The Flash [S05 : E01] | මම තමයි XS…

ඉතින් මිත්‍රවරුනි කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපි අන්තිමටම ෆ්ලෑෂ් කතාවෙන් මුණගැහුනේ මේ අවුරුද්දේ මැයි මාසයේ. මාස හතරකටත් වැඩි කාලයක් දන්නේම නැතුව ගෙවිලා ගිහින්. අපි ආයෙත් මේ සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාව සමඟ එකතුවෙන්න. එහෙනම් අපි හතරවෙනි කතා මාලාව පොඩ්ඩක් මතක් කරගෙනම අලුත් කතාව පැත්තට හැරෙමු. දැන් අමතකත් ඇතිනේ මොකද උනේ කියලා ?

කලින් කතාමාලාවේ ලොකුම මාතෘකාව තමයි ඩෙවෝයි එහෙම නැත්නම් තින්කර්. එයාට වඩා වැඩ්ඩෙක් හිටියේ නැහැනේ. ෆ්ලෑෂ් එයා ඉදිරියේ අනන්ත වාරයක් පැරදුනා. මෙටා විශාලා ප්‍රමාණයක් එයාට බිලිවුනා. ඉතින් ඩෙවෝයිට ඕන උනේ මුළු ලෝකයේම ඉන්න අයගේ මේ මතකය මකලා දාලා එයාට ඕන විදියට හදන්න. ඉතින් ඒකට එයා කරපු වැඩේ ඔයාලා දකින්න ඇතිනේ. මොන ජගතාට උනත් වරදින වෙලාවක් එනවා. ඉතින් ඩෙවෝයි අන්තිමේ ෆ්ලෑෂ්ට පැරදුනා. අනික් මෙටාලාට බේරෙන්න බැරි උනත් රැල්ෆ්ට නම් අන්තිමේ බේරෙන්න පුලුවන් උනා.

ඉතින් ඊලඟ කාරණය තමයි ඩෙවෝයිගේ අවබෝධත්වය කරන වෙලාවේ සැටලයිට් විනාස කරන්න ෆ්ලෑෂ් ගියපු වෙලාවේ එයා කිව්වා ඒක කලේ තනියම නෙමෙයි කියලා. ඒකතමයි එතන එයාගේ උදව්වට තව ස්පීඩ්ස්ටර් කෙනෙක් හිටියා. මේ කෙනා බෙරිගේ කසාදය උන දවසේ ඉඳන්ම එහෙන් මෙහෙන් පේන්න හිටියා. එයා තමයි නෝරා. හතරවෙනි කතාමාලාව අවසානයේ නෝරා ඇවිත් සේරම විස්තරේ කියනවා. ඉතින් බලන් ගියාම නෝරා කියන්නේ බෙරි සහ අයිරිස්ගේ දුව. එයා අනාගතේ ඉඳන් ඇවිත් තියෙන්නේ.

ඉතින් මේ නෝරා අනාගතේ ඉඳන් ඇවිත් තියෙන්නේ මොකටද? ෆ්ලෑෂ්ට ඩෙවෝයි පරද්දන්න උදව් කරන්නද? ෆ්ලෑෂ්ට උදව් නම් කලා, ඒත් ඊටපස්සේ මොකද වෙන්නේ? එයා අනාගතේ ඉඳන් ආපු එකෙන් කාල රාමුවට හානියක් වෙන්නේ නැද්ද? ඒක අන්තිමේ ලොකු ප්‍රශ්නයක් වෙයිද කලින් ෆ්ලෑෂ්ට උනා වගේ? මේවා දැවෙන ප්‍රශ්න ? ඔය සේරටම උත්තර අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

 

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 300MB |

Direct Download

| HDTV | x264 | SVA | 315MB |

| HDTV | x264 | 480p | 190MB |

| HDTV | x265 | 720p | 230MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “The Flash [S05 : E01] | මම තමයි XS…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!