The Incredibles 2 (2018) | සුපිරි පවුල ආයෙත් ! [Bluray Update]

Incredibles ඔව් ඔස්කාර් සම්මාන දෙකක් දිනපු IMDb අගය 8ක් හිමිකරගත්තDisney සහ Pixar Animation දායකත්වය යටතේ 2004 වසරේ ඔබට මට දැකගන්න රිදී තිරය මත දිගහැරුන ත්‍රිමාණ සජීවිකරණ සලරුවේ දෙවැන්න තමයි අද මම සිංහල උපසිරැසි සමඟින් ඔයාලට අරගෙන ආවේ. අවුරුදු 14 කට පසුව මෙහි දෙවැන්න නිර්මාණය කරන්න තීරණය කිරීම ගැන මේ සමාගම් නම් මේ වනවිට ඉමහත් සතුටකින් ඇත්තේ. ඉතින් ඒ සතුට පිටුපස නිසැකවම ඉන්නේ මේ චිත්‍රපටය මේ වනවිට සමාගම වෙනුවෙන් ලබාදුන් ආදායම් වාර්තා කිව්වොත් වඩා නිවැරදියි. 2018 වසරේ ආදායම් වාර්තා සටහන් පෙරලුවොත් ඔයාලට මේ චිත්‍රපටය මුල් අංක තුන අතර ඉන්නවා දකින්න ලැබේවි. ඒ වගේම තමයි පළමු චිත්‍රපටයට නොදෙවෙනි වෙන්න දැනට මෙහි IMDb අගය වාර්තා වෙන්නේ 8.1 විදිහටයි. ඒ වගේම Rotten Tomatoes අගය 94% විදිහටත් ලබාගනිමින්  දෙවන ආගමනය  ඉතාමත් ඉහල ස්ථානයක  සනිටුහන් කරන්නට අදවන විට සමත්වී තිබෙනවා. මේ ලිපිය ලියන දින එනම් 2018.10.22 දින වන විට සමස්ත ආදායම  ඩොලර් මිලියන 1228ක් උපයාගෙන අවසානයි. ඒ වගේම ඇනිමේෂන් චිත්‍රපටයක් මේතාක් කාලයකට හිමිකම් කියූ වැඩිම ආදායමත් හිමි වන්නේ මේ චිත්‍රපටයටයි. මේ වෙනුවෙන් වැයවූ නිෂ්පාදන පිරිවැය උනේ ඩොලර් මිලියන 200ක්. ඉතින් සාර්ථකත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ලොව වැඩිම ආදායම් අතින් 16 වන තැනත් මේ ඇනිමේෂන් චිත්‍රපටය හිමිකරගෙන අවසානයි. එහෙනම් මම කියන්නම් මේ චිත්‍රපටයේ පළමු වැන්න මොකද්ද සහ එහි අවසානය ගැන.

පළමු චිත්‍රපටයේ පසුබිම

බොබ් එහෙමත් නැතිනම් මිස්ටර් ඉන්ක්‍රෙඩිබල් කියන්නේ සුපිරි වීරයෙක්. එයාට තියෙනවා ලොකු ශක්තියක්. ඒ වගේම ඉලාස්ටිගර්ල් හෙවත් හෙලන් පාර්ර් කියන්නේ නම්‍යශීලි සිරුරක් තියෙන ඇඟ විවිධ ආකාරයට අදින්න පුළුවන් කම තියන කෙනෙක්. ඇය තමයි බොබ්ගේ බිරිඳ. ඉතින් එක්තරා සුපිරි වීර වැඩකදී ඉන්ක්‍රෙඩිබල් මහත්තයා ඇතුළු පිරිස කරන වරදක් නිසා ලෝකයම සුපිරි වීරයන්ව ප්‍රතික්ෂේප කරනවා ඔවුන්ගේ සේවය තව දුරටත් අවශ්‍ය නැහැ කියල. ඒ වගේම සුපිරි වීරයන්ව නීතියෙන් තහනම් කරනවා. මේ පවුලේ තව සාමාජිකයෝ තුන් දෙනෙක් හිටියා කියල මතක ඇති. ෆ්ලෑෂ් වගේ දුවන්න පුළුවන් කම තියන ඩෑෂ් කියල පුතෙකුයි. තමා වටා ශක්ති වළල්ලක් නිර්මාණය කරගන්න පුළුවන් වයලට් කියල දුවෙක් සහ ජැක්-ජැක් කියල සුපිරි බබෙකුත් මේ පවුලට අයත් උනා. මේ හැමෝම සුපිරි වීරයන් නිසා එයාලගේ ප්‍රධාන රාජකාරිය උනේ සුපිරි වැඩ කරලා ලෝකය බේරගන්න එක. දැන් තත්වය වෙනස් ලෝකෙට එහෙම අවශ්‍යතාවක් නැහැ. ඉන්ක්‍රෙඩිබල් මහත්තයට සිද්ධ වෙනවා රක්ෂණ නියෝජිතයෙක් වෙන්න. එයා දැන් මිනිස්සුන්ට රක්ෂණ  ඔප්පු විකුනනවා. ඉලාස්ටිගර්ල් සාමාන්‍ය ගෘහණියක් විදිහට දරුවන් බලාගෙන ඉන්නවා. කලින් ගෙවූ ජිවන රටාව මුළුමනින්ම වෙනස් උන නිසා දැන් අලුත් ජිවන රටාවෙන් ඉන්ක්‍රෙඩිබල්මහත්තයට නම් එපා වෙලා ඉන්නේ. ඒ අතරේ ඉන්ක්‍රෙඩිබල් මහත්තයාගේ යාලුවෙක් වන තවත් සුපිරි වීරයෙක් ඉන්නවා ෆ්‍රෝසන් කියල. එයා එක්ක පොලිස් සංනිවේදන මාර්ග වලට හොරෙන් සවන් දෙමින් සුපිරි වීර වැඩ වලත් නීතියට පිටින් නියැලෙනවා. මේ අතරේදී ඉන්ක්‍රෙඩිබල් මහත්තයට අලුත් යෝජනාවක් ලැබෙනවා. ඉතින් මේ යෝජනාව භාරගන්න යන මිස්ටර් ඉන්ක්‍රෙඩිබල්ට මුණ ගැහෙන්නේ කලින් සුපිරි වීරයෙක් වෙන්න දඟලපු කෙනෙක්ව. දැන් එයා තාක්ෂනය උපයෝගී කරගෙන සුපිරි වීරයෙක් වෙන්නයි යන්නේ. එයාම නිර්මාණය කරන රොබෝ වරුන්ගෙන් එයාම ලෝකය බේරාගෙන තමන් සුපිරි වීරයෙක් බව ඔප්පු කරන්නයි මේ කෙනාට අවශ්‍ය. ඉතින් අවසානයේ ඉන්ක්‍රෙඩිබල් පවුල මේ කෙනාව පරාද කරල් ලෝකය මේ කරදරෙන් බේරගන්නවා.  අන්න එහෙමයි පළමු වැන්න අවසන් උනේ. අවසානයේ අපි දැක්කා පොළව පලාගෙන උඩට එන ලොකු යන්ත්‍රයක් එක්ක සටන් කරන්න මේ පවුලම සූදානම් වෙනවා.

මේ චිත්‍රපටය ඇරඹෙන්නේ එහෙමයි. ඒ යන්ත්‍රය එක්ක සටන් කරන්න යන ඉන්ක්‍රෙඩිබල් පවුලට සිද්ධ වෙන්නේ නොහිතපු දෙයක්. අන්තිමේ වඳින්න ගිය  දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වෙලා සුපිරි වීරයන් ලෝකයේ තහනම් කරනවා. ඉතින් මේ සිද්ධිය අවසානයේ එයාලට සිද්ධ වෙනවා හැංගිලා ඉන්න. ඒ අතරේදී මේ පවුලට කෙනෙක් මුණ ගැහෙනවා ෆ්‍රෝසන් මාර්ගයෙන්. ඉතින් ඒ කෙනා ළඟ අපුරු යෝජනාවක් තියෙනවා. ඒ අපුරු යෝජනාව මොකද්ද කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් පසුගිය ජුනි 15 තිරගත වීම ආරම්භ කල මේ සාර්ථක සලරුවට හඬ කැවීම් අංශයෙන් කලින් දායක වූ පිරිසම දායක වෙනවා. Craig T. Nelson, Holly Hunter, Sarah Vowell සහ Samuel L. Jackson සුපුරුදු පරිදි හඬ දායකත්වය ලබා දෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිදු උනේ කලින් අධ්‍යක්ෂකවරයා වූ Brad Bird විසින්මයි. එහෙනම් තවත් ප්‍රමාද නොකර මම ගිහින් එන්නම්. ඒ වගේම මේ ලබා දෙන්නේ නියම HD පිටපතට අදාළ උපසිරස. ඊයේ දින නිකුත්මෝ උන දැන්වීම්ට සහිත පිටපත ඩවුන්ලෝඩ්ම කළා නම් මේක ගැලපෙන එකක් නැහැ. ඒ නිසා අලුත් HD පිටපත බයිස්කෝප්ඩවුන්ලෝඩ් අඩවියෙන් බාගත කරගන්න. නැවත හමුවෙමු. සුබ දවසක්. ජය!

 

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 990B | 

Direct Download

| Bluray | x264 | 720p | 300MB |

    

| Bluray | x264 | 720p | 990MB | YTS |

    

| Bluray | x264 | 1080p | 1.9GB | YTS |

    

| Bluray | x265 | 720p | 730MB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!