The Scythian AKA Skif (2018) | අවසාන ප්‍රහාරකයා ලුටබෝර්

ඔන්න යාලුවනේ සුපුරුදු පරිදි තවත් බයිස්කොප් එකකින් ඔබව හමුවෙන්න ආවා. මේක රුසියානු බයිස්කොප් එකක්. ඒ වගේම ඔයාලා හැමෝම වයිකින්ග් බලලා ඇති නේ. මේක ඒ වගේ සටන් ජවනිකා වලින් සමන්විත බයිස්කොප් එකක් කිව්වොත් වඩා නිවැරිදි වේවි. ඒ වගේම මේක කිසිම කම්මැලිකමක් නැතිව එක හුස්මටම නැරඹීමට හැකි බයිස්කොප් එකක්. ඒ වගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා . ඒක imdb දර්ශකයේ සටහන් වෙන්නෙ 6.2 විදිහට.මේකට ලැබුනු අගයෙන්ම ඔයාලට තේරෙනවා ඇති නේ මේක සුපිරියක් කියලා. එහෙනම් වැඩි කථා නැතිව මේකේ ස්ටෝරිය කෙටියෙන් දැනගෙන ඉමු.

මේක රුසියාවේ යම් කොට්ඨාසයක් සිද්ධ වුන බල අරගලයක් කිව්වොතින් වඩා නිවැරිදියි. දරුණු පාලකයෙක් සිටිනවා ලෝඩ් කියලා ඒ වගේම ඔහුට ඉතාමත්ම දක්ෂ රණශුරයෙක් සිටියා. ඔහු ගේ නම ලූටබෝර්. ලූටබෝර් ලෝඩ් ගාව ඉන්න නිසා කිසිම කෙනෙකුට ලෝඩ් ලඟට යාමට හැකියාවක් තිබුණේ නැහැ. කොහෙමෙන් කොහොම හරි ඉතා රහසිගතව ලෝඩ්ව මරලා දාලා, ඔහුගේ තැන ලබා ගැනිමට රහසිගත සැලසුමක් ක්‍රියාත්මක වුනා. ඔහු ඒක ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ අතර වාරයේ ලූටබෝර්ගේ නිවසට දාමරිකයන් කොටසක් කඩා වැදිලා ඔහුගේ බිරිඳවයි පුතාවයි පැහැරගෙන යනවා. දාමාරිකයන් කිව්වට ඔවුන් රත්‍රන් වලට මිනී මරන කූලිඝාතකයින්. ඒ වගේම සටන් වලට විශේෂිත හැකියාවක් තියෙන පිරිසක්. ලූටබෝර්ට ලිපියක් ඒ ලිපියත් එක්ක වස වගයක් හම්බ වෙනවා. ලිපියේ තියෙන්නෙ බිරිඳවයි පුතාවයි පණපිටින් ආපසු ඕන නම් ලෝඩ්ට වස දිලා මරලා දාන්න කියලා. එතනින් එහාට මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ. ලූටබෝර් තමන්ගේ බිරිඳවයි පුතාවයි වෙනුවෙන් තමන්ගේ ස්වාමියාට වස ලබාදේවිද කියන එක. ඒ වගේම සිතියන් අර මම කලින් කිව්ව කූලි ඝාතයන්ගෙන් තමන් ගේ බිරිඳවයි පුතාවයි බේරගන්න පුලුවන් වේවිද කියන එක. මේ බයිකොප් එක ඇතුලේ තවත් සිදුවීම් කිහිපයක්ම වෙනවා. ඒ ගැන මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ. එහෙම වුනොත් ඔයාලට මේකේ රසස්වාදය වගේම කුතුහලය අඩුවෙන නිසා.

තව පොඩි දෙයක් තියෙනවා. ලූටබෝර් පුතාවයි බිරිඳවයි බේරගන්න යන්නෙ සිතියන්ලගේ හොදම සටන්කරුවත් සමඟ. මාර්ටීන් එක්ක එකතු වෙලා. ඒ වගේම ලූටබෝර්ගේ ස්වාමියා ඔහුගේ හිස ගෙනත් දෙන කෙනෙකුට විශාල ත්‍යාගයකුත් නියම කරනවා. එහෙනම් තවත් බයිස්කොප් එකක් අරගෙන එනකම් මම ගොහින් එන්නම් !!!!


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 

Torrents Download

|  Bluray | x264 | 720p| 920MB | YIFY

Direct Download

| Bluray | x264 | 480p | 420MB | 

        

| Bluray | x265 | 480p | 310MB | 

    

| Bluray | x264 | 720p | 920MB | YIFY

    

| Bluray | x265 | 720p | 570MB | 

    

| Bluray | x264 | 1080p | 1.7GB | 

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!