The Princess and the Matchmaker (2018) Aka Gung-hab | ඉඩෝරයට පිණි බිඳක්

ආයුබෝවන්! ටික කාලෙකට පස්සෙ ඉතින් ආයෙමත් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා. මං ඉතින් වෙන ඒවට කරන් නෑනෙ. සබක් කරන්න චිත්‍රපටියක් හොය හොය ඉද්දි අහන අහන චිත්‍රපටි වලට සබ් කරන්න භාර අරගෙන තිබුණා. ඒත් එක්කම තමයි මේ චිත්‍රපටිය හොඳම කොපියකුත් එක්ක එලියට ආවෙ. ඉතින් ආසාවෙන් බලල ඔන්න ඔයාලටත් බලන්න අරගෙන ආවා. 2018 මාර්තු 9 වෙනිදා රිලීස් වුණු මේ චිත්‍රපටියට imdb 6.2 ක අගයක් ලැබිල තියෙනවා වගේම තමයි මේ චිත්‍රපටිය අදාළ වෙන්නෙ Romance/Comedy ගණයට.

1753 ජොසොන් වලට දරුණු ඉඩෝරයක් ඇතිවෙනවා. සෑහෙන කාලයක් ගියත් වැසි වැටෙන ලකුණක්වත් නැහැ. රජතුමා වැසි වස්සන්න මොන තරම් උත්සව කරත්, ආහාර සලාක අඩු කරත් හිරකාරයින්ව නිදහස් කලත් වැස්සක ලකුණක්වත් නැහැ. ජෝතිෂ්‍යවේදියො කියන හැටියට මේකට විසඳුමක් හැටියට  ගැලපෙන දෙන්නෙක්ව  එකතු කරල විවාහ මංගල්‍යයක් කරන්න ඕනෙ. ඒ වගේම තමයි අවුරුදු තුනකට වෙන්න තිබුණු විවාහයක් අවලංගු වුණු කුමාරියෙකුත් මේ මාලිගාවෙ ඉන්නවා. ඉතින් ජනතාවට ආදර්ශයක් ලබාදෙන්නත් එක්ක ඒ කුමාරිට සුදුසු මනාලයෙක් හොයල විවාහ කරල දෙන්න තමයි රජතුමාගෙ අදහස. මෙයාට ගැලපෙන මනාලයෙක්ට ඉල්ලුම් කරන්න මහජනතාවට පවා අවස්තාව දෙනවා. සුදුසුකම් බලල අවසානයේදි ඉතිරිවෙන කෙනාව තමයි කුමාරිකාවට බන්දලා දෙන්න ලෑස්තිය. ඉතින් අන්තිමේදී මනාල අපේක්ෂකයින් 4 දෙනෙක් ඉතිරිවෙනවා. මේ අපේක්ෂකයින් එක්ක කුමාරියගෙ කේන්දර ගැලපෙනවද බලන්න හුඟක් දක්ෂ නිමිති කියන්නෙක්ව රජතුමා හොයාගන්නවා. ඒ කියන්නෙ ජෝතිෂ්‍යවේදියෙක්ව. මේ අයගෙන් කෙනෙක් බඳින්න කලින් කුමාරිට මේ අය මොන වගේද කියල බලන්න ආසාවක් ඇතිවෙනවා.

ඉතින් මෙයා එයාගෙ සේවිකාව මාලිගාවෙ නවත්තලා ජීවිතේ පලවෙනි වතාවට මාලිගාවෙන් එලියෙ තියෙන ලෝකෙට අඩිය තියනවා. එතකොට මේ ලෝකෙ මොනතරම් වෙනස්වනසුලු ලෝකයකද කියල මෙයා තේරුම් ගන්නවා. මෙයා අදාළ මනමාලයින්ව බලන්න වෙස් වලාගෙන යන අතරෙදිම මේ කුමාරිකාවට අර ජෝතිෂ්‍යවේදියවත් මුණගැහෙනවා. ඒ වුණත් මෙයා දන්නෙ නෑ ඒ ඉන්නෙ කුමාරිකාව කියලා. ඉතින් මේ දෙන්න අතර මොනවගේ සම්බන්ධයක් ඇතිවේවිද කියල ඔයාල බලන්න. මම නම් ආසාවෙන් බැලුව කතාවක්. වැඩි විස්තර අදනම් කිව්වෙම නෑ. හුඟක් රසවත් සහ කුතුහලෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් කියල මම හිතනවා. වැඩිය රසකරල ලිපිය නොලිව්වට කතාව ලස්සනයි කියල මම සහතික කරනවා. අදට එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

බුදුසරණයි!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p| 850MB |

Direct Download

| Bluray | x264 | 480p | 450MB |

         

| Bluray | x264 | 720p | 850MB |

        

| Bluray | x264 | 720p | 950MB |

         

| Bluray | x265 | 720p | 560MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Princess and the Matchmaker (2018) Aka Gung-hab | ඉඩෝරයට පිණි බිඳක්

  • October 13, 2018 at 12:43 pm
    Permalink

    Venom 2018 තාම පරක්කු ඇයි ෴

    Reply
    • October 13, 2018 at 4:27 pm
      Permalink

      parakku?? oct 04 ne premiere uneth

      Reply
      • October 13, 2018 at 8:15 pm
        Permalink

        Ok i’ll be patient for venom 2018. Then can you give the Robin hood 2018 the new one please ?

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!