Constantine: City of Demons (2018) | ලොස්ඇන්ජලීස් යක්ෂ විමානය සහ කොන්ස්ටන්ටින්..
කතාව ආරම්භයේම දැකගන්න පුළුවන් ජෝන් කොන්ස්ටන්ටින්ගෙ අතීත සිදුවීමක් පෙන්නනවා.. කොන්ස්ටන්ටින් මානසික රෝහලක ඉන්නෙ. එයාගෙ හොදම යාළුවා වෙන චැස් එයත් එක්ක ඉන්නවා. ඉතින් මේ සිද්ධියෙන් පටන් ගන්න කතාව පාදක වෙන්නෙත් චැස්ගෙ දුව ට්රිෂ් වටා. අවුරුදු ගානකට පස්සෙ චැස් කොන්ස්ටන්ටින්ව හොයාගෙන එනවා. ඇවිත් කියනවා තමන්ගෙ දුව ට්රිෂ් අභිරහස් විදිහකට කෝමා තත්වයකට පත්වෙලා කියලා. ඒකට හේතුව අදුරු මායාව කියලත් කියනවා.. ඉතින් කොන්ස්ටන්ටින් යනවා ට්රිෂ්ව පරික්ෂා කරලා බලන්න.
ට්රිෂ්ව පරික්ෂා කරලා බලද්දී කොන්ස්ටන්ටින්ට දැනගන්න ලැබෙනවා ට්රිෂ්ගෙ ආත්මය හොරකම් කරලා කියලා. ඉතින් ඒ ගැනත් වැඩිදුර හොයලා බලද්දී ආත්මය හොරකම් කෙරුව කෙනා කොන්ස්ටන්ටින්ට ආරාධනය කරනවා ලොස්ඇන්ජලීස්වලට ඇවිත් මුණගැහිලා යන්න කියලා.. ඒ අනුව චැස් සහ කොන්ස්ටන්ටින් දෙන්නම යනවා ලොස්ඇන්ජලීස්වලට. එහෙදි සිද්දවෙන්නෙ හරි අමුතු දේවල්. ඉතින් අදාළ තැනට ගිහිල්ලා බැලින්නම් එතන ඉන්නෙ බරූල් කියලා ආත්ම හොරකම් කරලා බලවත් වෙන යක්ෂයෙක්. මේ යක්ෂයා ජෝන් කොන්ස්ටන්ටින්ට යෝජනාවක් කරනවා එයා වෙනුවෙන් වැඩ කරන්න කියලා. ඒ වගේම කොන්ස්ටන්ටින්ට පවරන රාජකාරිය වෙන්නෙ තව යක්ෂයින් පස්දෙනේක්ව විනාශ කරලා දාන එක.. ඒ විදිහට තමයි කොන්ස්ටන්ටින්ට ට්රිෂ්ව බේරගන්න තියෙන්නෙ.
ඒ වගේම දැකගන්න පුළුවන් කොන්ස්ටන්ටින්ගෙ අතීතයේ අදුරු මතකයක් වෙලා තියෙන ඇස්ට්රාට හැබෑවටම වෙච්ච දේ… ඒ වගේම ඒකට සම්බන්ධ වුන යක්ෂයා නෙගාල්ව එහෙමත් මේ චිත්රපටියෙන් දැකගන්න ලැබෙනවා. කොන්ස්ටන්ටින්ට යක්ෂයන්ව පරාද කරන්න උදව් කරන තව අය එහෙමත් ඉන්නවා.
හොදයි එහෙනම් මේ ටික විතරක් ඇති වෙයි. කතාවේ සාරාංශයක් වගේ තමයි මෙතන කියලා තියෙන්නෙ.. එහෙමනම් කට්ටියම බාගෙනම බලලා ඉන්නකෝ.. යළි ඉක්මනින්ම උපසිරසියකින් හමුවෙමු. ඔබ සැමට ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| Bluray | x264 | 720p | 750MB |
Direct Download
| Bluray | x264 | 480p | 300MB |
| Bluray | x264 | 720p | 600MB |
| Bluray | x264 | 720p | 750MB |
| Bluray | x265 | 720p | 400MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)