Malevolent (2018) | දැන් නිශ්ශබ්ද වෙන්න!

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරන්ට!!! අද උපසිරසියක් ගෙනාවේ හොල්මන් චිත්‍රපටයකට. මේක නිකුත් උනේ  2018 වර්ෂයේ. ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Netflix ආයතනයෙන්. මේක මිනිත්තු 90 පුරා දිවෙන චිත්‍රපටයක්. Florence Pugh, Ben Lloyd-Hughes, Scott Chambers, Georgina Bevan, යන නළු නිළියන් ප්‍රධාන චරිත වලට දායක වෙනවා. ඒ වගේම මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Olaf de Fleur Johannesson කියන පුද්ගලයා.

ෆිල්ම් එක ගැන කිව්වොත් ජැක්සන් හා ඇන්ජලා කියන්නේ අයියයි නංගීයි. මේ දෙන්නයි ජැක්සන්ගේ පෙම්වතියයි තව යාළුවෙක් එක්ක එකතුවෙලා හොල්මන් එලවන එක තමයි කරන්නේ. මේකට ඔවුන් උපකරණ ලෑස්ති කරලා තමන්ට හොල්මන් එලවන්න කියලා කතා කරන මිනිස්සුන්ව රවට්ටලා ඔවුන්ගෙන් සල්ලි ගන්න එක තමයි ඔවුන් කරන්නේ. මොවුන් ඒකට ටිකක් විතර ප්‍රසිද්ධයි මොකද ඇන්ජලාගේ අම්මට හොල්මන් එක්ක සම්බන්ධතා ගොඩනගන්න පුළුවන් කියන හැකියාව දුවටත් තියනවා කියන එක මිනිස්සු විශ්වාස කරන නිසා. ඒත් පස්සේ පස්සේ ඇන්ජලාටත් හොල්මන් පෙන්න ගන්නවා. ඉතින් ඇය මේ නිසා මේක කරන්න අකමැති වෙනවා. ඒත් ජැක්සන්ට ඕන සල්ලි හොයන්න ඔහු මේක නතර කරන්න කැමති වෙන්නේ නෑ.

ඉතින් මෙයාලා වැඩක් බාරගන්නවා එක්තරා වයසක ගෑනුකෙනෙක් ඉන්න ගෙදරක හොලමන් එලවන්න. ඔවුන් දැනගන්නවා මේ ගෙදර පොඩි ගෑනු ලමයි 3 න් දෙනෙක් මරලා දාලා තියනවා කියලා. ඉතින් මෙයාලා යන්නේ ඒ ගෑනු ළමයින්ව එහෙන් ඉවත් කරා කියලා බොරුවක් කරලා ඒ ගෑනු කෙනාගෙන් සල්ලි ගන්න. ඒත් එහෙට ගියාට පස්සේ ඇන්ජෙලාට ඇත්තටම මේ ගෑනු ළමයින්ව පේන්න ගන්නවා. ඇය දකිනවා මේ ගෑනු ළමයින්ගේ කටවල් මහලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඇති නේ. කතාවම කිව්වොත් වැඩක් නෑනේ. ඉතින් ඇන්ජෙලාට මේ ගැහැනු ළමයින්ට උදව් කරන්න පුළුවන් වෙයිද? කවුද එයාළට මෙහෙම කලේ? චිත්‍රපටය බලලා දැන ගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්!!!! පහළින් අදහසකුත් කොටාගෙනම යන්න.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB | x264 | 720p | 760MB | YTS

Direct Download

| WEB | x264 | 480p | 350MB |

         

| WEB | x264 | 720p | 750MB | YTS

         

| WEB | x265 | 720p | 560MB | 10Bit

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!