Boarding School (2018) | අද්භූත නේවාසික පාසල

ඔන්න කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන් ආවා. පෞද්ගලික හේතුවක් නිසා මේකට සබ් කරන්න ගොඩක් පහු උනා. ඒකට සමාවෙන්න ඕන. ඉතිං මේ පාර ගෙනාවේ අමුතු, බය හිතෙන,නොහිතන අවසානයක් සහිත ෆිලුමක්. ජේකබ් කියන්නේ තම පියා අහිමි තමාගේ මව සහ සුළු පියා සමඟ ජීවත් වෙන ළමයෙක්. ජේකබ් සුළු දේකිනුත් බය වෙන නින්දෙනුත් හීනෙන් බය වෙන සංවේදී කෙනෙක්. දිනක් ඔවුන්ට ආරංචි වෙනවා ඔහුගේ මවගේ මව, ඒ කියන්නේ ජේකබ්ගේ ආච්චි මියගොස් ඇති බවට එම අවමංගල්‍යයට සහභාගි වන  ජේකබ්ට තම මිත්තනිය පිළිබඳ අමුතු තොරතුරු ආරංචි වෙනවා. ඒ අතර ඔහුගේ මිත්තනියට අයත් ඇඳුම් පැලදුම් හා අනෙකුත් සියල්ලමත් ඔහුගේ මවට හිමිවෙනවා. එයින් පසු කාලය ගත වෙද්දි ජේකබ්ගේ හැසිරීම් එන්න එන්නම වෙනස් වෙනවා. මේ නිසා ඔහුගේ මව සහ සුළු පියා තීරණය කරනවා ටික කලකට ජේකබ්ව නේවාසික පාසලකට ඇතුලත් කරන්න. මේ නේවාසික පාසලේ ප්‍රධානියා වෙන්නේ ඩොක්ටර් ශර්මන් කියලා කෙනෙක්. ඒ වගේම  මුළු පාසලටම ඉන්නේ ශිෂ්‍යයන් 7දෙනෙක් විතරයි. අනික මේ ළමයිත් සාමාන්‍ය ළමයි නෙමෙයි මේක බලද්දි ඔයාලට ඒක තේරුම් යයි. පළමු දවසේ ඉඳන්ම ජේකබ්ට මේ පාසලේ අමුත්තක් තේරෙනවා. මේ ගැන වැඩි දුර විස්තර සොයද්දි ගොඩක් අසාමාන්‍ය සිදුවීම් මාලාවක් සිදුවෙනවා. ඇත්තටම මේක මොන වගේ පාසලක්ද? ජේකබ්ට මොනවා වෙයිද? ඇත්තටම ඩොක්ටර් ශර්මන් කියන්නේ කවුද? ඒ ටික දැන ගන්න නම් මේක නරඹන්නම වෙනවා. මේක සාම්ප්‍රදායික තේමාවෙන් බැහැර උන වෙනස්ම චිත්‍රපටයක් බව කියන්න පුළුවන්. ඒ වගේම අපි කොහෙත්ම නොහිතන උඩුයටිකුරු අවසානයක් තමයි මේ සලරුවේ වෙන්නේ.

2018 අගෝස්තු 31 ප්‍රදර්ශනය ආරම්භ කරන ලද මෙම සිත්තම 5.6 IMDb අගයක් ලබා ගැනීමටත්,කුණු තක්කාලි මීටර්යේ 38% ක් ලබා ගනීමටත්, ගූගල් පරීශීලක මනාප 80%ක් ලබා ගැනීමටත්  සමත් වෙනවා. Mystry/Horror යන කාණ්ඩ වලට අයත් මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ  Boaz Yakin විසිනුයි. ජේකබ් ලෙස Luke Prael විසිනුත්, දොස්තර ශර්මන් ලෙස Will Patton විසිනුත්, Nadia Alexander පිල් ලෙසත් සම්බන්ධ වෙනවා. ඒ වගේම උපසිරැසි නිර්මාණය සඳහා මේ සලරුව සොයා  දුන් සිසිල ප්‍රසාද් අයියටත් ස්තූතිවන්ත වෙනවා. ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා….!


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 

Torrents Download

|  WEB | x264 | 720p| 950MB | YIFY

Direct Download

| WEB | x264 | 480p | 450MB | 

        

| WEB | x264 | 720p | 950MB | 

    

| WEB | x265 | 720p | 710MB | 

    

| WEB | x264 | 1080p | 1.7GB | 

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!