Mr. India (1987) | මව්බිම බේරා ගැනීමට නොපෙනෙන වීරයෙක්…

අද මම අරගෙන ආවෙ 80 දශකයේ අග බාගයේ බොහොම ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. 1987 අවුරුද්දේ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ  Masoom,  Joshilaay,  Bandit Queen වගේ වෙනස්ම ආරක චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු ශේකර් කපූර්. අනිල් කපූර්, ශ්‍රීදේවි සමගින් අම්රිශ් පූරි රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටිය 1987 අවුරුද්දෙ දෙවෙනි වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය වුනා. ඒ වගේම ශ්‍රීදේවිගේ ‘හවහවායි’ සිංදුව සහ අම්රිශ් පූරිගේ ‘මොගැම්බෝ කුශ් හුවා’ (මොගැම්බෝ සතුටු වුනා) වැකිය බොහොම ජනප්‍රිය වුනා. අම්රිශ් පූරි නිරූපනය කල මොගැම්බෝ නම් දුශ්ට චරිතය බොලිවුඩයේ ජනප්‍රියම දුශ්ට චරිතයක්ද වුනා. ඒ වගේම මේ චිත්‍රපටිය ඉන්දියානු සිනමාවේ විශිශ්ටතම චිත්‍රපට සියය අතරටද ඇතුලත් වෙනවා.

මුලින්ම ප්‍රදාන චරිතය සඳහා අමිතාබ් බච්චන් සහ රාජේශ් කන්නා තෝරාගෙන තිබුනත් නොපෙනෙන වීරයෙකුගේ චරිතය රඟපෑමට ඔවුන් අකමැති වී තිබෙනවා. ඒ නිසා අනිල් කපූර් හට එම චරිතය හිමි වෙනවා.  සංගීතය අධ්‍යක්ශනය කරන්නෙ  Laxmikant-Pyarelal. ගීත ගායනයෙන් Kavita Krishnamurthy, Kishore Kumar,   Alisha Chinai, Anuradha Paudwal සහ  Shabbir Kumar දායක වෙනවා.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි, අරුන් කියන්නෙ දුප්පත් කොල්ලෙක්. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. එයා අනාත වුනු පුංචි ළමයි ගොඩක් එයාගෙ ගෙදර හදා ගන්නවා. ඒ එයා පොඩි කාලෙ වින්ද දුක ඒ ළමයින්ට නොදැනෙන්න. මේ ගොල්ලො ඉන්නෙ මුම්බායෙ මුහුද අයිනෙ තියෙන කුලී ගෙදරක.

හදිසියෙම මේ ගෙදර තව කට්ටියකට ඕනෙ වෙනවා. ඒ ඉන්දියාව පුරා හොර ආයුද බෙදා හරින ජාවාරමකට. මේ කල්ලිය මෙහෙය වන්නෙ මොගැම්බෝ. මොගැම්බෝ කියන්නෙ ඉන්දියාවම තමන්ගෙ යටතට ගන්න පිස්සුවෙන් දඟලන කෙනෙක්. හැම තැනම එයාගෙ ජාවාරම් පැතිරිලා තියෙනවා.

මේ අතරෙ මොගැම්බෝගෙ මේ වැඩ වලට බාදා කරන්න වීරයෙක් එනවා. ඒ වීරයා කාටවත් පේන්නෙ නැහැ. ඒත් මොගැම්බෝහෙ ගෝල බාලයින්ට නම් මේ වීරයාගෙන් බොහොම කරදර වලට මුහුන දෙන්න වෙනවා.

ඉතින් මේ වීරය කවුද, මොගැම්බෝට ඉන්දියාව අල්ලන්න පුලුවන් වෙයිද කියල කතාව බලලම දැන ගමු. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාන් යන්නත් අමතක කරන්න එපා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.9GB |

Direct Download

| BluRay | x264 | 720p | 1.6GB |

        

| BluRay | x264 | 720p | 1.9GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!