පහළින් Youtube ලින්ක් ටික දාගෙන යන්නම්. එහෙනම් මේ අවස්තාව ඔයාට, හොඳ හොඳ සිනමා නිර්මාණයකින් මනස පුරවගන්න.. කවුරු වෙනුවෙනුත් ආදරේ බෙදාහරින්න.

ප.ලි : චිත්‍රපටිය ගැන ඔත්තුව දුන්නට අචින්ත සහෝදරයාටත්, හිර වෙච්ච වෙලාවල් වලදී උදව් කරපු ඉන්ද්‍රජිත් සහෝදරයාටත් ගොඩක්ම ස්තූතියි

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRip | x264 | Esub | 700MB | 

Direct Download

| HDRip | x264 | Esub | 250MB |

    

| HDRip | x264 | Esu | 400MB |

    

| HDRip | x264 | Esub | 500MB |

    

| HDRip | x264 | Esub | 700MB |

    

| HDRip | x264 | 720p | 1.4GB |

    

| HDRip | x265 | 720p | 900MB |

    

| HDRip | x265 | 1080p | 1.7GB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Pariyerum Perumal (2018) | අඩු කුලේ එකා මං…

  • November 3, 2018 at 9:46 am
    Permalink

    Post eka kiyewwama night data enakam wath inna hithenne naha thank you……😍

    Reply
  • November 3, 2018 at 9:47 am
    Permalink

    Post eka kiyewwama night data enakam wath inna hithenne naha damma damma … thank you 😍

    Reply
  • November 4, 2018 at 12:17 am
    Permalink

    මං බලපු ෆට්ටම ෆිල්ම් එකක්… සබ් එක පට්ටෙට කරල තියනව රොම්බ තෑන්ක්ස් සහෝදරයා ජයවේවා..

    Reply
  • November 7, 2018 at 10:13 pm
    Permalink

    හොඳ film එකක්, සබට ස්තූතියි…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!