Koode (2018) | පියඹා යමු ආදරයේ මිහිර සොයා…

ඔහු නමින් ජොෂුවා…
දරුවන් දෙදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා.
ඇය නමින් ජෙනිෆර් හෙවත් ජෙනී…
ජොෂුවාගේ බාල සහෝදරිය.
සමහර අය සාමාන්‍ය විදියට ඉපදිනවා…
හැබැයි, හැමෝටම සාමාන්‍ය විදියට ඉපදෙන්න තරම් වාසනා බලයක් නැහැ.
මොකක්දෝ මන්දා කරුමයකට මේ ජෙනීටත් ඒ වාසනා බලය පිහිටලා තිබුනේ නැහැ.
උපතින්ම පැමිණි රෝගී තත්වයක් නිසා,
ජෙනීගේ අවයව සාමාන්‍ය විදියට ක්‍රියාත්මක වුනේ නැහැ.
නමුත්, එහෙමෙයි කියලා…
මොන අම්මා තාත්තද තමන්ගේ දරුවව කුණු කූඩෙට විසී කරලා දාන්නේ?
මොන අයියා කෙනෙක්ද තමන්ගේ නංගිට ආදරය නොකර ඉන්නේ?
අධික වියදමක් දරලා…
බෙහෙත් වල පිහිටෙන් ජෙනීව ජීවත් කරවන්නයි මේ අයගේ සූදානම.
කාර්මික රස්සාවක් කරපු අහිංසක තාත්තට,
පවුලේ විය හියදම් දරාගන්න බැරි තැන,
ඒ වෙද්දී යන්තම් අවුරුදු පහළොවක් වෙච්ච ජොෂුවා…
ගල්ෆ් කලාපයේ රස්සාවකට යන්නේ…
කොහොමහරි තමන්ගේ ආදරණීය නංගිගේ ජීවිතය රැක දෙන්න හිතාගෙන!
වසර ගණනාවක් ගත වුණා…
අවුරුදු 4-5කට වතාවක් විතරයි,
තමන්ගේ පවුල බලන්න ජොශුවට ගෙදර එන්න වරම් ලැබුනේ.
නමුත්, දවසක් දා…
හදිසි දුරකථන ඇමතුමක් ලැබෙනවා ජොශුවට…
ගෙදරින්!
හදිසියේම මළ ගෙදරක්!
කවුද මේ මිය ගියේ?
අම්මාද? තාත්තද?
නැත්නම්, අසනීපයෙන් ඉන්න තමන්ගේ ආදරණීය නංගිද?
ගෙදර යන්න හිත හදාගන්න බැරි වුණත්,
නොගිහින් බැරි තැන, ඉබේම යැවුනා.
අනෝරා වැස්සක අවසන් ගෞරව මධ්‍යයේ,
කෙනෙකු අවසන් ගමන් ගියා!
හදවත ඉකිගසා හැඬුවත්, 
අඬන්නට ඇස් දෙකේ තවත් කඳුළු ඉතුරු වෙලා තිබුනේ නැහැ!
නමුත්,
දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනු ඉඩෝරය මදකට සමනය කරමින්,
වියලි පොළවට පොද වැස්සක් කඩා හැලෙන්න ගත්තා.
ඉරි තැලී, වියළී ගොස් තිබූ මහ පොළව,
ඒ පොද වැස්ස…
ඉමහත් වූ සාදරයෙන්, ආදරයෙන් වැළඳගත්තා!

ඔහුට පමණක් පෙනෙන…
ඔහුට පමණක් ඇසෙන…
ලොවට නොපෙනෙන…
ලොවට නොඇසෙන…
අබිරහස් ඇය!
ආදරය කියාදුන් ඇය…
ආදරය ලබාදුන් ඇය…
මුවගට සිනහවක් රැන්දූ ඇය…
නෙතට කඳුළු බිඳක් එක්කල ඇය…
මගේ දැවී ඉරිතැළුණු ආත්මය වට,
එකම අනෝරා වර්ෂාව වූ ඇය…
දහසක් සිහින කරපින්නාගත් ඇය…
දහසක් දෙනා සිනහවෙන් සුවපත් කළ ඇය…
කිමද ඔබ ගියේ හැරදා…
මේ සොඳුරු ලොව තුල මා තනිකර දා…?

මලයාලම් සිනමාව තුලින් පමණක් නොනැවතී, ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුල ජය කෙහෙළි නැංවූ, ඒ අග්‍රගණ්‍ය රංගන ශිල්පියා, Prithviraj Sukumaran… Ohm Shanthi Oshaana (2014) සහ Bangalore Days (2014) වැනි සිනමා නිර්මාණ තුලින් රසික සිත් සතන් පැහැරගත්තා වූ, හැඩකාර Nazriya Nazim ගෙන් කලකට පසුව සිනමාවට නැවත අවතීර්ණ වීමක්, තමන්ටම ආවේණික රංගන කුසලතාවයකින්, වර්තමාන මලයාලම් සිනමාව තුල ඉහලම ස්ථානයක වැජඹෙන්නා වූ, සම්මානනීය රංගන ශිල්පිණී, Parvathy… Bangalore Days සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරමින් සියලු දෙනාගේම අවදානය තමා වෙතට නතුකරගත් ඒ අද්විතීය අධ්‍යක්ෂිකා Anjali Menon ගේ විශිෂ්ඨ අධ්‍යක්ෂණයෙන් හැඩ වැඩ ගැන්වූ මෙම අපූරු සිනමා සිත්තම IMDB දර්ශකයේ 7.9 ක ඉහලම අගයකින් සිත්තම් වී තිබෙනවා. ඒ වගේම තමයි, Happy Journey (2014) නම් මරාටි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් තමයි Koode නමින් මේ ආකාරයට ඔබ වෙතට තිලිණ වෙන්නේ.

හැමදාමත් ඔබ ඕනෙතරම් චිත්‍රපට නරඹනවා ඇති. හැබැයි, කවදාවත් චිත්‍රයක් නරඹලා හරි රසවිඳලා හරි තියෙනවද? පොඩි දෙයක් කියන්නම්… ඔබ මේ නරඹන්න සූදානම් වෙන්නේ සිනමා නිර්මාණයක් නෙමෙයි, හදවතට කතා කරන්න පුළුවන් බොහොම ප්‍රබල සිත්තමක්! හදවත නිවී සනසවන්න පුළුවන් ආකාරයේ අතිශය අලංකාර පසුබිම් දර්ශණ, Raghu Dixit නම් සංගීතවේදියාගේ අතිශය මනරම් සංගීතයෙන් වර්ණවත් වූ පසුබි සංගීතය, එයට නොදෙවෙනි වන්නා වූ ඉතාමත් මිහිරි ගීත සමුදාය… නිසැකවම මොහොතකට ඔබගේ හදවත ඔබටත් හොර රහසේම නතර කරාවි. විටෙක ඔබගේ මුව සිනහවකින් වර්ණවත් වේවි… තවත් විටෙක ඔබටත් නොදනීම ඔබගේ දෑස් හඬා වැටේවි… ඔබටත් හොරා ඔබගේ හදවත ශෝකයෙන් බර වේවි… බය නැතුව කියන්නම්, ඔබටත් හොරා, ඔබටත් නොදැනීම පුරා හෝරා දෙක හමාරක් ගෙවිලා යාවි… මේ වසරේ මලයාලම් සිනමාව කැළඹු, මලයාලම් ප්‍රේක්ෂකයන් වැඩිම බලාපොරොත්තු තබා තිබූ, Prithviraj, Nazriya, Parvathy සහ Anjali Menon සුසංයෝගයෙන් බිහිවූ, වසරේ දැවැන්තම මලයාලම් ආදර අන්දරය… Drama , Fantasy, Thriller කාණ්ඩ නියෝජනය කරමින්, ඔබගේ හදවත තුල සදා නොමැකෙන මතකයන් රැසක් ඉතුරු කරාවි.

කම්මැලියි කියලා හිතුණද? එහෙනම් කමක් නැහැ… අතෑරලා දාන්න. ඔබගේ නොලැබීම කියලා හිත හදාගන්න. අවසානය වෙනකම් බලපු අය, හිතට දැනුණේ මොකද කියලා වචනයක් හරි බෙදාගෙන යන්න. ආදරයට ආදරය කරන්න… ආදරය සොයා පියඹා යන්නට… අනිත් අයටත් පියාපත් ලබාදෙන්න! දැවී තැවුණු සිත් පුබුදු කරන්නට… අවසරයි සියලු දෙනාගෙන්ම ආදරයෙන්!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  DVDRIP | x264 | ESub | 715MB | 

Direct Download

| DVDRIP | x264 | ESub | 275MB |

    

| DVDRIP | x264 | ESub | 425MB |

    

| DVDRIP | x264 | ESub | 715MB |

    

| DVDRIP | x264 | 720p | 1.4GB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!