Srinivasa Kalyanam (2018) | සාම්ප්‍රදායිකව විවාහයක් කරන්නෙ මෙහෙමයි…

ආයුබෝවන් සියලු දෙනාටම. ටික දවසකට පස්සෙ අලුත් තෙලිඟු ෆිල්ම් එකකට සබ් කරන්න හිතුව. 2018 අගෝස්තු 9 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට මේ වෙනකොට 5.9IMDb අගයක් ලැබිල තියෙනව. අපි සාමාන්‍යයෙන් තෙලිඟු ෆිල්ම් එකක් බලද්දි ඔයාල දැකල ඇති ඉන්දියාවෙ විවාහයකදි මොන මොන සිරිත් විරිත්ද තියෙන්නෙ කියල. මේ ෆිල්ම් එකෙන් අපිට කියල දෙන්නෙත් සාම්ප්‍රදායික ක්‍රමයට ඉන්දියාවෙ තෙලිඟු අය විවාහයක් කරන්නෙ කොහොමද කියල. මේ ෆිල්ම් එක  Drama/Romance හැටියට තමයි වර්ග කරල තියෙන්නෙ. ඒ කියන්නෙ මේකෙ ඇක්ෂන් සීන් එහෙම නම් නැහැ. ඒත්  හොද තේරුමක් තියෙන ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්. ආදර කතා බලන්න කැමති අයට බලන්න හොද ෆිල්ම් එකක් මේක.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වලට රගපාන්නෙ තෙලිඟු ෆිල්ම් බලන අපි කවුරුත් දන්න Nithin සහ Raashi Khanna. ඒ වගේම Nandita Swetha, Rajendra Prasad, Prakash Raj කියන අයත් මේ ෆිල්ම් එකේ සෙසු චරිත වලට රඟපානව. මේ ෆිල්ම් එකට අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නෙ Satish Vegesna. හරි කතාව පැත්තට හැරුනොත්.

එක පැත්තකින් සම්ප්‍රදායට ගරු කරන, හොද හැසිරීමක් තියෙන කෙනෙක් තමයි වාසු(නිතින්) කියන්නෙ. අනිත් පැත්තෙන් ව්‍යාපර තමන්ගෙ ජීවිතේ කරගෙන ඉන්න, හැමදේම ව්‍යාපාරයක හැටිය දකින ලොකු ව්‍යාපාරිකයෙක් තමයි RK(ප්‍රකාශ් රාජ්) කියන්නෙ. වාසු ආදරය කරන්නෙ මේ RK ගෙ දුවට. ඒ කියන්නෙ ශ්‍රීට. ඉතින් මෙයාලගෙ විවාහෙ සිද්ද වෙන්නෙ කොහොමද, ව්‍යාපාර ඇරෙන්න වෙන කිසි දේකට තමන්ගෙ කාලය වැය නොකරන ශ්‍රීගෙ තාත්ත, RK මේ විවාහෙ කොහොම සිද්ද කරයිද, කියල බලාගන්න ෆිල්ම් එක බලන්න කියල මම ආරාධනා කරනව. තෙලිඟු අයගෙ විවාහ ගැන අපි නොදන්න ගොඩක් දේවල් මේ ෆිල්ම් එකෙන් ඔයාලට දැන ගන්න පුලුවන් වෙයි.

 


 

Torrent Download

| HDRIP | x264 | Esub | 690MB |

Direct Download

| HDRIP | x264 | ESub | 250MB |

| HDRIP | x264 | ESub | 400MB |

| HDRIP | x264 | ESub | 700MB |

| HDRIP | x264 | 720p | 1.4GB |

| HDRIP | x265 | 720p | 890MB |

| HDRIP | x265 | 1080p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!