Satyameva Jayate (2018) | අග්නියෙන් උපන් අයුක්ති ධර්මයේ මාරයා!

කරදරයක් වුනාම මුලින්ම කාවද මතක් වෙන්නේ? කරදරයක් නම් මුලින්ම කොහාටද මිනිස්සු දුවගෙන යන්නේ? කරදරයකදී පිහිටක් ලැබේවි කියලා මිනිස්සු විශ්වාසය තියාගෙන ඉන්නේ කවුරු ගැනද? පොලීසිය!

දෙවියන් ඉදිරියේ මා දිවුරා පොරොන්දු වෙනවා…
මා සෑම විටම සත්‍ය කතා කරන බවටත්,
මා නිර්භීත වන බවටත්…
සෑම විටකම ධාර්මික මාර්ගය තෝරාගන්නා බවටත්…
දේශයේ ජනතාව ආරක්ෂා කරන බවටත්…
මා විසින් පොලිස් දෙපාර්තුමේන්තුවට සහ
එහි නිලධාරීන්ට ගරු කරන බවටත්…
සෑම විටකම ඔවුන්ගේ නියෝග පිළිපදින බවටත්…!!!

මෙහෙම තමයි නිල ඇඳුම ඇඳගන්න පොලිස් නිලධාරියෙක් සිය රාජකාරියේ දිවුරුම් දෙන්නේ. රටක ජනතාව ආරක්ෂා කරන්නා වූ මුරදේවතාවන් සිය වගකීම් කොටස අකුරටම ඉටුකළ යුතුයි. නමුත්, ඔවුන් සිය වගකීම් කොටස පැහැරහරින්නේ නම්…? සිය වගකීම වන ජනතාව ආරක්ෂා කිරීම පසෙකලා ජනතාව තලා පෙලා ඔවුන් පීඩාවට පත් කරන්නේ නම්…? සිය රාජකාරිය හරියාකාරව ඉටු කරන්නා වූ අවංක නිලධාරියෙක්ට හෝ එය කරගෙන යෑමට ඉඩ නොදෙන්නේ නම්… රටක පුරවැසියන් හට කුමන අන්දමේ කළදසාවක් ලබාවිද…?

නීතිය බල්ලට ගිය කාල වකවානුවක්… එළිපිට අල්ලස්, මැරකම්, තාඩන, පීඩන, දූෂණ, අකටයුතුකම් සිදුවන කලියුගයක්! මෝහයෙන් මුලාවූ දූෂිත පොලිස් නිලධාරීන් විසින් සමාජය දිනෙන් දින ඝනාන්ධකාරය වෙත රැගෙන යන්නා වූ බිහිසුණු යුගයක්! කිසිඳු පිළිසරණක් නොමැතිව අසරණව සිටි ජනතාව ඉන් මුදවාගැනීම පිණිස මිහිපිට බට ආරක්ෂකයෙක්! කවුද මේ ආරක්ෂකයා?

ගිනිකූරක් පත්තු කළාම…
ඒ ගිණි දැල්ල කොච්චර අහංකාරකමෙන් දැල්වෙනවද!
මොකද, ඒකට මුළු ලෝකෙම…
අළු කරලා දාන්න පුළුවන් නිසා.
ටිකෙන් ටික,
ඒක තමන්ගේ වටිනාකම දැනගන්නවා.
හෙලවී හෙලවී දැල්වෙනවා,
මොකද තමන්වම ඇවිලේවී කියලා තියෙන බය නිසා.
අන්තිමේදී, අවසානයට දීප්තිමත්ව දැල්විලා ගිහිං…
අළු බවට පත්වෙනවා!

එකපිට එක සිදුවෙන්නා වූ අභිරහස් පොලිස් නිලධාරීන් පැහැරගෙන යෑම් සමුදායක්… එක පිට එක සිදුවන්නා වූ අතිශය අමානුෂික අන්දමින් දූෂිත පොලිස් නිලධාරීන් පණ පිටින් පුළුස්සා මරා දැමීම් සමුදායක්… මෙතෙක් කාලයක් පුරාවට සිතු පැතු අන්දමින් ජනතාව තලා පෙලා දැමූ දූෂිත පොලිස් නිලධාරීන් සිය වස්ත්‍රයේ මළ-මුත්‍රා පහකර ගන්නවා! අන්ධකාරය කරා ඇදෙමින් තිබු සමාජයක් ආලෝකය කරා රැගෙන යෑමට පහලවූ මේ අබිරහස් ආරක්ෂකයා කවුරුන්ද? මේ ඝාතන රැල්ල වැලැක්වීම සඳහා පොලිස් දෙපාර්තුමේන්තුව විසින් අනුයුක්ත කරන ලද පොලිස් සේවයේ අති විශිෂ්ඨයා හට සිය අභියෝගය ජය ගැනීමට හැකියාව ලැබේවිද? මේ සියලු කරුණු කාරණා පසුපස ඇති අතිශය සෝචනීය අබිරහස් කතා පුවත කුමක්ද? සියල්ල ඔබට බාරයි!

2018 අගෝස්තු 25 වෙනිදා. සුවහස් සංඛ්‍යාත බොලිවුඩ් ප්‍රේක්ෂකයාගේම ඇස යොමුවෙලා තිබුනේ ඉන්දීය අර්ධද්වීපය දිහාවට. මොකද, එදා තමයි අති දැවැන්ත ගැටුමක් ආරම්භ වෙන්න දින නියම වෙලා තිබුණු දවස. නිකන්ම නිකං සාමාන්‍ය ගැටුමක් නම් නෙමෙයි. බොලිවුඩ් පුරවරයේ නම රැන්දූ සුප්‍රකට තාරකා දෙකක්, එකම දවසක, තම තමන්ගේ සිනමා නිර්මාණ දෙකක් වෙනුවෙන් එකිනෙනා ඝට්ටනය වෙනවා දකින්න තමයි මුළු බොලිවුඩ් පුරවරයම නොඉවසිල්ලෙන් පසුවුණේ. ජෝන් ඒබ්‍රහම්ට එදිරිව අක්ෂේ කුමාර්! මේ තමයි 2018 වර්ෂයේ බොලිවුඩ් පුරවරයේ අති දැවැන්තම සිනමා ඝට්ටනය. එක් පසෙකින් සිටිනවා, ඉන්දියානු රුපියල් කෝටි 45ක සමස්ත පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරමින්, ජෝන් ඒබ්‍රහම් සමගින් මනෝජ් බජ්පායි ප්‍රධාන රංගන දායකත්වය සපයන්නා වූ Satyameva Jayate නම් වූ ක්‍රියාදාම චිත්‍රපටය. අනිත් පසින් සිටිනවා, ඉන්දියානු රුපියල් කෝටි 75කට ආසන්න නිෂ්පාදන පිරිවැයක් දරමින්, අක්ෂේ කුමාර් ප්‍රධාන රංගන දායකත්වය සපයන්නා වූ ක්‍රීඩා සහ ඉතිහාස කතා ඝනයට අයත් වන්නා වූ Gold චිත්‍රපටය. මේ උණුසුම් තරඟයෙන් කවුද ජයග්‍රහණය කරන්නේ? ජෝන් ඒබ්‍රහම්ද? නැත්නම් අක්ෂේ කුමාර්ද?

තිරගතවීම ආරම්භ වූ පළමු දිනයේ පටන්ම, සිනමාලෝලීන් බලාපොරොත්තු වුවාවත් වඩා බොහොම උණුසුම්කාරී තත්වයකින් තරඟය ගලාගෙන ගියා. ජෝන් ඒබ්‍රහම්ගේ සහ අක්ෂේ කුමාරගේ සිනමා රසිකයන්ගේ උණුසුම්කාරී වචන හුවමාරු වලින් සමාජ ජාලා තව තවත් උණුසුම්කාරී වුණා. සිනමා විචාරකයෝ එක එක විදියේ අදහස් පළකරා. කට්ටියක් කිව්වා ජෝන් එබ්‍රහම්ගේ ෆිල්ම් එක තමයි හොඳම කියලා. තවත් සමහරු කිව්වා, නැහැ! අක්ෂේ කුමාරගේ ෆිල්ම් එක තමයි හොඳම කියලා. මේ වෙද්දී කවුද ජයග්‍රාහකයා, කවුද පරාජිතයා කියලා තීරණය වෙලා ඉවරයි. ජෝන් එබ්‍රහම්ගේ Satyameva Jayate චිත්‍රපටය “බ්ලොක්බස්ටර්” කාණ්ඩයට වැටෙද්දී, අක්ෂේ කුමාරගේ Goldචිත්‍රපටයට සිද්ධවුණා “Super Hit” කාණ්ඩයෙන් සෑහීමකට පත්වෙන්න. ඔව්, සියළුම කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව, ජයග්‍රාහකයා වුනේ ජෝන් එබ්‍රහම්ගේ Satyameva Jayate චිත්‍රපටය.

මොනවද මේ මනුස්සයා මේ කියවන්නේ?
බලන්නකෝ Gold එකේ රේටින් දිහා. හතයි දශම ගාණක් තියෙනවා.
Satyameva Jayate එකට හයයි දශම ගාණයි තියෙන්නේ.
Gold ෆිල්ම් එක කෝටි එකසිය හැට ගාණක් හොයද්දි, Satyameva Jayate හෙව්වේ කෝටි 107යි.
ඉතිං, එහෙව් එකේ Gold එක නිකන්ම නිකන් “සුපර් හිට්” එකක් විතරක් වෙලා, Satyameva Jayate “බ්ලොක්බස්ටර්” එකක් වෙන්නේ කොහොමද?
පිස්සු හැදිලා කියවනවද කොහේ!

සැකයක් නැහැ, සංඛ්‍යා ලේඛණ උඩින් පල්ලෙන් බලලා, Gold ෆිල්ම් එක තමයි තරඟය දිනුවේ කියලා හිතාගෙන ඉඳපු අය මෙහෙම හිතනවා ඇති. පොඩ්ඩක් ඉන්න. හැමදෙයක්ම පැහැදිලි කරන්නම්.

Satyameva Jayate නිෂ්පාදනය වෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 40ක මුදලකින්. ප්‍රචාරණ වියදමවෙන්නේ කෝටි 10ක මුදලක්. එතකොට සමස්ත වියදම වෙන්නේ කෝටි 50යි. ඒ වගේම, බෙදාහැරීමේ අයිතිය ලැබෙන්නෙ කෝටි 25ක මුදලකට. ඒත්, Gold චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 75 කට අධික මුදලකින්. ප්‍රචාරණ වියදම වෙන්නේ කෝටි 15කමුදලක්. ඒ වගේම, බෙදාහැරීමේ අයිතිය ලැබෙන්නෙ කෝටි 60ක මුදලකට. චිත්‍රපට දෙකේම බෙදාහැරීමේ අයිතීන් එක්ක ගත්තාම, බ්ලොක්බස්ටර් කාණ්ඩයට වැටෙන්න නම් Satyameva Jayate චිත්‍රපටයට ඕනේ වුනේ කෝටි 100 ඉක්මවා යන්න විතරයි. ඒත්, Gold චිත්‍රපටයට සිද්ධවුණා අවම වශයෙන් කෝටි 180 ඉක්මවා යන්න. ඔන්න ඔය විදියට තමයි Satyameva Jayate බ්ලොක්බස්ටර් එකක් වුනෙත්, Gold චිත්‍රපටයට සුපර් හිට් කාණ්ඩයෙන් සෑහීමකට පත්වෙන්න සිද්ධවුණෙත්.

දැන් මං කියන්නම් Gold චිත්‍රපටයට සාපේක්ෂව ඇයි Satyameva Jayate චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම් මුදල අඩු වුනේ කියලා. Gold චිත්‍රපටය ගත්තොත් සිනමා ශාලා 3600 කට ආසන්න අති විශාල සිනමා ශාලා ප්‍රමාණයක තිරගත වුණා. ඒත්, Satyameva Jayate තිරගත වුනේ සිනමා ශාලා 2500 ක් වගේ ප්‍රමාණයක විතරයි. වැඩිය ඕනේ නැහැ, දන්න තරමින් Satyameva Jayate චිත්‍රපටය ලංකාවට වත් ගෙන්නුවේ නැහැ. ඒ වගේම, Gold කියන්නේ පවුලේ හැමෝටම ඇවිත් බලලා යන්න පුළුවන් වර්ගයේ චිත්‍රපටයක්. ඒත්, Satyameva Jayate කියන්නේ පවුලේ හැමෝටම බලන්න පුළුවන් කියලා නිර්දේශ වෙච්ච චිත්‍රපටයක් නෙමෙයිබොහොම ප්‍රචණ්ඩකාරී දර්ශන සහ ලේ වැගිරවීම් සහිත දර්ශන නිසා මේක පොඩි ළමයින්ට නැරඹීමට නුසුදුසු චිත්‍රපටයක් විදියට තමයි නිර්දේශ වුණේ. නිකමට හිතලා බලන්න, මේ හේතු කාරණා දෙක නිසා කොච්චර නම් මුදලක් Satyameva Jayate චිත්‍රපටය අහිමි වෙන්න ඇත්ද කියලා.

කොහොම වුනත්, සමාජ ජාලා වෙබ් අඩවි තුල Satyameva Jayate වෙනුවෙන් බොහොම යහපත් ප්‍රතිචාර දකින්න ලැබුණා. මේ අවුරුද්දේ නිකුත්වෙච්ච හොඳම එන්ටර්ටේන්මන්ට් ෆිල්ම් එකක් විදියටතමයි චිත්‍රපය නරඹපු අය සහ සිනමා විචාරකයෝ Satyameva Jayate ගැන හඳුන්වලා තිබුණේ.Parmanu චිත්‍රපටයත් සමගින් තමන්ගේ රංගන දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් පහුකරපු ජෝන් ඒබ්‍රහම්, Satyameva Jayate චිත්‍රපටයත් සමගින් තමන්ගේ රංගන දිවිය තුල ඕනෑම චිත්‍රපටයක් පළමු දිනයේ ලබාගත් වැඩිම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ලබාගත්තේ පළමු දින ලොව වටා ආදායම ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 25ක් විදියට සනිටුහන් කරමින්.

Action, Crime, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, Imdb දර්ශකයේ 6.5 ක අගයක් ලබාගෙන සිටින මෙම සිනමා නිර්මාණය තුල ජෝන් ඒබ්‍රහම්ට අමතරව, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීManoj Bajpayee සහ, සරාගී Aisha Sharma ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙනවා. Aisha Sharma කියන නම ඔබට හුරුපුරුදු නමක් වෙන්න නම් බැහැ. මොකද, මේ චිත්‍රපටයත් සමගින් තමයි ඇය බොලිවුඩ් පුරවරයට පය තබන්නේ. Aisha Sharma ගැන කියනවා නම්, ඇය තමයි නේහා ශර්මගේ බාල සහෝදරියMubarakanTum Bin 2YoungistaanTeri Meri Kahaani වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් නේහා ෂර්මා කියන්නේ කවුද කියලා අමුතුවෙන් මතක් කරන්න ඕනේ වෙන එකක් නැහැ කියලා හිතනවා. කොහොමත් කතා දෙකක් නැහැ, මේ චිත්‍රපටයෙන් පස්සේ අක්කව වගේම නංගිවත් හිතෙන අයින් කරන එක නම් සැහෙන අමාරු වැඩක් වේවි ?

 නේහා ෂර්මා සහ අයිෂා ෂර්මා

චිත්‍රපටය ගැන කියද්දී නොකියම බැහැ, Dilbar සිංදුව ගැන. ඉන්දියාව තුල පමණක් නෙමෙයි, ශ්‍රී ලංකාව තුල පවා මෙම ගීතය වෙනුවෙන් ලැබුනේ සුළු පටු ජනප්‍රියත්වයක් නෙමෙයි. මේ සටහන ලියවෙන මොහොත වන විට, සමාජ ජාලා වෙබ් අඩවි තුල මෙම ගීතය මිලියන 500කට ආසන්න පිරිසක් නරඹා තිබෙනවා. ඒ වගේම, යූටියුබ් වෙබ් අඩවිය තුල ලයික් මිලියන 1.3 ඉක්මවා ලබාගැනීමටත් සමත් වී තිබෙනවා. Tiger Zinda Hai චිත්‍රපටයේ ගීත වලට පසුව, චිත්‍රපට ගීතයක් සඳහා මෙවැනි අති විශාල ඉල්ලුමක් ලැබුණු පළමු චිත්‍රපට ගීතය තමයි මේ Satyameva Jayate චිත්‍රපටයේ අඩංගු Dilbar ගීතය.

එහෙනම්, ක්‍රියාදාම චිත්‍රපට සඳහා රුචිකත්වයක් දක්වන අය නොවරදවාම අරගෙන බලන්න. ජෝන් ඒබ්‍රහම්ගේ නොනවතින ක්‍රියාදාම දර්ශන ගණනාවකින් සමන්විත වන මෙම සිනමා නිර්මාණය, සැබවින්ම ඔබට කිසිඳු කම්මැලිකමකින් තොරව, එක හුස්මට නරඹන්න හැකියාව ඇති අනර්ඝ සිනමා නිර්මාණයක් විදියට සහතික කරනවා. ඒ වගේම තමයි, සාම්ප්‍රදායෙන් පොඩ්ඩක් බැහැර වෙලා, හදවතට දරුණු පහරක් එල්ල කරමින්, හදවත කොනක ශෝකයක් ශේෂ කරමින් මෙම සිනමා නිර්මාණය සමාප්තයට පත්වෙනවා. අරගෙන බලන්න, කාලයක් පුරාවට මතක තියෙන සිනමා නිර්මාණයක් වේවි!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRIP | x264 | ESub | 720MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 210MB |

    

| HDRIP | x264 | ESub | 425MB |

    

| HDRIP | x264 | ESub | 690MB |

    

| HDRIP | x265 | ESub | 850MB |

    

| HDRIP | x264 | 720P | 1GB | MkvCage |

    

| HDRIP | x264 | 720p | 1.4GB |

    

| HDRIP | x265 | 720p | 850MB |

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Satyameva Jayate (2018) | අග්නියෙන් උපන් අයුක්ති ධර්මයේ මාරයා!

  • October 20, 2018 at 8:52 pm
    Permalink

    1.5 එක. not found 404 error එකක් එනවා බං

    Reply
    • October 21, 2018 at 12:10 am
      Permalink

      oww affa error enawooo

      Reply
  • October 20, 2018 at 10:05 pm
    Permalink

    MB820 ekata sub wadane?

    Reply
  • October 21, 2018 at 12:09 am
    Permalink

    1.4gb eka down krnna ba http erro enawoo

    Reply
  • October 23, 2018 at 1:26 am
    Permalink

    Openload site ekata giyama download karana bene

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!