The Flash [S05 : E04]| මෙටා හියුමන් සහ මෙටා ….?

ඉතින් මිත්‍රවරුනි ටිකක් විතර පරක්කු උනා. වැඩ බොහොම අධිකයි. කලින් සතිය ගැන මම ටිකක් මතක් කරන්නම්. අලුත් වෙල්ස් කෙනෙක් ඔන්න අපිට දකින්න ලැබුනා. එයා තමයි රහස් පරීක්ෂක ෂර්ලොක් වෙල්ස්. සිකේඩා ගැන හොයන්න ෆ්ලෑෂ් ටීම් එකට උදව්වට තමයි එයා ආවේ. එයා මීට කලින් ඒ කියන්නේ මෙයා ඇවිත් තියෙන්නේ අනාගතයෙන් නිසා, එයාට අනුව අතීතයේ 37 වතාවක් එයා මේ සිකේඩා කියන පුද්ගලයා කොටු කරගෙන තියනවා කියලා කිව්වා. ඉතින් මේ සිකේඩා අල්ලන එකත් මහ ලොකු වැඩක් වගේ නෙමෙයි පෙනුනේ. ඒත් නෝරා ආපු එකෙන් කාල රාමුව වෙනස්වීම නිසා සිකේඩාත් වෙනස් පුද්ගලයෙක් බව කට්ටියට පැහැදිලි උනා. ඉතින් ගිය සතියේ මාතෘකාව දැක්කාම කට්ටිය බලන්න ඇති සිස්කෝ මැරෙයිද කියලා. එහෙම උනේ නැහැනේ. ඇත්තටම එයාට දැන් මැරුණ කෙනෙක් වගේ ඉන්න සිද්ධවෙලා, මොකද සිකේඩා මෙයාගේ පස්සෙන් පන්නන නිසා. ඉතින් කලින් සතියේ කොටස අවසාන උනේ වයිබ්, ෆ්ලෑෂ් සහ XS, සිකේඩා එක්ක සිද්ධවුනු සටන.

ඉතින් මේ සතියේ කොටස ගැන පොඩ්ඩක් විතර කිව්වොත්, ෂර්ලොක්ට වැඩේ වැරදුන බව අපි ගිය සතියේ දැක්කා. මොකද දැන් සිකේඩා කියන්නේ අලුත්ම පුද්ගලයෙක්. ඉතින් එයාට අලුතෙන්ම මහන්සියක් ගන්න වෙනවා. ඔයාලාට කියන්න ඕන දැන් ඩිබ්නි ටිකක් වෙනස් වෙලා කියලා දැනෙන්නේ මට විතරද? ටිකක් එයාගේ මොලේ වැඩි වෙලා වගේ ගතියක්? මොකද කලින්ට වඩා එයා දැන් ටිකක් වැඩ පෙන්නනවා. අපි බලමු ඉස්සරහට ඒ ගැනත් කතාවෙන් මතු කරලා පෙන්නයිද කියලා. ඉතින් අද කොටස බැලුවාම ඔයාලාට හිතාගන්න පුලුවන් වෙයි මෙටා මිනිස්සු විතරක් නෙමෙයි ඉන්නේ කියලා. එතකොට මෙටා මිනිස්සු හැරුනාම වෙන කවුද ඉන්නේ? ඒක බලන්න අපි මේ කොටස බලමු. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු. ගිහින් එන්නම්. ජය!!!

 

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 330MB |

Direct Download

| HDTV | x264 | 480p | 170MB |

| HDTV | x264 | SVA | 300MB |

| HDTV | x265 | 720p | 220MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!