WarGames (1983) | හැක් කරන්න ගිහින් වෙච්ච හදියක්…

ඉතිං යාළුවනෙ, මන් අද අරන් ආවෙ හැක් කිරීම සම්බන්ධ සලෙරුවක්. අම්මෝ….මේ උපසිරස හදද්දී මට වෙච්ච කරදරනම් හතුරෙක්ටවත් වෙන්න එපා. මේ මාසෙ මුල තියන්න තිබ්බ ප්‍රායෝගික විභාගය කල් ගියපු නිසයි මේක කරන්න හිතුවෙ. භාරගෙන කිරන්න ගියාම තමා තරු පෙනුනෙ! Virus Guradඑක පැන්සල Bock කරලා. අඩු තරමෙ ආයෙ බාගන්නවත් දෙන්නෙ නෑ. මොනව කරන්නද?Practical කරන අතරෙ unicode වලින් හරිම අමාරුවෙන් අකුරු ඇමිනුවා. එච්චර මහන්සි වෙලා කරපු උපසිරසිය save කරන්න කලියෙන් කොම්පියුටරේ ක්‍රියා විරහිත වෙලා පේලි 250ක් විතර ආයෙ ගහන්න වුණා.

ඔය මදෑ මගෙ දුක් අඳෝනා ඇහුවා. දැන් බහිමු කතාවට. WarGames කියන්නෙ 1983, ඒ කියන්නෙ සීතල යුද්ධෙ කාලෙ හදපු සලෙරුවක්. පැයයි විනාඩි 54ක් පුරා දිවෙන මේ ෆිලුම Mystery/Science Fiction වර්ගයට අයිති වෙන්නෙ.මනුස්සයෝ මිසයිල යැවීම ප්‍රතිකේෂ්ප කරන නිසා මිසයිල යවන්න පරිගණක පද්ධතියක් හදුන්වලා දෙනවා. ඒකට තනියම ඉගනගන්න පුලුවන්, එක්තරා විදිහක කෘතිම බුද්ධියක්. ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක් ගේම් එකක් අපර ද්වාරයකින් (Back door) හැක් කරන්න ගිහින් වැරදිලා ඇමරිකාවෙ NORD එකේ ඒ මිසයිල යවන පද්ධතියක් හැක් කරලා. ඉතිං කොළුවා game එකක් කියලා හිතලා “න්‍යෂ්ටික යුද්ධය” කරමු කියනවා. T.V. එකේ ගියාම තමා කොල්ලට තේරුනේ game එකේ තරම. FBI එකෙන් ඇවිල්ලා කොල්ලව NORD එකට අරන් යනවා. කොලුවට ඒ කෘතිම බුද්ධියක් තියෙන, තනියම ඉගනගන්න පුලුවන්, කොම්පියුටරේ ගැන හොද අවබෝධයක් තියෙනවා. ඒත් NORD එකේ අතිපණ්ඩිතයො කොල්ලා කියන දේ ගනන් ගන්නෙ නැතුව වැඩේ තවත් අනනවා.

මේ මහා විනාශයෙන් ලෝකෙ බේරගන්න පුලුවන් වෙයිද? කවුරු බේරගනියිද? කොහොමද? ඒක දැනගන්න නම් ඔයාලට ෆිලුම බලන්නම වෙනවා.

මේ ෆිලුම ආර්ථිකව අති සාර්ථක වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 12ක් වැය කරලා හදපු මේ ෆිලුම මාස පහකින් ඇමරිකාවෙ හා කැනඩාවෙ දර්ශනවාර වලින් විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 79ක් හොයලා තියෙනවා. ඇකඩමි සම්මාන 3කටත් නාම යෝජනා වෙලා තියෙනවා. එහෙනම් ඉතින් ෆිලුමෙ තරම තේරෙනවා ඇතිනෙ

පරිගණක ගැන ලියවෙන සගරාවක තිබ්බ විස්තර දැකලයි මම මේ ෆිලුම තෝරගත්තෙ.ඒකෙ හැටියටනම් මුලින්ම හැක් කියන සංකල්පය හදුන්වලා දුන්න ෆිලුම් වලින් එකක් තමා මේක. මේ ෆිලුම තිරගතවීමත් එක්ක හැකර්වරු විශාල පිරිසක් බිහිවෙලා. Backdoor hacking ගැන ගොඩදෙනෙක් මේ ෆිලුමෙන් අවබෝධයක් ලබාගෙන! පත්තරේ විස්තරේ හැටියට මේ ෆිලුම තිරගත කරපු අවුරුද්දෙම තරුණයෝ 6 දෙනෙක්ව පරිගණක 60 කට ඇතුළුවීමේ වරදට හිරේට දැම්මලු! එයලා න්‍යෂ්ටික අවි සම්බන්ධ පද්ධතියකුත් හැක් කලාලු. ෆිලුමෙ ඉන්න කොලුවා CLI තියෙන කාලෙත් හැක් කලානම් ඊට වඩා සෑහෙන්න දියුණු තාක්ෂණයක් තියෙන පරිගණකවල හිමිකාරයෝ වෙන අපි ඒවගෙන් මොනවද කරන්නෙ? ෆිලුම පරණ වුනත් හැකින් වලට ආසා අයට මේ ෆිලුම බලන්න මම ආරාධනා කරනවා.

“Thermonuclear War is a strange game.The only winning move is not to play.”

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 825MB |

Direct Download

| Bluray | x264 | 720p | 825MB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!