Ranam (2018) | දෛවයේ දෙවෙනි අවසරය!

“ඩිට්‍රොයිට් වලට සාදරයෙන් පිලිගන්නවා!
ඇමෙරිකාවේ අති බිහිසුණුම නගරය! 
අතීතයේ මේ නගරය රථ-වාහන කර්මාන්තශාලා රාශියක් සහිත ලොව රැකියා අවස්ථා වැඩිම නගරය බවට පත්වෙලා තිබුනා.ඇමෙරිකාව ලෝකයේ අංක එකේ රට බවට පත්වෙන්න ඩිට්‍රියෝට් ලොකු හේතුවක් වුනා.
මේ වගේ හොඳ විදියටම හැමදාම දේවල් සිද්දවෙනවද?
ඔව්.ඒක වෙනස් වුනා.
1967 කළු විප්ලවයත් එක්ක නගරයේ පසුබෑම පටන්ගත්තා.
ඩිට්‍රියෝට් විනාශ වුනා.
මිචිගන් වල අභිමානය වුන ඇමෙරිකාවේ රථ-වාහන නිෂ්පාදන කර්මාන්තය ජර්මනිය,ජපානය,දකුණු කොරියාව අත්කර ගත්තා.
ක්‍රම ක්‍රමයෙන් ලෝක අවධානය වියැකිලා ගියා.ඩිට්‍රියෝට් වලට අනාගතයක් නැති බව පේනවත් එක්කම කර්මාන්තශාලා වැහිලා ගියා.
සිහින වියැකිලා ඩිට්‍රියෝට් කාන්තාරයක් බවට හැරුනා.
මේ කර්කෂ පොළොවේ වැඩෙන බවක් පෙනෙන්න තිබුනේ එකම දෙයයි,
අපරාධ.
ඒක දළු දාලා වැඩුනා.

මේ සොහොන් බිම ගැන නිලධාරින් සැලකීමක් නොකර ඉන්න ඉන්න පාතාල කල්ලි,මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම මෙහේ ඇතිවෙන්න සිද්දවෙන්න ගත්තා.කැනඩාවෙන් එන අනවසර සංක්‍රමණිකයින්ට ඩිට්‍රියෝට් දොර විවෘත වුනා.මේ විදියට මලයාලි,දෙමල මිනිස්සු සෑහෙන ප්‍රමානයක් ඩිට්‍රියෝට් වලට ඇතුල්වුණා.මේ ඒ අයගේ කතාව.”

Action,Crime,Drama යන ගණයන් ඔස්සේ වර්ගීකරණය වෙමින් සැප්තැම්බර් 7 තිරගතවීම් ඇරඹුව මේ මලයාලම් සිනමාපටය මේ වෙද්දී 7.2ක IMDb අගයක් ලබන්න සමත්වෙලා තියෙනවා.අපි කවුරුත් දන්න මලයාලම් සුපිරි තරු Prithviraj Sukumaran මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටයේ කතාව ලියවෙන්නේ Hey Jude (2018) සඳහා තිර රචනයෙන් දායකවුණු Nirmal Sahadev අතිනුයි.Traffic (2011)Singam 2 (2013) [දමිළ] වගේ නිර්මාණ වලට රංගනයෙන් දායක වුනු Rahman මෙහි ප්‍රතිවීර චරිතයට පණ පොවනවා.Bangalore Days (2014),Thattathin Marayathu (2012) වගේ නිර්මාණ වලින් අප හමුවට ආ Isha Talwar ප්‍රධාන නිළිය භූමිකාව රඟ දක්වනවා.චිත්‍රපටයේ රූගත කිරීම් ජෝර්ජියාවේ, ඇමෙරිකාවේ ඩිට්‍රියෝට් නගරයේ සහ කේරලයේ සිදු කරලා තියෙනවා.

මාස 4කට වගේ පස්සේ තමයි මේ විදියට ආපහු උපසිරැසියක් එන්න අවස්ථාවක් ලැබුනේ.අවස්ථාවක් කියනවටත් වඩා කාල වේලාවක් ලැබුනේ කිව්වොත් ඒක වඩා නිවැරදියි.මොන විදියේ වැඩ යෙදුනත් උපසිරසි කරන වැඩේ කවදානම් නවත්තන්න පුළුවන් වෙයිද කියලා හිතාගන්න අමාරුයි.ඒ තරමටම දැන් මේ වැඩේට ඇබ්බැහි වෙලා.මං හිතන්නේ අපි-උපසිරැසිකරුවෝ ඔක්කොටම වගේ මේක පොදු දෙයක්.මේ වැඩේ කරලා සහ වැඩේට ඔබෙන් ලැබෙන ප්‍රතිචාරයෙන් අපි ලොකු තෘප්තියක් ලබනවා.ඒ තෘප්තිය වෙන්න ඕනේ මේ ඇබ්බැහියට හේතුව වුනේ.මේ නිසා ඉස්සරහටත් ඉඩ ලැබෙන වෙලාවට මේ විදියට උපසිරැසියක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම මේක මගේ 43වෙනි උපසිරැසිය.30වෙනි මලයාලම් සිනමා උපසිරැසිය.ඉස්සරහටත් මේ අනුපාතය ගොඩක් දුරට මේ විදියේ සමීප අගයන් දෙකකින් තියෙයි.මොකද මලයාලම් සිනමාව මේ වෙද්දී ප්‍රියතම සිනමාව කියන තැන අරගෙන ඉවරයි.විශේෂයෙන්ම මලයාලම් භාෂාවේ සිනමාපටයකට උපසිරැසි කරන එක අනෙක් භාෂා වල උපසිරැසි කරනවට වඩා දැනෙනවා වැඩියි.මේ නිසා ඉදිරියේදීත් පුළුවන් වෙලාවට බයිස්කෝප් මලයාලම් රසිකයින් වෙනුවෙන් උපසිරැසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

මේ එක්කම සිසිල සහෝට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා එයා භාරගත්ත මේ උපසිරැසිය මට ලබාදුන්න එක වෙනුවෙන්.

මීළඟ උපසිරැසියෙන් හමුවෙමු! එතෙක් ඔබට ජය!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  DVDRIP | x264 | ESub | 720MB | 

Direct Download

| DVDRIP | x264 | ESub | 250MB |

    

| DVDRIP | x264 | ESub | 425MB |

    

| DVDRIP | x264 | ESub | 700MB |

    

| DVDRIP | x264 | 720p | 1.2GB |

    

| DVDRIP | x264 | 720p | 1.4GB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Ranam (2018) | දෛවයේ දෙවෙනි අවසරය!

  • October 21, 2018 at 4:29 pm
    Permalink

    ඇයි ලින්ක් එක විතරක් දාන්නේ මේ සයිට් එකේ ඉස්සර වගේ ෆිල්ම් එක ගැන විස්තරයක් දා⁣න්නකො. ෆෝන් එකෙන් මේ සයිට් එකට එන්න ලෙසි. ඔයාලගේ උපසිරස සයිට් එකට වඩා. ⁣එක නිසා මේ සයිට් එකෙත් දාන්න. හරියට සුම් සයිට් එකේ දෙවල් මෙකේ කරන්න එපා. සයිට් එක බහි. Please ආයි විස්තර දාන්න පටන් ගන්න

    Reply
    • October 22, 2018 at 7:19 pm
      Permalink

      podi prasnyk awilla oya tika wtrai ohma kre..issrhata dan ewa hriyta dnnm

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!