Saamy² (2018) | ඊළඟ සාමි (දෙවියන්)

හොඳයි එහෙනම් ඔන්න ගොඩක් අය එනකන් බලාගෙනම හිටපු සුපිරිම දමිල සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. ඇත්තටම කියන්න ඕන මේ චිත්‍රපටිය වෙනුවෙන් හොඳ පිටපතක් නිකුත් වෙලා දැනට දවස් ගානක් උනත් මේ සබ් එක කරන්න බාරගත්තු පුද්ගලයාට මේක කරන්න වෙන්නේ නෑ කියලා අපිට දැනගන්න ලැබුනේ ඊයේ දවසේදී. ඉතින්, මේක බාරගත්ත කෙනා කරන්නේ නැහැ කිව්වා කියලා සිසිල සහෝදරයාගේ පණිවිඩයත් එක්ක වහාම ක්‍රියාත්මක වුනු මමයි අපේ තරිඳු රුක්ෂාන් සහෝදරයයි දත් විකාගෙන මේකේ සබ් එක කරන්න පටන් ගත්තා ඊයේ හවස ඉදන්. ඉතින් අමතක කරන්න බෑ මේ වෙලාවේ අපිට හොඳ සහයක් ලබාදුන්නු ඉන්ද්‍රජිත් අයියව සපෝට් එකක් ඉල්ලුව සැනින් තමන්ගේ වටිනා කාලය කැප කරලා දුන්නු සපෝට් එකට. ඔයාලා අපි හැමෝම දන්නවා වික්‍රම්ගේ ෆිල්ම් එකක් කිව්වම මිනිස්සුන්ට ඒක බලන්න තියෙන හදිසිය කොච්චරක්ද කියලා. ඉතින් අපි දන්නවා මේකේ පිටපත නිකුත් වෙච්ච වෙලාවේ ඉඳන් බයිස්කෝප් එකේ සබ් එක දානකන් මොනතරම් නොයිවසිල්ලෙන්ද බලන් උන්නේ කියලා. දවසක් දෙකක් නම් කමක් නෑ. ඒත් ගොඩක් පරක්කු උනා. හැමදේටම කලින් මුලින්ම ඔයාලගේ බලාපොරොත්තුව ඉටුකරන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් ඔබෙන් සමාව අයැද සිටිනවා.

වික්‍රම, නැතිනම් චයියාන් වික්‍රම් කියන්නේ දෙමල සිනමාවේ ඉන්න ඩයල් එකක් කිව්වොත් මං හිතන්නේ මං වැරදි නෑ..මං හිතන්නේ ඊයේ පෙරේද ඉපදුනු බබෙක් ඇරෙන්න වික්‍රම් ගැන නොදන්න සිනමා ප්‍රේක්ෂකයෙක් නැති තරම්. වික්‍රම් කිව්වම IKanthaswamy, Deiva ThirumagalBheemaa,Gemeni කියන නම් ඉබේම දිවේ නලියන වචන ටිකක්. ඒ වගේම, මෑත කාලේ ආපු Iru Mugan,Sketch එහෙමත් තවම මතකයෙන් ඉවත් වෙලා නෑ මිනිස්සුන්ගේ. ඒ විතරක් නෙවෙයි ඔය ලිස්ට් එකේ අඩුවක් තියෙනවා තේරුනාද දන්නේ නෑ.. වික්‍රම් කිව්වම තවත් අමතක නොවන වචනයක් තමයි සාමි. බලපු අය ඉන්නවනම් මතක ඇති වික්‍රම්ගේ Saamy (2003) චිත්‍රපටිය. ඉතින් ඔන්න ඔය සාමි චිත්‍රපටිය නිකුත් වෙලා වසර 15කට පස්සේ එනම් 2018 වර්ෂයේ සාමි චිත්‍රපටියේ දෙවන කොටසක් නිකුත් වෙනවා වික්‍රම්ගේ මේ වසරේ නිකුත් වෙච්ච දෙවැනි චිත්‍රපටිය විදිහට. ඉතින් පරණ සාමි අධ්‍යක්ෂණය කරපු Harikrishnan විසින්ම තමයි මේ සාමිත් අධ්‍යක්ෂණය කරන්නේ වසර 15කට පස්සේ. Shibu Thameens ගේ නිෂ්පාදනයෙන් සහ දකුණු ඉන්දියානු සංගීතයේ වර්තමාන පරම්පරාව නියෝජනය කරන තරුව Devi Sri Prasad ගේ සප්ත ස්වරයෙන් හැඩවුණු සාමි දෙවන චිත්‍රපටිය මේ වසරේසැප්තැම්බර් 21 වෙනිදා මිනිත්තු 156 ක ධාවන කාලයකින් යුතුව තිරගතවීම ආරම්භ වූවා..වික්‍රම්ට අමතරව Prabh, Bobby Simha, Keerthy Suresh, Aishwarya Rajesh, John Vijay එහෙමත් මේකේ අනෙකුත් චරිත සඳහා තම රංගන දායකත්වය සපයල තියෙනවා.

දැන් හැමෝම හිතනවා ඇති මේක සීරියල් එකක් නිසා පලවෙනි එක බලන්නේ නැතුව මේක බලලා තේරුමක් වෙන එකක් නෑ කියල. එහෙම කේස් එකක් නෑ මොකද පලවෙනි චිත්‍රපටිය නිකුත් උනේ 2003 දී මේක නිකුත්වෙන්නේ 2018 දී ඒ කියන්නේ අවුරුද් 15 කට පස්සේ ඉතින් මීට අවුරුදු පහළොවකට කලින් බලපු එකක දෙවනි කොටස පොල්ලෙන් ගහන්න වගේ එයි කියල හිතනවද.? නෑ එහෙම එකක් නෑ. මේ චිත්‍රපටිය පටන් ගනිද්දී විනාඩි කිහිපයක් තුල පලවෙනි චිත්‍රපටියේ කතාව සාරාංශයගතව සංක්ෂිප්ත අයුරෙන් පෙන්වනවා. ඒ හොඳටම ඇති ඒක තේරුම් ගන්න. ඉතින් පලවෙනි එක බැලුවේ නෑ කියලා අවුල් ඔලුව කචල් කරගන්නේ නැතුව චිත්‍රපටිය බලන්න කියලා මුලින්ම කියල ඉන්නම්. ආරුසාමි කියන්නේ අවංක නිර්භීත පොලිස් නිලධාරියෙක්, හරියට කිව්වොත් සිංහම් වගේ කෙනෙක්. සාමි පලවෙනි කොටසේදී යන්නේ මෙන්න මේ ආරුසාමිගේ කතාන්දරය. ඉතින් දෙවැනි කොටසට එද්දී මේ ආරුසාමි මැරිලා එයාගේ පුතා ලොකුවෙලා එයත් පොලිස් නිලධාරියෙක් වෙලයි ඉන්නේ. ආරුසාමි ඇත්තටම මැරෙන්නේ නෑ.. එයාගේ පවුල පිටින් ඝාතනය කරනවා. ඉතින් මේ ඉතුරු වෙච්ච පුතාගේ නම තමයි රාමසාමි. එයා වටා ගෙතුණු කතාවක් තමයි අද මේ අරගෙන එන සාමි දෙවන කොටසේ ඔයාලට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ රාමසාමිටත් එයාගේ තාත්තව මරපු මිනීමරුවන්ව කොටු කරන්න ගහන ගේම පිලිබඳ තමයි මේකේ කතාව ගෙතිලා තියෙන්නේ..

කතාව ගැන වැඩි විස්තර කරන්න යන්නේ නෑ මම. මොකද මේකේ නම දැක්ක සැනින් ඇවිත් මේ චිත්‍රපටිය ඔයාලා අරගන්නවා කියලා මට විශ්වාසයි. ඉතින් අවසාන වශයෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ඉන්ද්‍රජිත් සහෝදරයට සබ් එක ඉක්මනින් අවසන් කරන්න ලබාදුන්නු සහයෝගය සම්බන්ධව.මටයි තරිදු අයියටයි භාර උනේ දවස් දෙකකටත් වැඩිය පරක්කු වෙච්ච දෙබස් 2300 කින් විතර පිරුණු දැවැන්ත චිත්‍රපටියක සබ් එකක්. ඉතින් ඉන්ද්‍රජිත් අයියගේ සහයෝගයත් අරගෙන ඔයාලට මේ උපසිරැසිය ඉක්මණින්ම ගෙනල්ල දෙන්නයි අපි දත කෑවේ. ඉතින් එහෙනම් යන්නට අවසරයි. යන්න කලින් මතක් කරනවා ඇඩ්මින් මණ්ඩලයේ සහෝදරයින්වත්, බයිස්කෝප් උපසිරසි කණ්ඩායමේ සියලුම උපසිරැසිකරුවන්වත්, හැමෝටම දිගටම සබ් කරගෙන යන්න වගේම සියලුම වැඩ කටයුතු සඳහා අවශ්‍ය කාලය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඒ වගේම වෙබ් අඩවියට පිවිසෙන ඔබ සැමටත් කරන සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න වගේම නිරෝගී සුව ප්‍රාර්ථනා කර සිටිනවා. ජයෙන් ජය…!!!

 

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 720p | 1.4GB | 

Direct Download

HDRIP | x264 | SD | 200MB |

    

HDRIP | x264 | SD | 270MB |

    

HDRIP | x264 | Esub | 430MB |

    

| HDRIP | x264 | Esub | 710MB |

      

| HDRIP | x265 | 720p | 925MB |

      

| HDRIP | x264 | 720p | 1.4GB |

      

| HDRIP | x265 | 1080p | 1.6GB |

      

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Saamy² (2018) | ඊළඟ සාමි (දෙවියන්)

  • October 30, 2018 at 3:21 pm
    Permalink

    වික්‍රම්ගේ හොඳම ෆිල්ම් අමතක උනා නේද බ්‍රෝ… #Anniyan (2005), #Ravanan (2010) කියන්නේ මන් ආසම ෆිල්ම් තමයි වික්‍රම්ගේ.. පට්ටම ඇක්ටින්..
    ජය වේවා බයිස්කෝප් එකට..තැන්ක්ස් දිලාන් බ්‍රෝ..

    Reply
    • November 6, 2018 at 3:31 pm
      Permalink

      Mata sub Hanna udau karannako
      Kisima films ekaka sub Hanna be
      Plzzz

      Reply
  • October 30, 2018 at 4:07 pm
    Permalink

    මචං පරියාර් පෙරුමාල් එකටයි වන්ජුගර් උලගම් එකටයි සබ් දියං කො

    Reply
  • October 30, 2018 at 11:45 pm
    Permalink

    බොහොම ස්තුතියි මචන් වැඩේට. Thankyou

    Reply
  • October 31, 2018 at 12:35 am
    Permalink

    උබල මාරයි බං. මාර කට්ටක්නෙ කන්නෙ. උබල කරන හැමදේකටම ශක්තිය තව තව ලැ⁣බෙන්න ඕන. ස්තුතියි හැමෝටම.

    Reply
  • November 11, 2018 at 2:16 am
    Permalink

    Thanks bn😍😍

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!