Apostle (2018) | තම සහෝදරිය සොයා බිහිසුණු දුපතකට…

අන්ධ විශ්වාසය කියන වචනය අතීතයෙ සිට මේ වෙනකම්ම බෙහෙවින් ප්‍රසිද්ධ වචනයක් වෙනවා. අතීතය ගැන කතා කරොත් විවිධ ආකාරයෙ අන්ධ විශ්වාසයන් පැවැතුණා. මෙවැනි දේවල් පසු පස යෑම නිසාවෙන් මිනිසුන් විසින්ම තමන්ගේ ජීවිතයද අනිත් සියල්ලන්ගෙම ජීවිතද අවුල් කරගන්නවා. ඒවගේම තමයි අද කාලේ වගේ ඉස්සර කාලෙත් මිනිසුන් දෙවියන්ව බෙහෙවින් විශ්වාස කළා. එවැනි දේවල් වලින් ඔවුන්ගේ පවුල් පවා විනාශයට ලක් වෙච්ච කාලවල් තිබ්බා. අදටත් එවැනි දේවල් එමටයි. ඉතින් මම අද ගෙනාපු චිත්‍රපටයක් මෙවැනිම මාතෘකාවන් ගැන කියැවෙන එකක්.

රිචර්ඩ්සන් කියන්නේ පියතුමෙක්.ඔහු දවසක් බෙල්ජියම නම් නගරයකට යනවා දෙවියන්වහන්සේ කෙතරම් අපූරු කෙනෙක්ද වගේම ඔහු තමන්ට නැතිබැරි වෙලා වලදී උදව් වෙන සැටි කියා දීමට.නමුත් එය වැඩි වෙලාවක් තිබුණේ නැහැ.එහි සිටින ම්ලේච්ඡ මිනිසුන් ඔහුව සතෙක්ට වගේ සැළකුවේ.ඔහු ශුද්ධ වූ කාර්යක් කිරීමට ගියත් අවසානයේදී අත්වුණේ තමන් කවදාවත් නොසිතු දෙයක්. ඔහු එම අවස්ථාවේදී මර හඩ දෙමින් දෙවියන්වහන්සේගෙන් අයැදුවා. නමුත් ඔහු ඒ කිසිවක්ට ඇහුන්කම් දුන්නේ නැහැ. එවෙලේ රිචර්ඩ්සන්ට උන් වහන්සේ කෙරේ තිබිච්ච සියලුම භක්තිය නැතිවෙලා ගියා.පසුව ඔහු සැගවුනා. මුළු ලෝකයම සිතුවේ ඔහු මැරිලා කියලා. නමුත් දවසක් ඔහුගේ සහෝදරිය වන ජෙනිෆර් එවැනිම ම්ලේච්ඡ මිනිසුන් වගයක් පැහැර ගෙන ගියා.ඉන්පසුව තමයි රිචර්ඩ්සන් තමන්ගේ පියාණන්ව බැහැදැකීමට පැමිණෙන්නේ. ඒවගේම තමයි මෙම පැහැර ගත්තු මිනිස්සු ලියුමක් ඒවා තිබෙනවා කප්පන් මුලදත් රැගෙන ස්ථානයකට පැමිණෙන්න කියා.එම ස්ථානය ගැන කිව්වොත් එහෙම.එහි පාලකයා වන්නේ මැල්කම් නම් ශාස්තෘවරයයෙක්. ඔහු ඇත්තටම එහෙම කෙනෙක් නෙමේ.මොහු රාජද්‍රෝහී පිරිසක්.දවසක් දා පිරිසක් සමග මොහුව නැවෙන් වෙනත් දිශාවකට ගෙනියනවා.

එවෙලේ මොවුන් මෙතනින් පැනගෙන එක්තරා දුපතකට පැමිණෙනවා.ඒ දුපත හරිම අත්භූත ස්ථානයක්. නැත්තම් මෙම මිනිස්සු විසින්ම එම ස්ථානය අත්භූත ස්ථානයක් කරා කියන්නත් පුළුවන්.ඒවගේම තමයි මෙම දුපත මැල්කම්, කුයිල්,ෆ්‍රෑන්ක් යන තිදෙනා එකතු වී යම් ආකාරයක සමාජයක් ගොඩනගනවා. එසේම තමයි මෙම දුතපහෙහි කිසිම බඩු අයකිරීමක් නැත,යුද්ධයක් නැත, හෙල්ලය හැර වෙනත් භයානක අවිආයුධ නැහැ.ඉතින් මිනිසුන් මේ පිළිබදව ඇල්මක් දැක්වී මෙහි පැමිණෙනවා. නමුත් ඔවුන්ට කිසිම අදහසක් නැහැ ඔවුන් මේ පැමිණෙන්නේ භයානක ස්ථානයකට කියලා.ඒවගේම තමයි මොවුන් එක්තරා අභිරහස් දේවතාවියක්ව වන්දනාමාන කරනව. ඒත් ප්‍රශ්නෙ කියන්නෙ ඇය එහෙම කෙනෙක් නෙමේ.අනික විශේෂයෙන්ම කියන්න ඕන මොවුන් මෙම දූපතෙ ඵලදාව ලබාදෙන කෙනෙක් සිටිනවා. ඉතින් මොවුන් තිදෙනා ඇයව හිරකරගෙන ඇයට ලේ සත්ව ලේ වලින් පෝෂනය කරනව ඉතා සරු අස්වැන්නක් ලබාගැනීමට. ඉතින් කොහොමහරි මෙම ස්ථානයට තමයි තෝමස් නොහොත් රිචර්ඩ්සන්ට පැමිණෙන්න සිද්ධ වෙන්නේ ඔහුගේ සහෝදරියව බේරාගැනීම සදහා.ඉතින් ඕනෑම දෙයකදී ඔහු ළගින්ම සිටපු කෙනාව බේරාගැනීමට පැමිණෙනවා. ඉතින් අපි බලමුකෝ ඔහුට මෙම ම්ලේච්ඡ ස්ථානයෙන් තමන්ගේ සහෝදරියව බේරගෙන නැවතත් නිවස බලා යෑමට හැකි වෙයිද කියලා.

ඔක්තෝබර් මාසය කියන්නෙ Horror ගණයට අයත් වන දෑ බෙහෙවින්ම දකින්න ලැබෙන කාලයක්. ඉතින් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 12 වන දින විකාශනය ආරම්භ කෙරුණු මෙම චිත්‍රපටය හට IMDb අගය 6.6 ලබාගැනීමට සමත් වී තිබෙනවා. නමුත් කියන්න ඕන මේවා වෙනස් වෙන සුළුයි. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 77% අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.පැය දෙකක දාවන කාලයක් තිබෙනා මෙම චිත්‍රපටය අයිති වන කාණ්ඩය වන්නෙ Horror | Mystery | Thriller ය.ඒවගේම තමයි The Raid චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණය කරපු Gareth Evans ගේ වැඩක් තමයි මෙය. මෙයට රංගනයෙන් දායක වන්නේ මගේ එක් ප්‍රියතම කතාමලාවක් වන Legion කතාමාලාවේ ප්‍රධාන චරිතයට පණ පොවනා Dan Stevens සහ සෙසු රංගන ශිල්පින් වන Kristine Froseth Lucy Boynton Micgael Sheen Annes Ewly සහ Bill Milner යන නළුකැලයි. එහෙනම් ඉතින් නැවතත් ආරාධනා කරනවා මෙම අපූරු අමුතුම හොරර් ගණයට අයත් චිත්‍රපටය නැරබීම සදහා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEBRip | x264 | 720p | 1GB | 

Direct Download

| WEBRip | x264 | 480p | 400MB |

         

| WEBRip | x264 | 720p | 1.1GB | YTS |

    

| WEBRip | x264 | 720p | 1GB | MkvCage|

    

| WEBRip | x264 | 1080p | 2.1GB | YTS |

    

| WEBRip | x265 | 720p | 1GB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Apostle (2018) | තම සහෝදරිය සොයා බිහිසුණු දුපතකට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!