Imaikkaa Nodigal (2018) | ලේ පිපාසිත වියරු ඝාතකයා!

මේ ලෝකේ සිද්ධවෙන හැම හොඳ දෙයකම, පොඩි හරි නරකක් තියෙනවම තමයි. ඒ වගේම තමයි, මේ ලෝකේ සිද්ධවෙන හැම හොඳ හෝ නරක දෙයකම, ඒ වගේම, හැම ක්‍රියාවක් පසුපසම, “කැමැත්තක්” තියෙනවා. මේ කැමැත්ත එක එක දේවල් වලට ඇති වෙන්න පුළුවන්. ගෑණු ළමයින්ට… රත්තරන් වලට… පදවි තානාන්තර වලට… කීර්තිය ලබාගැනීමට… මත්පැන් පානය කරන්න, ආගම වෙනුවෙන්… මේ වගේ ගොඩක් දේවල් වෙනුවෙන්. එතකොට, ඔයාට කැමැත්ත ඇති වුනේ මොනවා වෙනුවෙන්ද? තව ටිකක් සරල කරලා අහන්නම්. ඔයාට කැමැත්ත ඇති වුනේ හොඳ දෙයක් වෙනුවෙන්ද? නැත්නම්, නරක දෙයක් වෙනුවෙන්ද? එහෙමත් නැත්නම්, සාමාන්‍ය දෙයක් වෙනුවෙන්ද? නැත්නම් අසාමාන්‍ය දෙයක් වෙනුවෙන්ද? කතාවක් තියෙනවා, කවුරුහරි කෙනෙක් මොකක්හරි දෙයක් කැමැත්තෙන් කරනවා නම්, ඒ දේ සීයට සීයක්ම නිවැරදිව කරනවා කියලා. නිකමට හිතලා බලන්නකෝ, කාටහරි නරක දෙයක් වෙනුවෙන් කැමැත්තක් ඇති වුනොත් කොහොමට තියේවිද? කතා දෙකක් නැහැ, ඒ කෙනා ඒ කැමැත්ත ඇතිවෙච්ච නරක වැඩේ සීයට සීයක්ම නිවැරදි ආකාරයෙන් කරාවි!

රුද්‍රා! අනිත් හැමෝටම එක එක විදියේ “කැමති” ඇතිවෙද්දී, මේ රුද්‍රට තිබුනේ පුදුමාකාර කැමැත්තක්. මරන්න! මිනිස්සු මරලා දාන්න වියරු රුද්‍රගේ හිතේ තියෙන්නේ පුදුමාකාර කැමැත්තක්… පුදුමාකාර ආසාවක්! තමන්ගේ හද පතුලෙන්ම පැන නැගපු ආසාවකින් මිනිස්සු මරපු රුද්‍රා, ඒ කර්තව්‍යය සීයට සීයක්ම නිවැරදි ආකාරයෙන් ඉටුකලා යැයි කිව්වොත් ඒ මුසාවක් නෙමෙයි. සැබවින්ම, අහන කෙනාගේ ඇඟේ හිරිගඬු පිරිලා, පිළිකුලක් ඇතිවෙන ආකාරයට මිනිස්සු මරලා දාන්න රුද්‍රා දැක්වූවේ පුදුමාකාර සහජ දක්ෂතාවයක්! පුදුමාකාර කුසලතාවක්!

රුද්‍රා මතුවෙන්නේ කොහෙන්ද,
එතන තියෙන CCTV කැමරා අක්‍රිය වෙනවා!
රුධිරය වැඩි කාලයක් පුරාවට ගලාගෙන යන්න,
රුධිරය කැටි ගැසීම සඳහා බෙහෙතක් එන්නත් කරලා,
ශරීරයේ මුළු රුධිරයම එලියට ගලා එන්න සලස්වලා,
අදාළ පුද්ගලයා මැරෙන ආකාරය නරඹමින්,
කුරිරු සතුටක් ලබනවා!
මළ සිරුරේ ඇඟිලි සලකුණු නැහැ!
DNA සලකුණු නැහැ!
පැහැරගත් තැනැත්තා ඝාතනය කරන්න කලින්,
කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලුවත්,
සල්ලි නෙමෙයි රුද්‍රගේ අරමුණ.
මිනිසුන් බිහිසුණු ආකාරයෙන් ඝාතනය කරමින්,
ඔවුන් මැරෙන ආකාරය දෙස බලමින් කුරිරු සතුටක් ලැබීම.
රුද්‍රා කියන්නේ එක්තරා ආකාරයක,
අතිශය භයානක මානසික රෝගියෙක්!

මෙන්න මේ විදියට තමයි රුද්‍රා කියන බිහිසුණු, වියරු ඝාතකයා ගැන කෙටියෙන් හැඳින්වීමක් කරන්න පුළුවන්. ඊට අමතරව, ඔහු සතු අතිශය සූක්ෂම බුද්ධි මහිමය සහ උපායශීලීත්වය නිසා දක්ෂතම බුද්ධි අංශ නිලධාරීන්ට හෝ ඔහු කොටුකර ගැනීම අතිශය දුෂ්කර කර්තව්‍යයක් වුණා. මොකද කියනවා නම්, තාක්ෂනය උපරිම ආකාරයෙන් භාවිතා කරපු ඒ රුද්‍රා, පොලීස් නිලධාරීන්ගේ ඊළඟ පියවර කුමක් වේවිද කියලා පොලිස් නිලධාරීන්ටත් කලින් අනුමාන කරලා, ඒ අනුව තම සැලසුම් නිර්මාණය කරපු අතිශය සූක්ෂම අපරාධකාරයෙක්. හිතාගන්නවත් බැරි විදියට මිනිස්සු මරලා දාපු කෛරාටික ඝාතකයෙක්.

නමුත්, මේ සියලු කරුණු කාරණා පසුපස අදහාගත නොහැකි කාරණාවක් තිබෙනවා. ඒ තමයි, වසර පහකට පෙරාතුව ඝාතනය කරන ලද රුද්‍රා නමැති බිහිසුණු ඝාතකයා තමයි මේ ආකාරයෙන් නැවත කරලියට පැමිණ, නැවතත් බිහිසුණු ආකාරයෙන් ඝාතන රැල්ලක් නිර්මාණය කරනු ලබන්නේ. මේ සියලු කරුණු කාරණා පසුපස ඇති වැළලී ගිය සත්‍යයේ අඳුරු සෙවණැල්ල කුමක්ද? වසර ගණනාවකට පෙර මියගිය බිහිසුණු ඝාතකයෙක් නැවත පැමිණෙන්නේ කෙසේද? බුද්ධි අංශ නිලධාරීන්ට වඩා ගව් ගණනාවක් දුර දක්නා නුවණක් සහිත විචක්ෂණශීලී, කෛරාටික, මානසික රෝගී ඝාතකයෙකු නීතියේ රැහැනට කොටු කරගන්නේ කෙසේද?

දමිළ සිනමාවේ සුපර් ස්ටාර් කියලා කිව්වාම රජිනි ඛාන් කියලා නොදන්නා කෙනෙක් ඉන්න බැහැ. එතකොට, දමිළ සිනමාවේ “ලේඩි සුපර් ස්ටාර්” කියලා කිව්වම “නයන්තරා” කියලත් නොදන්නා කෙනෙක් ඉන්නවා නම් වෙන්න බැහැ. එදා මෙදා තුර දකුණු ඉන්දීය සිනමාවේ, කාන්තාවක් ලබාගත් ඉහලම ජනප්‍රියත්වය තමන් සන්තක කරගනිමින්, දකුණු ඉන්දීය සිනමාවේ අංක එකේ නිළිය ලෙස විරාජමානව වැජඹේන්නාවූ නයන්තරාගේ නවතම සිනමා සිත්තම තමයි මේ ආකාරයෙන් ඔබවෙත රැගෙන එන්නෙ. අවසානයට තිරගත වූ චිත්‍රපට කීපය සඳහාම “බ්ලොක්බස්ටර්” ලේබලය අලවගන්න සමත් වෙච්ච නයන්තරා, Action, Thriller, Mystery, Crime යන කාණ්ඩ යටතේ, 2018 වර්ෂයේඅගෝස්තු 29 වෙනිදා මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් කරන ලද ඇයගේ නවතම සිනමා සිත්තම, Imdbදර්ශකයේ 7.9 ක දැවැන්ත අගයක් සමගින්, නැවතත් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා කළඹවමින්, දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුල තමන්ගේ ආධිපත්‍යට කුරා කුහුඹුවෙකු තරම් හෝ හානියක් සිදුකිරීමට තරම් ජගතෙකු නොමැති බවට නැවත වතාවක් ලොවටම හඬගා පැවසුවා. නයන්තරා කියන චරිතය ගැන විශේෂයෙන්ම කියනවා නම්, ප්‍රධාන නළුවෙකු නොමැතිව, සිය චිත්‍රපටය සඳහා බ්ලොක්බස්ටර් ලේබලය අලවන්න හැකියාව සහිත අතිශය සීමිත ඉන්දීය නිලියන් කීපදෙනාගෙන් ඉහලින්ම වැජඹේන්නාවූ චරිතයක් වෙනවා.

ඒ වගේම, ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රය ගත්තාම, අනුරාග් කාශ්‍යප් කියන නාමය ඔබට නුහුරු නුපුරුදු එකක් වෙන්න නම් බැහැ. විටෙක ඔහු රචකයෙක්, විටෙක ඔහු නිෂ්පාදකයෙක්, තවත් විටෙක ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදියට ඉන්දීය සිනමාව තුල ජය කෙහෙළි නංවා අවසානයි. ඔන්න එහෙනම් ඔබට බලාගන්න පුළුවන්, නළුවෙක් විදියට අනුරාග් කාශ්‍යප් කොහොමද ඉන්දීය සිනමාව තුල සිය ආධිපත්‍ය පතුරුවන්නේ කියලා. ඔහුත් සමගින්, දමිළ සිනමාවේ තවත් පතාක යෝධයෙක් වෙන, Atharvaa Murali ප්‍රධාන රංගන දායකත්වයක් සපයනු ලබනවා. ඊට අමතරව, තමන්ම ආවේනික රංගන කෞශල්‍යකින් සමස්ත දමිළ සිනමාවම සිය අණසකට යටත් කරගමිනින් සිටින Vijay Sethupathiමෙම සිනමා නිර්මාණය සඳහා තීරණාත්මක ආරාධිත රංගනයකින් සමස්ත චිත්‍රපටයම ඒකාලෝක කරනු ලබනවා.

ඉන්දීය සිනමාවේ දැවැන්තම චරිත හතරක් එකම චිත්‍රපටයක් තුලින්! හිතාගන්නකෝ චිත්‍රපටය මොන විදියට ඇතිද කියලා. ඒ වගේම තමයි, එදා මෙදා තුර දමිළ සිනමාවෙන් නිෂ්පාදනය කරන ලද දරුණුම, බිහිසුනුම, බුද්ධිමත්ම, සූක්ෂම ප්‍රති-වීර චරිතයක් ඔබට මෙම සිනමා නිර්මාණය තුලින් දැකබලා ගැනීමට අවස්තාව ලැබෙනවා. චිත්‍රපටය අවසානයේ ඔබට හිතුනොත්, වීරයාට වඩා දුෂ්ඨයා වැඩ පෙන්නුවා නේද කියලා, සැබවින්ම ඔබත් එක්ක මාත් එකඟ වෙනවා. සැකයක් නැහැ, කාලෙකින් බලාගන්න වරම් ලැබෙන මට්ටමේ ප්‍රබලම ප්‍රති-වීර චරිතයක් ඔබට බලාගන්න හැකියාව ලැබේවි.

එහෙනම්, කිසිම විදියකින් මගහැර ගන්න නම් එපා. ආරම්භක තත්පරයේ ඉඳලා අවසානය වෙනකම් ඉහලට ගත්ත හුස්ම ටික පහලට දාන්නේ නැතුව නරඹන්න පුළුවන් මට්ටමේ සිනමා නිර්මාණයක් කියලා වගකීමෙන් කියනවා. අරගන්න, නරඹන්න, රසවිඳින්න!

ප.ලි. – උපසිරැසිකරණය සඳහා උපකාර කළ දහරා මුතු අමා සොයුරියට විශේෂ ස්තුතිය!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDRIP | x264 | ESub | 710MB |

Direct Download

| HDRIP | x264 | ESub | 250MB |

    

| HDRIP | x264 | ESub | 400MB |

         

| HDRIP | x264 | ESub | 700MB | 

         

| HDRIP | x264 | 720p | 1.4GB |

        

| HDRIP | x265 | 720p | 900MB |

        

| HDRIP | x265 | 1080p | 1.9GB |

    

 

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Imaikkaa Nodigal (2018) | ලේ පිපාසිත වියරු ඝාතකයා!

  • October 13, 2018 at 12:08 pm
    Permalink

    download link not working

    Reply
    • October 13, 2018 at 8:37 pm
      Permalink

      matath ehema una wage.

      Reply
  • October 16, 2018 at 6:03 pm
    Permalink

    Meke 700mb video eka download karata unzip wenne ay e

    Reply
  • October 18, 2018 at 4:02 pm
    Permalink

    400mb video eka. pahadele made, sound nam hodai

    Reply
    • October 25, 2018 at 12:33 am
      Permalink

      400mb eka nm clear na tamai
      deparak down krnna una
      e unta ehema krpu eka watinawa
      patta filumak

      Reply
  • October 25, 2018 at 12:31 am
    Permalink

    kaalekin blapu supirima supiri film ekk
    thnx bn

    Reply
  • October 30, 2018 at 12:15 pm
    Permalink

    nayantharage aluth film eka KOLAMAVU KOKILA ekatath link ekaak denna…

    Reply

Leave a Reply to fauwaaz Cancel reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!