Supernatural [S14 : E02] | මිතුරු හවුල!

14’වැනි කතාසමයේ මුල් කොටස හැමෝම ගිය සතියේ බලන්න ඇති කියලා හිතනවා. මේ වෙද්දී කතාවේ ඩීීන් කියලා චරිතයක් නැහැ. ඉන්නේ ඩීීන්ගේ ශරීරය ධරාකයෙකු විදිහට පාවිච්චි කරපු මයිකල් කියන අනික් ලෝකයේ ආක්ඒන්ජල් විතරයි ඉන්නේ. ඩීීන්ව ලගදීම බලාගන්න ලැබෙයි කියලා හිතනවානම් දැන්ම ඒ අදහස අත්හැර ගන්න කියලා ඉල්ලනවා. මොකද මේ කතාමාලාවේ නිර්මාතෘකරුවන් පෙර පැවති කොමික් කොන් සමුළුවේදී කියලා තිබුනා මේ අයට ඩීීන් වගේ ප්‍රධාන චරිතයක් නැතුව ස්ක්‍රිප්ට් එක ලියන එක සෑහෙන ලොකු අභියෝගයක් වුනා කියලා. ඒවගේම මෙදා වතාවේ කොටස් 23 ක් නැහැ, තියෙන්නේ කොටස් 20 ක් විතරයි. මේ කොටස් විස්ස තුලත් සෑහෙන කාලයක් යනකන් ඩීීන්ව නම් දකින්න ලැබෙන එකක් නැහැ.

ඩීීන් නැති අඩුව වැඩිපුරම දැනිලා තිබුණේ සෑම්ටයි. එයා ඩීීන්ව හොයාගන්න උත්සහ කලත් කිසිම ඵලක් වුනේ නැහැ. මයිකල්ගේ වරම අරගෙන ඩීීන් ලූසිෆර්ව ආක්ඒන්ජල් බ්ලේඩ් එකකින් මරලා දානවා පෙන්නුවම අපි කවුරුවත් හිතුවේ නැහැනේ ලූසිෆර් ධාරකයා කරගත්ත මනුස්ස ප්‍රාණය ජිවතුන් අතර ඇති කියලා. කොහොමහරි ඒ කෙනා ඒ කිව්වේ, “නික්” ජීවීතේ බේරගෙන තියෙනවා. එයා ජීවත් වෙන්නෙත් වින්චෙස්ටර්ලගේ බංකරේමයි. වැම්පයර්ලා, භූතයෝ දඩයමේ යන වැඩ ටික අනික් ලෝකෙන් ආව අය කරන් යනවා. මොකද මේ වැඩ දැන් සෑම්ට කරගන්න වෙලාවක් නැහැනේ. එයා දමාගෙන ඩීීන්ව හොයද්දි මේ වෙද්දී මයිකල් ලෝකේ වටා කරක් ගහන ගමන් මිනිස්සුන්ගෙන් තමන්ගේ හිත ඇතුලෙන්ම වඩාත් කැමති දේ අහ අහා ගිහින් ජීවීතේ බේරගන්න වටිනවාද නැද්ද කියලා විනිෂ්‍ය කරනවා. තමන්ගේ වරම අහිමිවුනු ජැක් ඒ වරම ආයෙම වතාවක් ප්‍රති නිර්මාණය වෙනකන් කියලා සටන් කරන විදිහ ඉගෙන ගන්න පටන් අරන් තිබුණේ. හැබැයි ඉතින් ඒ කිසිම දේකින් වැඩක් නැහැ කියලා තේරුම් යන්න පුංචි වෙලාවයි ගත වුනේ. මතක ඇතිනේ කැස්ටියෙල් ඩීීමන් කෙනෙක් මුණගැහෙන්න ගිහින් දාගෙන තිබුණු ප්‍රශ්නේ. අන්තිමට ඒකට උදව්වට ආවෙත් සෑම් වගේම එයාගේ කට්ටියටමයි. අනේමන්දා ඩීීන් නැතුව අනික් අය තෝන්තු වෙලා වගේ හැසිරෙන්නෙත්. ?

අද කොටස තුලින් මම ඔය උඩ කියලා තියෙන කතාව වෙනස් වෙන විදිහේ සිදුවීම් කිහිපයක්ම වෙනවා. මේ අතරේ නික්ව ලූසිෆර් ආවේශ කරගත්ත හේතුව, එයාගේ පවුලේ අයව මැරුවේ කවුද කියන කාරනා හොයමින් යන්න පටන් ගන්නවා. මේ අතරේ ජැක් යනවා කෙලිගේ අම්මවයි තත්තාවයි මුණගැහෙන්න. මෙයා ගිහින් ඒ අයට ඇත්ත කියාවිද? මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

——

අද කතාවේ නම “Gods and Monsters”
අධ්‍යක්ෂණය: Richard Speight Jr.
ලිව්වේ: Brad Buckner & Eugenie Ross-Leming
විකාශනය වුනේ: 2018 ඔක්තෝම්බර් 18
මීලග කොටසින්: The Scar | 2018 ඔක්තෝම්බර් 25

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 190MB |

Direct Download

| HDTV | x264 | 480p | 109MB |

| HDTV | x264 | SVA | 190MB |

| HDTV | x265 | 720p | 170MB | PSA

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!